දරුවාගේ පෞරුෂත්වයට අනුකූල ලෙස දෙමවුපියන් ලෙස කටයුතු කළ යුතු ආකාරය

 

දරුවන් එක් අයකුට වඩා සිටින මවක් නම් දරුවන් සෑමවිට එකිනෙකා හා සමාන ලක්ෂණයන් නොපෙන්වන බව ඔබට මේ වනවිටත් වැටහෙනවා ඇති. විශේෂයෙන් එකම දෙමවුපියන් යටතේ සමාන පරිසරයක ඇතිදැඩි වුවත් දරුවන් එකිනෙකාට වෙනස් වූ ආකාරයකින් ජීවිතයට මුහුණ දෙනවා. උදාහරණ ලෙස ඔබගේ එක් දරුවකු නිහඬ ලැජ්ජාශීලි ගති පැවතුම් පිළිඹිබු කරන අතර අනෙක් දරුවා අන් අය සමග සබඳතා පවත්වන කෙළිලොල් ගති ඇත්තෙකු විය හැකියි. එක් එක් දරුවා ජීවිතය කෙරෙහි ප්රවිශ්ඨ වන ආකාරය සෑමවිටම සමාන නොවන අතර එකිනෙකාගෙන් වෙනස් වෙනවා. 

ඒ නිසා එක් දරුවකුභාවිතා කරනු ලබන උපක්රමයන් අනෙක් දරුවා සම්බන්ධයෙන් ඵලදායි නොවන බව ඔබ ඉක්මණින් වටහාගනු ලබන අතර සම්බන්ධව ඔබ තුළ යම් කළකිරුණු ව්යාකූල හැඟීම් ඇතිවිය හැකියි. ඔබට යම් කිසි පුරෝකතනයක් අවශ් විය හැකියි

දරුවන් ඇතිදැඩි කිරීම සම්බන්ධයෙන් වන අවාසනාවන්ත තත්ත්වය වන්නේ ඔබට කිසි දෙයක් කලින් පුරෝකතනය කළ නොහැකි වීමයි. දරුවන් ඇති දැඩි කිරීම අපහැදිලි, සංකීර්ණ සහ නිරතුරුව වෙනස් වන සුලු තත්ත්වයක්. නමුත් දෙමවුපියන් ලෙස වඩාත් සාර්ථක වීමට නම් දරුවන්ගේ පෞරුෂත්වයන් ගැන වන ප්රවේශයන් වෙනස් කළ යුතු වෙනවා. 

 

දරුවාගේ පෞරුෂත්වය කෙරෙහි අනුගත වීම

වැඩිහිටියන් තුළ සේම දරුවන් තුළද එකිනෙකා හට ආවේණික වූ පෞරුෂත්වයන් තිබෙනවා. ඇතැම් විට කුළෑටි, මිත්රශීලි එසේත් නොමැතිනම් වඩාත් හුදකලාව ප්රිය කරන ආදි ලෙස එක් එක් දරුවන්ගේ පෞරුෂත්වය වර්ග කළ හැකියි. විශේෂයෙන් ඔබට දරුවන් එක් අයකුට වඩා සිටින්නේ නම් ඔබට සෑම දරුවකුගෙන්ම එකම ආකාරයේ පෞරුෂත්ව ලක්ෂණ දැකියි නොහැකියි. එක් එක් දරුවාට ආවේණික වන පෞරුෂත්ව රටාව ඔබ හඳුනා ගත යුතු අතර වඩාත් සාර්ථක සබඳතාවයකට ඔබ එයට අනුගත වීමත් වැදගත් වෙනවා. 

 

දරුවාගේ පෞරුෂත්වය කෙරෙහි අනුගත වීමඅනුගමනය කළ හැකි සරල පියවර කිහිපයක්

 

1. දරුවාගේ පෞරුෂත්වය ගැන ඉගෙන ගන්න 

දරුවාට වඩා හොඳ මවක හෝ පියකු වීමට නම් ඔබේ දරුවා කුමන ආකාරයේ දැයි යන්න ගැන ඔබට අවබෝධයක් තිබීම වැදගත් වන අතර එයට ඔබ දරුවාගේ පෞරුෂත්වය ගැන අධ්යනය කිරීම වැදගත් වෙනවා. එයට ඇති සුදුසුම ක්රියාමාර්ගය වන්නේ යම් කාලසීමාවක් ඔබගේ දරුවා ගැන අධ්යනය කිරීමයි

එවිට ඔබට දරුවා අන් අය සමග සුහදශීලි ලෙස හැසිරෙන දරුවකුද එසේ නොමැතිනම් හුදකලාව සිටීමට කැමති දරුවකුද නැතිනම් මධ්යස්ථ හැසිරීම් ඇත්තෙක්ද යන්න ගැන ඔබට තේරුම් ගැනීමට හැකියාව ලැබෙනවා

එමෙන්ම දරුවා කුමන ආකාරයේ ක්රියාකාරකම්වල නිරතවනවාද ඔහු හෝ ඇය ප්රීතිවන ආකාරයන් යම්කිසි ගැටළුකාරි හෝ කළකිරීම ඇතිවූ විට එය දරාගන්නා ආකාරය සහ දරුවාගේ ශක්ති මට්ටම ආදි සියල්ල ගැන අවධානය යොමුකිරීමෙන් ඔබට වඩාත් සාර්ථක ලෙස දරුවාට මගපෙන්විය හැකියි

 

2. කවුරුන්ද යන්න ඇගයීමට ලක් කරන්න

දරුවා සෑමවිටම ඔබ බලාපොරොත්තු වන ආකාරයේම චරිතයක් වීම සිදුනොවේ. උදාහරණ ලෙස ඔබට ක්රීඩා තරුවක් අවශ් වුවත් දරුවා පොත් කියවීම හෝ සංගීතයදක්ශතා පෙන්විය හැකියි. නැතිනම් දරුවා තුළ ඔබගේ චරිත ස්වභාවයන් ඔබගේ දක්ශතා ආදිය නොවීමට ඉඩ තිබෙනවා. නමුත් ඔහු හෝ ඇය තුළ වන ඔවුන්ට ආවේණික වූ දක්ශතා සහ හැකියාවන් ගැන නිතර සිතන්න, අගය කරන්න

 

3. දරුවාගේ පෞරුෂත්වය ගැන සහ කම්පනය පවත්වාගෙන යන්න

 ඇතැම් විට දරුව තුළ වන යම් යම් පෞරුෂත්ව ලක්ෂණයන් කෙරෙහි ඔබ කළකිරීමට හෝ අකමැති වීමට ඉඩ තිබෙනවා. ඔබ ඉතා ක්රියාශීලි වුවත් ඔබේ දරුවා අලස ගති පැවතුම් ඇත්තෙකු විය හැකියි. එසේ නොමැති නම් ඔබ සමාජ ආශ්රය වඩාත් ප්රිය කළත් ඔබේ දරුවා හුදකලාව ප්රිය කරන්නකු විය හැකියි. ඒ නිසා ඇතැම් අවස්ථාවල මෙම නොගැලපීම් ඝට්ටනයන් වලටද හේතුවනවා

එවිට මවක හෝ පියකු ලෙස ඔබ දරුවාගේ කෝණයෙන් බැලීමට හුරු වීම වැදගත් කරුණක්. දරුවා මත අනවශ් පීඩනයක් එල්ල කරනවාට වඩා දරුවාගේ ගති ස්වභාවය කෙරෙහි අවබෝධයකින් කටයුතු කිරීමෙන් ගැටීම් මගහරවා ගත හැකියි

 

විවිධ පෞරුෂයන් සහිත දරුවන් ලෙස දෙමවුපියන් ලෙස හැසිරෙන ආකාරය

1. සංවේදි පෞරුෂත්වයක් සහිත දරුවන්

ඔවුන් අවට ලෝකය ගැන දැඩි ලෙස සැලකිලිමත් වන අතර බොහෝ විට ඔවුන් ඉක්මණින් වේදනාවට පත් වෙනවා. 

විටක නිහඬව කාලය ගත කිරීමට සහ අන් අයඇහුම්කන් දීම වඩාත් ප්රියකරනවා

ඔවුන්ට වඩාත් සුරක්ෂිතභාවයක් සහ ආරක්ෂාවක් නිතර අවශ් වෙනවා. 

 

මෙවැනි ලක්ෂණ සහිත දරුවන් සමග කටයුතු කිරීමේදි දෙමවුපියන් ලෙස ඔබ වඩාත් සැලකිලිමත් විය යුතු අතර අදහස් දැක්වීමේ ඉතා ප්රවේශම් වීම වැදගත් වෙනවා. මන්ද යත් ඔවුන් ඉක්මණින් දේවල් හිතට ගන්නා අතරම පහසුවෙන් කළකිරීමට හෝ වේදනාවට පත්වනවා. ඉක්මණින් සංවේදි වීම ඔවුන්ගේ පෞරුෂත්වය දුර්වල කරන බැවින් ඔවුන් බල ගැන්වීම ඔබට සූක්ෂමව සිදුකිරීමද වැදගත් වෙනවා. 

 

2. අධිෂ්ඨානශීලි පෞරුෂත්වයක් සහිත දරුවන්

උපතින්ම නායකත්ව ගුණාංග රැගෙන පැමිණ ඇති අතර අධිෂ්ඨානශීලි සහ ස්වාධීන ගති පැවතුම් සහිත වෙනවා. 

ඉගෙනීමට හා දේවල් ඉටු කර ගැනීමට උපන් හපන්කමක් ඇති මෙම දරුවා ඇතැම්විට අභියෝගයක් එල්ල කිරීම ප්රිය කරන්නෙක් විය හැකියි

 

ඇතැම් අධිෂ්ඨානශීලි පෞරුෂත්වයක් සහිත දරුවන් විටක මුරණ්ඩු රළු, කලහකාරි ගති ස්වභාවයන් පෙන්නුම් කළත් ඔවුන්ට අවශ් ප්රමාණයට ක්රියා කිරීමේ නිදහස ලබාදීම තුළින් ඔබ දෙපාර්ශවයම තුලනය කරගත හැකිවනවා. සෑමවිටම දරුවා උනන්දු කිරීම සහ අගය කිරීම කළ යුතු අතර යම් හෙයකින් ඔවුන් අසමත් වන අවස්ථාවලදී ඔවුන් අගය කර නැවත නැගී සිටීමට ඔබගේ සවිය ලබාදීම වැදගත් වෙනවා. 

 

3. විනෝදයට කැමති ආදරණීය පෞරුෂත්වයක් සහිත දරුවන්

නිතර ප්රීතියෙන් සහ සැහැල්ලුවෙන් සිටීමට ප්රියකරනවා

සමාජිශිලි ගති පැවතුම් ඇත්තෙක්

ඔවුන් වෙත නිතර අවධානය අවශ් වෙනවා. 

 

දෙමවුපියන් ලෙස මෙම දරුවන්ගෙ මෙම ධනාත්මක ගති පැවතුම් ගැන අවධානයෙන් පසුවිය යුතු අතර දරුවාට ප්රීතිමත් වීමට අවශ් අවස්ථාවලදී දරුවාගෙ මට්ටමට ඔබ පැමිණිය යුතු අතර දරුවා හික්මවීමට වඩාත් රළු නොවන සැහැල්ලු පියවරයන් අනුගමනය කරන්න. මෙවැනි පෞරුෂත්වයක් සහිත දරුවන් නිතර සතුටින් සිටීමට ප්රිය කරන අතර ඔබට ඔවුන් නිවැරදි කරගනිමින් පහසු ගමනක් යාමට හැකියි

 

4. බරපතල ලෙස සිතන දරුවන්

මොවුන් සෑම දෙයක් ගැනම බැරෑරුම් ලෙස සිතන අතර තර්කානුකූල, ස්වාධීන, අවධානය යොමු කරන ස්වභාවයක් සහිතයි

සාමාන්යයෙන් විශ්වාසයෙන්, අධ්යනයෙන් හා විශ්ලේෂණාත්මකව කටයුතු කිරීම ප්රිය කරයි

දරුවා අලුත් දේ ඉගෙන ගැනීමට කැමති අතර පවුලේ ප්රාඥයා වෙනවා. 

 

මෙවැනි දරුවන් සමග කටයුතු කිරීමේදි සෑමවිටම ඔවුන්ගේ සිතුවිලි සහ අදහස් බැරෑරුම් ලෙස සැලකිය යුතු අතර ඔවුන්ට පැවසීමට ඇති දේ ගැන අවධානය යොමුකළ යුතුයි. ඔබ ඔවුන්ගේ අදහස් සමග එකඟ නොවන අවස්ථාවලදී එය දරුවාට වටහාගත හැකි අයුරින් පවසන්න. ඔවුන් හා කටයුතු කිරීමේදි තර්කානුකූල වීම අත්යවශ් අතර උදාහරණ ලෙස ඔබ යමක් කිරීමට නියම කරනවාට වඩා එය කිරීමේ වැදගත්කම වටහා දීම වඩාත් ඵලදායි වෙනවා. 

 

5. අධි ජවයකින්යුතු දරුවන්

ක්රියාකාරකම් සහ උත්තේජනයන් ඇති වන අවස්ථා වලදී මොවුන් වඩාත් හොඳින් කටයුතු කිරීම

කාලසටහනකට අනුව ක්රියා කිරීමට ඉඩහැරීමෙන් වැඩි ප්රතිලාභ ළඟා කර දිය හැකියි

 

මෙවැනි ආකාරයේ පෞරුෂත්වයක් සහිත දරුවන් සමග කටයුතු කිරීමේදි දෙමවුපියන් ලෙස ව්යූහාත්මක හා ආරක්ෂිත පරිසරයන් තුළ කටයුතු කිරීමට හැකි වාතාවරණයක් සැකසීම වැදගත් වෙනවා. දරුවාගෙ ශක්තිය නිසිපරිදි යොමු කිරීමට ඉඩ හැරීම කළ යුතු අතර එසේ නොවුණහොත් ඔවුන් කටයුතු අවුල් කරගැනීමේ ඉඩකඩ වැඩි වෙනවා. ඒ නිසා වඩාත් සැලසුම් සහගත කාල රාමුවකට අනුව කටයුතු කිරීමට ඉඩ සලසා දීම වැදගත් වෙනවා. 

 

තම දරුවාගේ පෞරුෂත්වය හඳුනාගෙන අනුව කටයුතු කිරීමට දෙමවුපියන් තුළ ඉවසීම සහ අප්රතිහත ධෛර්යය තිබීම අවශ් වන අතර ඔබ ඇතැම් අවස්ථාවල සාර්ථක ඵල නෙළාගනු ඇති අතර ඇතැම් අවස්ථාවලදී අසාර්ථක වීමට ඉඩ තිබේ. එවැනි අවස්ථා පැමිණි විට ඔබ ඔබටම කාරුණික විය යුතුයි

 

දෙමවුපියන් වීම කිසිවිටකත් සුමුදු මල් ඇතිරූ මාර්ගයක් දිගේ ගමන් කිරීමක් නොවන අතර එය විටක විවිධ වූ දුශ්කරතාවයන් වලට මුහුණ දෙමින්, ගිරි දුර්ග සහිතව කඳු හෙල් තරණය කරමින් යා යුතු චාරිකාවක්. ක්රියාශීලීව දරුවන් වෙත අවධානය යොමුකරමින්, ගෞරවණීයව සහ ආදරයෙන් කටයුතු කිරීම තුළ වඩාත් සාර්ථකව ජීවිතයට මුහුණදෙන ප්රීතිමත් සහ සාර්ථක දරුවකු ඔබටත් ගොඩනැගිය හැකියි