දරුවන්ගේ ලිවීමේ හැකියාව වර්ධනය කරන්න ටිප්ස් – 1 කොටස

ලිවීම කියන්නේ මානව සන්නිවේදනයේ වැදගත් ආකාරයක්. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපනයේ ද ප්‍රධාන අංගයක්. නමුත් වර්තමානයේ තාක්‍ෂණය මත පදනම් වුණු ලෝකයේ දරුවන්ට ලිවීමට ඇති හැකියාව පුහුණු කිරීමට සහ වැඩිදියුණු කිරීමට බොහෝ අවස්ථාවන් ලබා දීලා නෑ. මේ නිසාම බොහෝ දෙමව්පියන් තමන්ගේ දරුවාගේ ලිවීමේ කුසලතා වැඩි දියුණු කරන්නේ කොහොමද කියලා කල්පනා කරනවා.

විනෝදජනක ක්‍රියාකාරකම්වල ඉඳන් දිනපතා කියවීමේ හා ලිවීමේ සැසි දක්වා ළමයින්ගේ ලිවීමේ කුසලතා වැඩි දියුණු කරන්නේ කොහොමද යන්න පිළිබඳව මෙම උපදෙස්, ඔබේ දරුවාට ඔහුගේ හෝ ඇයගේ හැකියාවන් ඕනෙම වේලාවක ගොඩ නැගීමට උපකාරී වෙයි. එහෙනම් මෙම සරල හා විනෝදකාමී ළමුන්ගේ ලිවීමේ ක්‍රියාකාරකම් සමඟ ඔබේ දරුවන්ගේ සන්නිවේදන කුසලතා වැඩි දියුණු කරන්න උත්සහ කරන්න…

 

කියවන්න

දිනපතා පොත් කියවීම කියන්නේ ලියන්න පටන්න ගන්න දරුවෙක්ට වඩා හොඳම පියවරක්. ඒක ඔබේ දරුවන්ගේ ලිවීමේ හැකියාව ශක්තිමත් කිරීමට උපකාරී වෙනවා. එය දරුවන්ගේ වචන මාලාව පුළුල් කිරීමට උපකාරී වන අතර වචන භාවිතා කිරීමේ විවිධ ක්‍රම ද පෙන්වා දෙනවා. එම වචන ඔවුන්ගේ ලිඛිත භාෂාව පහසු කරවයි.

ඔබත් ඔබේ කුඩා දරුවන් සමඟ දිනපතා එකට පොත් කියවන්න වග බලා ගන්න. සහ ඔවුන් වැඩෙනකොට ඔවුන්ගේ කියවීමේ කැමැත්ත දිරිමත් කරන්න. වේලාසනින් කියවීම අරඹන්න. ඒ විදිහට පොත් එක්ක වැඩෙන බොහෝ දරුවන් අනාගතයේදී ශක්තිමත් ලේඛකයන් බවට පත් වෙනවා. 

 

ලිවීමෙන් විනෝද වන්න 

දරුවත් එක්ක ලිවීම දිරිමත් කරන ක්‍රීඩා සහ ක්‍රියාකාරකම් කරන්න. හරස්පද ප්‍රහේලිකා සහ වචන සම්බන්ධ ක්‍රීඩා සෑම දරුවෙක්ටම විශිෂ්ට ආකාරයෙන් ක්‍රියා කරනවා. කුඩා අය විශේෂයෙන් “write the word” ක්‍රීඩාවට කැමති වෙයි. ඔවුන්ට නිවසින් විවිධ දේවල් සොයන් එන්න කියන්න. සොයන් එන දේවල් දරුවා ගෙනාවාට පස්සේ ඒකේ නම ලියන්න කියන්න. 

 

ලිවීමේ වැඩ පත්‍රිකා සාදන්න

ලිවීමට ඉගෙන ගන්න කුඩා දරුවන් සඳහා අකුරු සහ වචන සොයාගන්න පුළුවන් වැඩ පත්‍රිකාවක් නිර්මාණය කිරීමට උත්සාහ කරන්න. ඒකේ අකුරු සහ වචන ලියන්න. තවත් කඩදාසියක් ඉහළින් තබන්න. ඒ මත යටින් පෙනෙන අකුරු පිටපත් කරන්න දරුවාට කියාදෙන්න. ඔබේ දරුවාට තිත් රේඛා ඔස්සේ සම්බන්ධය සොයා ගැනීමෙන් අකුරු ලියන්න ඔබට connect-the-dots  ක්‍රීඩාවක් නිර්මාණය කරන්න පුළුවන්. පස්සේ දරුවා සොයා ගන්නා අකුර හෝ වචනය ඔබට පවසන්න කියන්න.

 

විවිධ ද්‍රව්‍ය අත්හදා බලන්න

පෑනක් හෝ පැන්සලක් හැර වෙනත් දේවල් ද ලිවීමට එකතු කරගන්න. ඇඟිලි පින්තාරු හෝ වැලි තැටියක් යන සියල්ලම විනෝදකාමී ලිවීමේ ක්‍රියාකාරකම්. ඒවායින් ළමයින්ගේ ලිවීමේ කුසලතා වර්ධනය කිරීමට උපකාරී වෙනවා.

 

ලියුම් ලියන්න

අද කාලයේ ලිපි ලිවීම කියන්නේ නැති වෙමින් යන කලාවක් තමයි. ඒත් ඔබේ දරුවාගේ මිතුරන්ට හෝ පවුලේ සාමාජිකයන්ට ලිපි ලියන්න කියලා ඔබේ දරුවාව දිරිමත් කරන්න. ඔබේ දුරස්ථ පවුල් සාමාජිකයන් විශේෂයෙන් අතින් ලියන ලද ලිපි ලැබීමට ප්‍රිය කරනවා ඇති. ඒ වගේම ඒක ළමයින් සඳහා ලිවීමේ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා වැඩ කිරීමටත් හොඳ ක්‍රමයක්.

පෑනේ මිතුරෙක් දරුවාට හොයලා දෙන එකත් විනෝදජනක අදහසක් වෙයි. නැත්නම් ඔබේ පවුලේ සාමාජිකයන් එකිනෙකාට ලිපි ලියන්න ආරම්භ කරන්න. ලියපු ලිපි සොයාගෙන කියවන්න ගැනීමට ඒවා නිවස වටා තැන් තැන් වල තබන්න.

 

පොතක් ලිවීම දිරිමත් කරන්න

දරුවන්ගේ ලිවීමේ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා ගෙදරදී වැඩ කරන අතරම පොතක් ලියන්න පටන් ගන්න කියන්න. පුංචි පොතක් එයා ළඟ තියන් ලියන එකෙන් එයාගේ සිතුවිලි සහ අදහස් ප්‍රකාශ කිරීමට ඒක හොඳ ක්‍රමයක් බව කියලා දෙන්න. ඔබේ දරුවන් සමඟ විනෝද චාරිකාවක් යන්න සැලසුම් කරන්න. ගමන යන අතරතුර එයාගේ අදහස් පුළුවන් තරම් පොතේ ලිවීමට ඔවුන්ව දිරිමත් කරන්න. ඒ වගේම ඒක ඔහුගේ හෝ ඇයගේ දෛනික චර්යාවේ කොටසක් බවට පත් කරන්න.

 

ලිවීමට ඉඩක් සදන්න

සම්පූර්ණයෙන්ම දරුවාගේ ලිවීම සඳහාම ඔබේ නිවසේ කුඩාවට හෝ කොටසක් වෙන් කරන්න. ලිවීමට පමණක් වෙන් වුණු ප්‍රදේශයක් තිබීම ඔබේ දරුවාගේ අවධානය වෙනතකට යොමු නොකිරීමට උපකාරී වෙනවා. එමඟින් ඔහුට හෝ ඇයට ලිවීමේ කුසලතා ප්‍රගුණ කර ගන්න අවශ්‍ය අවධානය යොමු කරන්නත් පුළුවන්.