දරුවන්ගේ ලිවීමේ හැකියාව වර්ධනය කරන්න ටිප්ස් (2 කොට​ස)

දරුවන් තුළ ශක්තිමත් ලිවීමේ කුසලතා වර්ධනය කිරීමට ටික කාලයක් ගත වෙන්න පුළුවන්. ඒත් ඔබේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ නිර්මාණශීලීත්වය, පරිකල්පන හැකියාව සහ භාෂා ඥානය පුදුම සහගත ආකාරයට වර්ධනය කරලා ගන්න ලිවීමට පුළුවන්. ඒ සඳහා ටිකෙන් ටික ඔබේ දරුවන්ගේ ලිවීමේ කුසලතා වැඩි දියුණු කිරීමට දෙමව්පියන් විදිහට ඔබට නිවසේදී කරන්න පුළුවන් සරල හා විනෝදකාමී ලිවීමේ ක්‍රියාකාරකම් තිබෙනවා කියලා අපි ඔබව පළමු ලිපියෙන් දැනුම්වත් කළා. මේ එම ලිපියේ දෙවෙනි කොටසයි…

 

කාලය ආයෝජනය කරන්න

ඔබේ දරුවාට අවශ්‍ය වෙලාවක අක්ෂර වින්‍යාසයන් හෝ හරි වැරදි බැලීම සඳහා ඔබට උපකාර කරන්න පුළුවන් කියලා දරුවාට කියන්න. ඔබේ කාලයෙන් දරුවාගේ ලිවීමේ වේලාව වෙනුවෙන් ප්‍රමුඛතාවය ලබා දෙනකොට ඔබේ දරුවාට ඔහුගේ හෝ ඇයගේ ලිවීමේ හැකියාව වැඩි දියුණු කර ගන්න උනන්දු වෙනවා.

 

ඔවුන් උනන්දු දේවල් සම්බන්ධ කරන්න

 

ඔබේ පුතාගේ හෝ දියණියගේ ප්‍රියතම පොත් මාලාව ගැන සිතන්න. නැත්නම් ඔහු හෝ ඇය ඩයිනෝසෝරයන් ගැන දැඩි ඇල්මක් දක්වනවාද? ඔහු හෝ ඇය වැඩියෙන්ම කැමති මොනවාට ද, ඒවා දරුවන්ගේ ලිවීමට සම්බන්ධ කරන්න. ඔබේ දරුවාට ඔහුගේ හෝ ඇයගේ ප්‍රියතම චරිත ගැන අලුත් කෙටිකතාවක් ලියන්න කියන්න. නැත්නම් ඔහුට හෝ ඇයට ඩයිනෝසෝරයන් පිළිබඳ කතාවක් නිර්මාණය කිරීමට ඉඩ දෙන්න.

 

කතන්දර යෝජනා සාදන්න

 

ළමයින්ගේ නිර්මාණාත්මක ලිවීමේ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා විනෝදජනක ක්‍රමයක් තමයි පුංචි කතන්දර ලියන එක. ඒ සඳහා විවිධ චරිත හෝ ස්ථාන සහිත සඟරාවකින් පින්තූර කපලා දෙන්න. නැත්නම් විවිධ වචන ලියලා දෙන්න. ඒවා දරුවාට කතන්දරයක් හදන්න හොඳ යෝජනාවන් වෙයි. අද්විතීය කතාවක් නිර්මාණය කිරීම සඳහා දරුවාට ඒවා ප්‍රයෝජනයට ගන්න කියන්න. භාවිතා කිරීමේ පහසුව සඳහා කාඩ්බෝඩ් එකකට ගම් ගාලා රූප අලවලා දෙන්න. මේක ඔබේ මුළු පවුලටම සම්බන්ධ වෙන්න පුළුවන් විනෝදජනක ක්‍රියාකාරකමක් වෙයි.

 

ඒක කරලා පෙන්නන්න

 

තවත් කෙනෙක් ඒක කරනවා දකිමින් ඉගෙන ගන්නවාට වඩා වෙනත් හොඳ ඉගෙනීමේ ක්‍රමයක් තවත් නෑ. ඔබ බොහෝ විට ලියන ආකාරය ඔබේ දරුවන්ට දකින්න දෙන්න. ලිවීම ඔබේ දෛනික ජීවිතයේ සාමාන්‍ය අංගයක් වෙනකොට ඒක වඩාත් ස්වාභාවිකවම ඔවුන්ට ලැබෙනවා. ඕනෑම දෙයක් ලියන්න : සරල බඩු ලැයිස්තුවක්, ගුරුවරයාට ලිපියක්, ස්තුති කාඩ්පතක්, ඔබේ දරුවාට මිහිරි සටහනක්.

 

ඔබේ දියුණුව සඳහා තාක්‍ෂණය භාවිතා කරන්න

 

තාක්‍ෂණය අපගේ ජීවිත වලට විශාල කාර්යභාරයක් ඉටු කරනවා වගේම අහිතකර අයුරින් ද බලපාන අවස්ථා තිබෙනවා. නමුත් ඔබේ දරුවාට බ්ලොග් අඩවියක් නිර්මාණය කර දීමෙන් එය ඔබේ වාසියට යොදා ගන්න පුළුවන්. බ්ලොග් එකේ ලියන පුරුද්ද නිතරම දිරිගැන්වීමෙන් ඔබේ දරුවාට ඔහුගේ හෝ ඇයගේ ලිවීමේ කුසලතා වැඩි දියුණු කරගන්නට ඒක උපකාරී වෙයි.

 

ඔබේ දෛනික චර්යාවේ කොටසක් කරන්න

එක් ආකාරයකින් හෝ වෙනත් ආකාරයකින් යමක් ලිවීමට ඔබත් උත්සහ කරන්න ඕනේ. සෑම දිනකම ඒකට කාලය වෙන් කරගන්න වග බලා ගන්න. එය සිල්ලර බඩු ලැයිස්තුවක් ලිවීමේ ඉඳන් සඟරාවකට ලිවීම, ලියුමක් ලිවීම ආදී ඕනේම දෙයක් වුණාට කමක් නෑ. සෑම දිනකම ඔබත් සමඟ ලිවීම පුහුණු වීම හරහා ඔබේ දරුවන්ගේ ලිවීමේ කුසලතා වැඩි දියුණු වෙලා බොහෝ දුරක් යයි.

 

ඔවුන්ගේ කාර්යයට ප්‍රශංසා කරන්න

 

ඔබේ දරුවාගේ ලිවීම් සහ කථන්දර කියවන්න ඔබ බොහෝ උනන්දුවක් දක්වන්න. ඒවා ගැන ප්‍රශ්න අසන්න. දරුවන්ගේ ලේඛන හැකියාව වෙනුවෙන් ඔහුට හෝ ඇයට පාසලෙන් හම්බ වුණ ත්‍යාගයක් ගෙදර ගෙන එනකොට එදා දවස සමරන්න. ඔහුගේ හෝ ඇයගේ ලිවීම හැකි තරම් දිරිමත් කරන්න, අගය කරන්න.