Hysterosalpingography පරීක්ෂාවක් සිදුකරන්නේ ඇයි සහ එයට බලපාන හේතූන් මොනවද කියල දැනගන්න

Hysterosalpingography යනු කාන්තාවන්ගේ ගර්භාෂය සහ පැලෝපීය නාල ගැන පරීක්ෂාවට යොදාගනු ලබන එක්ස් කිරණ පරීක්ෂණාවලියක් වන අතර මෙමගින් ගර්භාෂය සහ පැලෝපීය නාලවල ඇතුළාන්තය ගැන වීඩියෝ සටහනක් ලබාදෙනු ලබනවා. uterosalpingography ලෙස සහ fluoroscopy ලෙසද හඳුන්වනු ලබනවා

 

Hysterosalpingography පරීක්ෂාවක් සිදුකිරීමට හේතුකාරක

කාන්තාවන් තුළ ඇතිවන ප්රජනන ගැටළු සහ ගර්භණී තත්ත්වය සඳහා වන සංකූලතා ඇතිවු විට මෙම හිස්ටෙර්සැල්ග්රැපි පරීක්ෂාව සිදු කිරීමට වෛද්යවරුන් නියම කරනු ලබනවා. මෙම පරීක්ෂණය මගින් පහත කරුණු ගැන අවබෝධය ලබාගැනීම සිදුවනවා

 

ගර්භාෂයේ හැඩය සහ ව්යූහය

පැලෝපිය නාල කොතරම් දුරට විවෘත වී ඇතිද

ගර්භාෂය සහ උදර කුහරය තුළ සිදුරු ඇතිවීම

ගබ්සාවීම ගැන පරීක්ෂාවට

 

එසේම ගර්භාෂයේ පහත දැක්වෙන යම් අසමානතාවක් ඇත්දැයි පරීක්ෂාවට

පැලෝපීය නාල ඇලී ඇත්දැයි පරීක්ෂාවට

පටක වල අසාමාන වැඩීමක් (ගෙඩියක්)

ගර්භාෂයේ ෆ්රයිබොයිඩ්

 

Hysterosalpingography පරීක්ෂාව පහත සඳහන් ශල්යකර්මයන් සිදුකිරීමට පෙර සහ පසුවත් සිදුකරනු ලබනවා

පැලෝපීය නාල අවහිර වී ඇතිවිට

යම්කිසි හේතුවකින් අවහිර වූ පැලෝපිය නාලයන් නැවත විවෘත කිරීමේදී

යම් ආසාදනයක් හේතුවෙන් පැලෝපීය නාල අවහිර වු විට

නාල සම්බන්ධකරනය (Tubal ligation) 

 

HSG පරීක්ෂාව නුසුදුසු වන්නේ කාටද?

ගර්භණී තත්ත්වයේ පසුවන හෝ පහත කුමන හො කරුණක් සහිත කාන්තාවන් මෙම HSG පරීක්ෂාව සඳහා සුදුසු වන්නේ නැහැ

යෝනීය ආශ්රිත ආසාදන සහිත වීම

අධික ලෙස යෝනිය තුළින් රුධිර වහනය සිදු වේනම්

ප්‍රතිකාර නොකරන ලද ලිංගිකව සම්ප්රේෂණය වන රෝගයක් ඇතිවිට

මෑතකදී යම්කිසි ආසාදනයක්, යම්කිසි රෝගී තත්ත්වයක් සඳහා වෛද් ප්රතිකාර ලබාගන්නා අයෙක් නම්

 

HSG පරීක්ෂාව සඳහා සුදානම් වන ආකාරය

මාසික ඔසප් වීමෙන් සතියකට පසු ඩිම්භ නිකුත් වීමට පෙර මෙම HSG පරීක්ෂාව සිදුකරනු ලබන අතර පහත පරිදි සූදානම් විය යුතුයි

 

පරීක්ෂණයට පෙර දින මෘදු විරේකයක් ලබාගැනීමට උපදෙස් දෙනු ලබන අතර මෙමගින් බඩවැල් පිරිසිදු කරනු ලබනවා

පර්‍යේෂණය සිදුකරන කාලසීමාව තුළ යම් ශාරිරීක අපහසුතාවක් හෝ වේදනාවක් ඇතිවීම වැළැක්වීමට වේදනා නාශකයක් ලබාදෙනු ලබනවා

ඔබ පැළඳ සිටින ආභරණ, ඇස් කණ්නාඩි හෝ දත්වලට ලෝහ තහඩු පැළඳ සිටිනවා නම් ඒවා ඉවත් කිරීමට උපදෙස් ලබාදෙනවා

පර්යේෂණාගාරයට යාමට පෙර සඳහා විශේෂයෙන් ඇති ඇගළුමක් ඇඳීම

පර්යේෂණය අතරතුර යෝනි මාර්ගය තුළට සහ අවට පෙදෙසට ආලේප කරනු ලබන ආලේපන ඔබගෙ සමට ආසාත්මික වනවා නම් ගැන එක්ස් කිරණ කාර්මික ශිල්පියාට දැනුවත් කළ යුතුයි

 

HSG පරීක්ෂාව අතරතුර සහ ඉන්පසුව ඔබට දැනෙන ආකාරය

HSG පරීක්ෂාව අතරතුර සහ පරීක්ෂණයෙන් පසුව පහත දැක්වෙන සුලු අපහසුතා ඇතිවන අතර එය සාමාන් තත්ත්වයක් ලෙසයි සලකන්නේ

යෝනි මාර්ගයෙන් සුලු රුධිර වහනයක් සිදුවීම

කැක්කුම 

සුලු කරකැවිල්ල හෝ ක්ලාන්ත ස්වභාවයක්

උදරයේ වේදනාව

 

හදිසි තත්ත්වයක් හෝ වෛද්යවරයා ඇමතිය යුතු වන්නේ කවර අවස්ථාවකදීද?

HSG පරීක්ෂාව යනු අවම අවධානමක් සහිත පරීක්ෂණයක්. කෙසේ නමුත් ඇතැම් විට සමහර කාන්තාවන්යෝනිය ආශ්රිත ආසාදන, තුවාල වීම වැනි සංකූලතා ඇතිවිය හැකියි. එමනිසා පරීක්ෂණයෙන් පසු පහත රෝග ලක්ෂණ තිබේ නම් වෛද් උපදෙස් ලබා ගැනීම වැදගත් වනවා

 

වමනය

උදරයේ ඇතිවන අධික වේදනාව සහ කැක්කුම

ක්ලාන්තය

යෝනියෙන් දුර්ගන්ධය සහිත ශ්රාවයක් පිටවන්නේ නම්

උණ හෝ සීතල

යෝනී මාර්ගයෙන් අධික ලේ වහනය

කැසීම හෝ වෙනත් ආසාදන

හුස්ම ගැනීමේ සහ ගිලීමේ අපහසුව

 

HSG පරීක්ෂණයෙන් අත්වන ප්රතිලාභ

අවම බලපෑමක් සහිත වීම

පර්‍යේෂණය සඳහා විනාඩි 30ත් 45ත් අතර කෙටි කාලසීමාවක් පමණක් ගත වීම

ඇතැම් විට මෙම පර්‍යේෂණය මගින් අවහිර වූ පැලෝපීය නාල නැවත විවෘත වීම සහය වීම

අතුරු ආබාධ අවම වීම

 

HSG පරීක්ෂණයෙන් හඳුනා ගැනීමට නොහැකි ක්ෂේත්‍ර මොනවාද?

ගර්භාෂ බිත්ති, ඩිම්භ කෝෂ සහ ශ්රෝණි ව්යූහයේ පවතින අසමානතා හඳුනා ගැනීමට මෙම පර්යේශනයෙන් නොහැක

ගර්භණීභාවය අහිමි කරන හේතූන් සියල්ලම අනාවරණය කරගැනීමට නොහැකි වීම

 

HSG පරීක්ෂණය වෙනුවට සිදුකරනු ලබන විකල්ප පරීක්ෂණ මොනවාද?

 

  1. ලැපරොස්කොපි පරීක්ෂාව (Laparoscopy ) – සාමාන් නිර්වින්දන ක්රමයක් භාවිතා කර සිදුකරනු ලබන සුලු ශල්යකර්මයක්.
  2. හිස්ට්රස්කොපි පරීක්ෂාව (Hysteroscopy ) – ගර්භාෂයේ අභ්යන්තරය පරීක්ෂාවට යොදාගනු ලබන පරීක්ෂණයක්.
  3. සොනොහයිස්ට්රස්කොපි පරීක්ෂාව (Sonohysterography) – ගර්භාෂයේ ඇතුළත පරීක්ෂා කිරීමට යොදාගනු ලබන අල්ට්රා සවුන්ඩ් පරීක්ෂාවක්. නමුත් මෙමගින් පැලෝපීය නාලයේ අවහිරතා ගැන තොරතුරු ලබා ගැනීමට නොහැකියි

 

 HSG පරීක්ෂාව බොහෝ විට කාන්තාවගේ ප්රජනන ගැටළු සහ වඳභාවය සම්බන්ධ ගැටළු නිරීක්ශණය සඳහා වෛද්යවරුන් නිර්දේශ කරන පර්‍යේෂණ ක්රමයක්. ඔබට යම් ගැටළුකාරි තත්ත්වයක් තිබේ නම් එයට පෙර වෛද්යවරයා හමු වී උපදෙස් ලබා ගැනීම වැදගත් වනවා