මවක්/ පියෙක් වූ විට ජීවිතය වෙනස් වන ආකාර 10ක්

දරුවා ලැබුණු පසු ඔබ ගෙවූ ජීවිතයේ විශාල වෙනස්කම් සඳහා ඔබට විශේෂයෙන්ම හුරු වෙන්න සිද්ධ වෙනවා. ඔබ මවක හෝ පියෙකු වූ විට ඔබේ දරුවාගේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඔබ ස්වයංක්‍රීයව හුරු වෙනවා. අද baby and me අපි දෙමාපියෙකු වීම මත ඔබේ ජීවිතය වෙනස් වෙන්නෙ කොහොමද කියන එක සොයා බලන්න හිතුවා.

 

පරක්කු වෙලා නැඟිටීම් තවදුරටත් නෑ

ඔබේම ජීවිතය ඔබේ දරුවාගේ ජීවිතයට මුළුමනින්ම ගලපගෙන ජීවත් වෙන්න වෙන නිසා දරුවා නිදාගන්න වෙලාවට නිදාගන්නත් ඇහැරෙන වෙලාවට ඇහැරෙන්නත් ඔබට සිද්ධ වෙනවා. පරක්කු වෙලා නැඟිටිනව වගේ සුඛෝපභෝගී කාලයක් තවදුරටත් ඔබට උරුම නෑ.

 

රාත්‍රී සාද නෑ 

ඒ වගේම ඔබ දෙමාපියෙකු වූ පසු රාත්‍රි සාදවලට යෑමට ඇති ඉඩකඩ අඩුයි. ඔබේ දරුවාට නිදා ගැනීමට අවශ්‍ය නිසා ඔබ නිශ්චිත වේලාවකට ආපසු ගෙදර පැමිණිය යුතුයි. ඔබ අලුත් අම්මෙක් තාත්තෙක් නම්, අලුත් බබාගෙ කිරි ඉල්ලීම්, නිදි වර්ජන වගේ දේවල් නිසා රාත්‍රි කාලයේ සාද වලට වැය කරන්න ශක්තියක් ඉතුරු වෙන්නෙත් නෑ. 

 

සෞඛ්‍ය සම්පන්න ආහාර ගැන සිතන්න වෙනවා 

ඔබ පසුගිය අවුරුදු ගණනාවක් තිස්සේ කොච්චර ක්ෂ්ණික ආහාර, මේද අධික ආහාර කෑවද කියන එක තවදුරටත්  ගැටළුවක් නෙමෙයි. දරුවෙක් ලැබුණට පස්සෙ පුංචි පැටියගෙ අවශ්‍යතා එක්ක ඔබට අනිවාර්යයෙන් සෞඛ්‍ය සම්පන්න ආහාර පාන රටාවකට හුරුවෙන්න සිද්ධ වෙනවා. මේ පුරුද්ද ඔබට කොයිතරම් හොඳින් ඇති කරගන්න පුළුවන්ද කියනවා නම් ලේබල් කියවා බඩු මිලදීගන්නත් කෙටි කලකින්ම ළමා ආහාර ගැන විශේෂඥ දැනුමක් ලබාගන්නත් ඔබට හැකි වෙනවා.

 

සමීපභාවය 

දරුවෙකු ලැබීමෙන් පස්සෙ ඔබ සහ සැමියා අතර ආදරබර මොහොතවල් වල සැලකිය යුතු ලෙස අඩුවක් ඇතිවෙනවා. සැමියාත් ඔබත් රැකියාවෙ වගේම දරුවාගේ වැඩ කටයුතු නිසා වෙහෙසට පත්වෙනවා. ඉතින් මින් ඉදිරියට ආදරබර මොහොතවල් කියන්නෙ දරුවා සහ සැමියා එක්ක තුරුලු වෙලා ගත කරන මොහොතවල් වලටයි. 

 

මළ මූත්‍රා තව දුරටත් අප්‍රසන්න අත්දැකීමක් නෙවෙයි 

බබාගෙ සොටු, කෙළ සෙම, මුත්‍රා සහ මළපහ කිරීම කාලයාගේ ඇවෑමෙන් ඔබට හැසිරවීමට පුරුදු වෙන්න වෙනවා. මේවා පිළිකුල් සහගත ලෙස සලකපු කාලය ඔබට එහෙම්පිටින්ම අමතක වෙලා යයි. නැපි මාරු කරන එක ඇත්ත වශයෙන්ම ජීවිතය වෙනස් කරන අත්දැකීමක්.  

 

ඔබේ චිත්‍රපටවල රසය වෙනස් වෙනවා 

3D චිත්‍රපටි, ඇනිමේශන් සහ කාටූන් චිත්‍රපට වලට ඔබේ රසය මාරු වෙනවා. ඒ වගේම ළමා චිත්‍රපට සහ ඔබේ ප්‍රියතම රූපවාහිනී නාලිකා ලිස්ට් එකට දැනුම සහ කාටූන් නාලිකා ඇතුළත් වෙනවා. ත්‍රාසජනක සහ ක්‍රියාදාම චිත්‍රපට අතීත මතකයන් විතරයි.

 

ඔබේ මිතුරු කවය වෙනස් වෙයි

ආරම්භයේදීම ඔබට එය ඒ තරම් නොදැනුණත් ක්‍රම ක්‍රමයෙන් ඔබේ මිතුරු කවයට අනෙක් දෙමවුපියන් සම්බන්ධ වෙනවා. ලිංගිකත්වය සහ නවතම විලාසිතා ගැන කතා අරන මිතුරන් ඒලියන්ලා වගේ පේන්න ගන්නත්, ඩයපර් සහ ළදරු ආහාර ගැන කතා කරන්න පුළුවන් අලුත් මිතුරන් ඇති කරගන්නත් නොදැනුවත්වම පෙළඹෙනවා.

 

ඔබ ඔබ ගැනම පුදුම වේවි

ඔබේ දරුවා කෙරෙහි ඔබට දැනෙන ආදරය සහ ආරක්‍ෂාව පිළිබඳ අධික හැඟීම් ඉවත් කරන්න බැහැ. කෙටි කාලයක් තුළදී ඔබේ ජීවිතයේ පළමු තැන ලැබෙන්නේ ඔබේ දරුවටයි. ඉතින් ඔබ තුළ සිදුවූ වෙනස ගැන ඔබම පුදුමයට පත් වෙනවා නිසැකයි.

 

ළදරු සාප්පු සවාරි

ඔබ සහ ඔබේ සහකරු සමග නිවාඩුවක් ගත කිරීම හෝ ඇඳුම් සහ සපත්තු සඳහා තවදුරටත් මුදල් වැය කරන්නේ නැහැ. දැන්, ඔබට ලැබෙන ඕනෑම අමතර මුදලක් ඔබේ දරුවන් වෙනුවෙන් යමක් මිලදී ගැනීම සහ ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා ඉතිරි කිරීම වෙනුවෙන් වෙන් කෙරෙනවා. ළදරු සාප්පු සවාරි වලට දැන් වඩා ප්‍රමුඛතාවයක් දෙනවා.

 

සතුට අසීමිතයි

නින්ද නොයන රාත්‍රීන් සහ අසීමිත ඩයපර් වෙනස් කිරීම් වැනි අමාරු අවස්ථා වලට මූණ දුන්නත්, ඔබට නිතරම ප්‍රීතියක් දැනෙනවා. ඔබේ දරුවා ඔබේ පවුල සම්පූර්ණ කර, ඔබ සිහින මැවූ වටිනා ප්‍රීතිමත් අවස්ථාවන් ඔබට ලබාදෙනවා. දරුවෙකු ඔබේ ජීවිතයට ගෙනෙන සතුට වෙන කිසිම දෙයකට සමාන කරන්න බැහැ.