තිබහට කූල්ම කූල් අයිස් කොෆී එකක රස බලමු

තිබහ වෙලාවට කූල් එකේ මොනව හරි බොන්න තියෙනව නම් කියල හිතෙනවනෙ. ඔන්න එහෙනම් ලොක්කොන්ට පොඩ්ඩොන්ට හැමෝටම රස බලන්න අයිස් කොෆී හදන්නෙ මෙහෙමයි.

 

අයිස්ඩ් කොෆී

අවශ්‍ය ද්‍රව්‍ය

  1. ඉන්ස්ටන්ට් කෝපි තේ හැඳි 2 (උදා: නෙස්කැෆේ)
  2. වැනිලා බින්දු කීපයක්
  3. සීනි තේ හැඳි 2
  4. උණු වතුර මේස හැඳි 2
  5. අයිස් කියුබ් 4-5
  6. ශීතක​ළ කිරි කෝප්ප 1

 

  • මුලින්ම කොෆී පව්ඩර් වලට සීනි සහ උණුවතුර දාලා දිය කරගන්න.
  • දැන් බ්ලෙන්ඩර් එකට අයිස් කැට දාලා ඒකට කිරි ටික එකතු කරලා තප්පර 10ක් බ්ලෙන්ඩ් කරගන්න. 
  • දැන් මේකට කෝපි මිශ්‍රණය දාගෙන හොඳට බ්ලෙන්ඩ් කරගන්න. වැනිලා එකතු කරල කලවම් කරන්න.
  • ග්ලාස් එකට දාගෙන කැමති නම් උඩින් චොක්ලට් සිරප් වක්කරගන්න.