ප්‍රතිශක්තිකරණය සහ ගැබ් ගැනීම ගැන කලින් දැනගන්න

ගර්භණී සමයේදී ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වෙනදාට වඩා ස්වාභාවිකවම දුර්වල මට්ටකට පත් වෙනවා. මේකෙන් අදහස් කරන්නේ ඔබ සහ ඔබේ වර්ධනය වන දරුවාට හානිකර වෙන්න පුළුවන් ඇතැම් ආසාදන හා රෝග වලට ද ඔබ ගොදුරු වෙන්න පුළුවන් කියන එකයි. සරල පෙර උපායමාර්ග කිහිපයක් අනුගමනය කිරීමෙන් ඔබට සහ ඔබේ දරුවාට මෙම සෞඛ්‍ය ගැටලු ඇතිවීමේ අවදානම අවම කර ගන්න පුළුවන්. මේ ලිපිය ඒ ගැනයි…

 

ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම කියන්නේ ඔබ සහ ඔබේ දරුවා ගර්භණී කාලයේදී ඇතැම් ආසාදනවලින් ආරක්ෂා කර ගැනීම සඳහා භාවිතා කරන සරල හා ඵලදායී ක්‍රමයක්. ඒ වගේම ගැබ් ගැනීමට පෙර ඔබ හෝ ඔබේ නූපන් දරුවා තුළ ඇති වෙන්න පුළුවන් රෝග වලින් ආරක්ෂා වෙලා ද කියලා පරීක්ෂා කරන්නත් එය වැදගත් වෙනවා.

 

ටෙටනස් සහ පෝලියෝ වගේ රෝග සඳහා මෙන්ම ගර්භණී කාන්තාවන්ට වැළඳෙන හෙපටයිට් බී, සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා, චිකන්පොක්ස්, කක්කල් කැස්ස සහ ඉන්ෆ්ලුවෙන්සා ආදී රෝග තත්ත්ව වලටත් එරෙහිව ප්‍රතිශක්තිය ලබා ගැනී​ම අත්‍යාවශ්‍යයි. 

 

ගර්භණී සමයේදී මෙම එන්නත් සියල්ලම නිර්දේශ නොකරන නිසා ගර්භණී  වෙන්න කලින් මෙම එන්නත් ලබා ගැනීමට වෛද්‍ය උපදෙස් හරහා සියලුම කාන්තාවන්ව දිරිමත් කරනවා.

 

කෙසේ වෙතත් ඔබ ගර්භණීභාවයට පත් වෙන්න කලින් මෙම එන්නත් ලබා ගැනීමට ඔබට නොහැකි වුණා නම් ගර්භණී සමයේ දෙවන හා තුන්වන ත්‍රෛමාසිකයේදී පර්ටුසිස් (pertussis) ස​හ ඉන්ෆ්ලුවෙන්සා සඳහාත් අනෙක් රෝග සඳහා දරුවා ඉපදුණු පසුවත් එන්නත් ලබාගත හැකියි. මෙම සියලුම එන්නත් මව්කිරි දෙන මව්වරුන්ට ද ලබා දෙන්න පුළුවන් අතර එ​සේ ප්‍රතිශක්තිය ලබා ගැනීමෙන් මෙම රෝගාබාධ ඔබේ දරුවාට සම්ප්‍රේෂණය වීමේ සම්භාවිතාව අඩු කරවනවා.

 

ගැබ් ගැනීමට පෙර එන්නත්

සරම්ප, කම්මුල්ගා​ය සහ රුබෙල්ලා

ගර්භණී සමයේදී රුබෙල්ලා ආසාදනය වීම කියන්නේ බරපතල උපත් ආබාධ ඇති කරවන තත්ත්වයක්. ඔබ 1966 වසරෙන් පස්සේ උපත ලබපු කාන්තාවක් නම් සම්පූර්ණ ආරක්ෂාව සඳහා ඔබට booster එන්නතක් අවශ්‍ය වෙන්න පුළුවන්. මෙය ඔබේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න අවශ්‍යයි. ඔබ ගැබ් ගැනීමට තීරණය කරනවා නම් මෙම එන්නත ලබාගෙන සති 4 කට පසුව ගැබ් ගැනීමට උත්සහ කරන ලෙස වෛද්‍යවරු රෙකමදාරු කරනවා.

 

චිකන්පොක්ස් (varicella)

ගර්භණී සමයේදී චිකන්පොක්ස් ආසාදනය වීම කියන්නෙත් ඔබ හා ඔබේ නූපන් දරුවා තුළ දරුණු රෝගාබාධ ඇති කරන්න පුළුවන් රෝගී තත්ත්වයක්. සරල රුධිර පරීක්ෂාවකින් ඔබට මෙම ආසාදනයට ප්‍රතිශක්තියක් ලබා ගන්න ඕනේද කියලා තීරණය කරන්න පුළුවන් . ඔබ ආරක්ෂා වුණේ නැත්නම් සම්පූර්ණ ප්‍රතිශක්තිය සඳහා එන්නත මාත්‍රා දෙකක් ලබා ගැනීම ගැන ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. ඔබ ගැබ් ගැනීමට තීරණය කරනවා නම් මෙම එන්නත ලබාගෙන සති 4 කට පසුව ගැබ් ගැනීමට උත්සහ කරන ලෙස වෛද්‍යවරු රෙකමදාරු කරනවා.

 

නියුමොකොකල් (Pneumococcal)

දුම් පානය කරන්නන් සහ නිදන්ගත හෘද රෝග, පෙනහළු රෝග, වකුගඩු රෝග හෝ දියවැඩියාව ඇති අය සඳහා Pneumococcal මගින් ඇති වන බරපතල රෝගවලින් ආරක්ෂා වීම සඳහා මෙම ප්‍රතිශක්තිකරණය නිර්දේශ කෙරෙනවා.

 

Travel vaccinations

ගර්භණී සමයේදී වෙනත් රටකට යාමට අවශ්‍ය වුණාම ලබා ගන්න අවශ්‍ය එන්නත් වර්ගයක් මෙය. මේ එන්නත් වෛද්‍යවරු විසින් සෑම විටම නිර්දේශ කරන්නේ නෑ. 

 

ගර්භණී සමයේදී ආරක්ෂිත එන්නත්

ගර්භණී සමයේදී කාන්තාවන් සඳහා නිර්දේශිත එකම එන්නත ඉන්ෆ්ලුවෙන්සා සහ පර්ටුසිස් එන්නත් වේ.

 

කක්කල් කැස්ස (pertussis)

කක්කල් කැස්ස කියන්නේ බරපතල රෝගාබාධ වගේම මාස 6 ට අඩු ළදරුවන්ගේ මරණයට පවා හේතු වෙන්න පුළුවන් රෝග තත්ත්වයක්. සියලුම ගර්භණී කාන්තාවන්ට සති 20 සිට 32 දක්වා කාලය තුළ දෙවන ත්‍රෛමාසිකයේ මැද සිට තුන්වන ත්‍රෛමාසිකයේ මුල් භාගය දක්වා කක්කල් කැස්ස සඳහා වන එන්නත ලබා ගැනීම රෙකමදාරු කරනු ලබනවා. 

 

උණ (ඉන්ෆ්ලුවෙන්සා)

ඉන්ෆ්ලුවෙන්සා තත්ත්ව හරහා ද බරපතල රෝගාබාධ ඇති කරන්න පුළුවන් අතර ගැබ් ගැනීමේදී ඔබට උණ සංකූලතා ඇතිවීමේ අවදානම ද වැඩි කරවනවා. බරපතල සංකූලතා ඇති ගර්භණී කාන්තාවන්ට ඇති අවදානම සාමාන්‍ය ප්‍රමාණයට වඩා පස් ගුණයකින් වැඩියි. මේ නිසා උණ එන්නත වෛද්‍යවරු නිර්දේශ කරනු ලබනවා.

 

ඉන්ෆ්ලුවෙන්සා එන්නත ආරක්ෂිත වන අතර ගර්භණී කාලය තුළ හෝ පසුව නැත්නම් ඊට කලින් එය නිර්දේශ කරනු ලබනවා. සෑම වසරකම එන්නත ලබා ගැනීමෙදී වෛරස වලින් ඔබට එල්ල වන අලුත් අයහපත් බලපෑම් වලින්ද ඔබව ආරක්ෂා වන අතර ඔබේ දරුවාට ඉන්ෆ්ලුවෙන්සා පැතිරීමේ අවදානම ද අඩු කරවනවා. ළදරුවන්ට උණ වැළඳුනොත් සංකූලතා ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙනවා. ගර්භණී සමයේදී මෙම උණ එන්නත ලබා ගැනීමෙන් ඔබේ අලුත උපන් බිළිඳාට උපතින් පසුව පළමු මාස 6 සඳහා අඛණ්ඩ ආරක්ෂාවක් ලැබෙනවා.