බිළිඳු හා කුඩා දරුවන්ගේ සෞඛ්‍යය ගැන අලුත් පියෙකු ලෙස ඔබ දැනුවත් විය යුතු කාරණා

පියෙකු වීම ප්‍රීතියක් වන අතරම යම් තරමකට ආතතියට පත් කරවන්නක්. කෙසේ නමුත් මවක් තම දරුවා කුසට පැමිණි දා සිටම දරාගන්නා සේම පියවරුන්ද දරුවා හදවතේ තබා ගන්නවා, සිහින දකිනවා. මව්වරුන් සේම දරුවන්ගේ සැපේදි සිනහ වී දුකේදි ලොවට නොපෙන්වා හොර රහසේ කඳුළු සලනවා. දරුවකු තම බිරිඳගේ කුසට පැමිණි දා සිටම පියවරුන් ඉතාමත් ප්‍රීතිමත් වන අතර ඇතැම් අවස්ථාවලදී නොදැණුවත්කම නිසාම යම් යම් ගැටළුවලට මුහුණපානවා. මෙම ලිපිය මගින් අලුතෙන් තාත්තලා වුනු ඔබටත් ; තාත්තලා වීමට සිහින දකිමින් සිටින ඔබටත් වැදගත් වන අලුත් පියෙකු වීමේ අභියෝගයට සාර්ථකව මුහුණදෙන අයුරු සහ අලුත උපන් බිළිදා සමග යහපත් සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ඔබට වැදගත් වන කරුණු ඉදිරිපත් කරනවා.  

 

ඔබ ආතතියට පත්වන කාරණා

 

1. සීමිත පීතෘ නිවාඩු

ඔබ රැකියාවක් කරන්නෙ නම් ඔබට ලැබෙනුයේ සීමිත පීතෘ නිවාඩු ප්රමාණයක්. එබැවින් දරුවා සමග වැඩි කාල සීමාවක් ගත කිරීමට නොහැකි වීම නිසා ආතතියට පත්වීමට පුළුවන්

 

2. අලුත් වගකීම්

දරුවකු මෙලොවට බිහිවූ දා සිටම දරුවා දෙමවුපියන්ගේ වගකීමක්. විශේෂයෙන් අලුත් උපන් දරුවාපැය 2කට හෝ 3කට වරක් මව්කිරි දීම, නැපි මාරු කිරීම, අඬන විට නැලවීම ආදී දරුවා සම්බන්ධ කාරණා වගේම නිවසේ කටයුතු, බිල් ගෙවීම, කෑම සෑදීම, රෙදි සේදීම වැනි කාරණා සියල්ල වඩාත් නිදහස් ජීවන රටාවකට හුරු වී සිටින පියවරුන් ආතතියට පත් කිරීමට ඉඩ තිබෙනවා

 

3. නින්දට බාධාවීම

අලුත උපන් දරුවන් බොහෝවිට රාත්රී කාලයේ නිතර නිතර නින්දෙන් අවදි වන නිසා අලුත් දෙමාපියන්ගේ නින්දට එමගින් බාධා සිදුවනවා

 

4. මූල් ගැටළු

දරු ප්රසූතිය සඳහා වියදම්, රෝහල් ගාස්තු, වෛද් සේවා ගාස්තු, ඩයපර් සඳහා වැයවන මුදල් සහ දරුවා බලාගැනීමට කිසිවෙකු යොදවනවා නම් සම්බන්ධ වියදම් ආදිය අලුත් පියෙකුගේ සිත තුළ යම් අපහසුතාවයක් ඇති කිරීමට හේතුවනවා

 

5. ඔබේ සහකාරියගේ අඩු අවධාන

බොහෝ විට ඔබේ කුඩා අමුත්තාගේ ආගමනය යනු ඔබගේ බිරිඳගේ අවධානය ප්රථම වරට ඔබෙන් ඈත්වී තුන්වන පාර්ශවයක් වෙතට යොමුවන අවස්ථාවයි. ඉතින් ඇතැම් විට ඇගේ කාර්යයබහුලත්වය හේතුවෙන් ඔබව ඇයට අමතක වීම සාමාන්‍ය වන අතර ඉන් ඔබට පාළුවක් තනිකමක් දැනීමට පුළුවන්

 

6. ලිංගික ක්රියාකාරකම් අහිමිවීම

බොහෝ විට දරුප්රසූතියකදී ඇතිවන තුවාල, වෙහෙස හා කුඩා දරුවාට කිරි පොවමින් නිදා නොගෙන දරුවාගේ රාජකාරි කරමින් සිටින විට කාන්තාවන් තුළ ලිංගික ක්රියාකාරකම් සඳහා ඇති කැමැත්ත අඩුවනවා. මෙසේ ලිංගික ක්රියාකාරකම් වලින් ඈත්ව සිටීමෙන් පියවරුන් තුල ආතති ස්වභාවයක් ඇතිවීම සාමාන්යයයි

 

7. මානසික සෞඛ්යය බිඳ වැටීම

බොහෝ විට අන් අයගේ උදව් නොමැතිව නිවසේ වැඩ, දරුවාගේ වැඩ කටයුතුවල නිරත වීම සහ ඉහත හේතුන් මත මවුවරුන් සේම පියවරුනුත් මානසික ආතතියට පත්වන බව පර්යේෂකයන් පවසනු ලබනවා

 

දරුවා බිහිවීමට පෙර පියෙකු ලෙස ඔබ අනුගමනය කළ යුතු පියවර

1. ක්රියාකාරිව දායක වන්න – Get involved

ගර්භණී සමයේ මවුවරුන් අත්විඳින සමහර අත්දැකීම් පියවරුන්ට විඳීමට හැකිවන්නේ නැහැ. නමුත් ඔබට හැකි සෑමවිටම බිරිඳගේ කුස තුළ සිටින දරුවාට කතාකිරීම, දරුවා දඟලන, පයින් ගසන ආකාරය කුසට අත තබා විඳීම, කතා කීම ගීත ගායනා කිරීම තුළින් කුස සිටින දරුවා මෙලොවට පැමිණුන පසු පහසුවෙන් ඔබගේ කටහඬ හඳුනා ගැනීමට මෙය උපකාරී වනවා

 

2. දරුවන් ලැබීම සම්බන්ධ දේශන සඳහා සහභාගි වීම – Attend prenatal classes

වර්තමානයේ බොහෝ විට දරුවා ලැබීම සම්බන්ධයෙන් මවත් පියාත් දැනුවත් කිරීම සඳහා දේශන පැවත්වෙනු ලබනවා. බොහෝ විට මෙයට සහභාගි වන්නේ මව පමණයි. නමුත් පියා ලෙස ඔබත් මෙම දේශන සඳහා සම්බන්ධවීමෙන් කුඩා දරුවකු රැකබලා ගැනීම, පෝෂණය කිරීම, අසනීපයකදී ක්රියා කළ යුත්තේ කෙසේද ආදී කරුණු සම්බන්ධයෙනුත් ඔබට දැනුම ලබාගත හැකි වෙනවා

 

3. සමාජ මාධ් ඔස්සේ සමුහයක් ගොඩනගා ගන්න -Build a network of social support

වර්තමානයේ තාක්ශණය ඉතාමත් දියුණුයි. ගර්භණී සමයේදී ඔබගේ බිරිඳට නිතර නිතර ගැටැළු පැන නඟීවි. නැතිනම් ඇය නිතර පාලුවෙන් කාංසියෙන් සිටින බව කියාවි නැතිනම් යහලු මිත්රයන් හමුවීමට අවශ්යය වෙනවා. ඔබටත් ඇයටත් දෙදෙනාටම මිතුරන්ගේ සුභ පැතුම් ආදිය ඉතා වැදගත් වනවා. ඒ නිසා සමාජ මාධ් ජාලයක් මගින් සමූහයක් නිර්මාණය කරගැනීමෙන් ඔබටත් පහසුවෙන් මිතුරන් ආශ්රයට හැකියාව ලැබෙන අතර ඔවුන්ගේ විහිළු තහළු සහ දිරිමත් කිරීම් ඔබ දෙදෙනාගේම මානසික ආතතිය දුරැලීමට හේතු කාරක වනවා

 

4. ඔබගේ සහකාරිය සමග අදහස් බෙදාගන්න – Talk to your partner

ඔබගේ එදිනෙදා ජීවිතයේ සිදුවන දෑ, දරුවා කුසතුළ සිටින සැටි, එය දැනෙනා ආකාරය සහ දරුවා ඉපදීමෙන් පසු ඔබලාගේ දෛනික ජීවිතයේ සිදුවන වෙනස්කම් පිළිබඳව අදහස් බෙදා ගැනීම

 

5. ඔබ කුමන ආකාරයේ පියෙකු වීමට බලාපොරොත්තු වන්නේද? – Consider what kind of father you want to be

ඔබගේ පියා, නැතිනම් ඔබ දැක ඇති වෙනත් පියවරුන් ගැන කල්පනා කර ඔබගේ දරුවාට ඔබ කෙබඳු ආකාරයේ පියෙකු වන්නේ දැයි සිතන්න. ඔබත් ඔබේ දරුවාත් අතර ඔබ කුමන ආකාරයේ සම්බන්ධතාවයක් පවත්වා ගන්නේද යන්න ගැන සිතීම සෑමවිටම ඔබට නැවුම් අත්දැකීමක් ගෙනදේවී

 

දරුවා ඉපදීමෙන් පසු පියෙකු ලෙස ඔබගේ කාර්යභාරය

 

1. ඔබගේ බිරිඳ සමග දරු ප්රසූතිය සඳහා ඔබත් රෝහල්ගත වන්න 

රෝහලෙන් ඉඩ ලබා දෙන්නෙ නම් දරු ප්රසූතිය අවස්ථාවේදි ඔබගේ බිරිඳ සමග රැඳීමට ඔබට හැකියාව ලැබෙනවා

 

2. දරුවා රැකබලා ගැනීමට දායක වීම

උදාහරණ ලෙස දරුවාට බෝතලයක් භාවිතයෙන් මවුකිරි ලබාදෙනවා නම් ඔබ එය පෙවීම, කිරි පෙවූ පසු ගුඩුස් යැවීම, දරුවා නිදි කරවීම වැනි දෑ සඳහා ඔබගේ සක්රීය දායකත්වය ලබා දීමට ඔබට පුළුවන්

 

3. දරුවා සමග සෙල්ලම් කිරීම

මවු වරුන් බොහෝ විට දරුවන් සමග මෘදු ක්රියාකාරකම්හි යෙදෙන අතර පියවරුන් බොහෝ බොහෝවිට ක්රියාශීලී ලෙස දරුවන් සමග ක්රීඩාවෙ යෙදෙනව. දරුවකුගේ වර්ධනයට මේ ක්රම දෙකම ඉවහල් වනවා. එබැවින් සැමවිටම ඔබේ කුඩා දරුවා සමඟ ක්රියාශීලී වන්න. සෙල්ලම් කරන්න එවිට දරුවාගේ මුහුණේ නැඟෙන කිරි සිනහව ඔබට සැනසිල්ලක් ගෙන දේවි

 

4. සහකාරිය සමඟ සමීප සම්බන්ධතාවක් පැවැත්වීම

මෙහිදී අදහස් කරන්නේ ලිංගිකව හැසිරීම නොවේ. ආදරය ගොඩනැගීම සඳහා සිප ගැනීම්, වැළඳ ගැනීම්, ආදරයෙන් කථා කිරීම ආදිය ඉවහල් වනවා. විශේෂයෙන් දරු ප්රසූතියත් සමඟ කායිකවත් මානසිකවත් නැවත ගොඩ නැඟෙමින් සිටින ඔබගේ සහකාරියට ඔබගේ ආදරය කරුණාව පෙරටත් වඩා වැදගත් වේවි

 

ඔබ තුළ දිගින් දිගටම වර්ධනය වන මානසික ගැටලුවක් හෝ යම්කිසි නොසන්සුන්කාරී හැඟීමක් තිබේනම් හෝ එමගින් ඔබගේ පවුල සමග ඔබගේ සම්බන්ධතාවයට බාධා වන්නේ යැයි හෝ ඔබගේ මානසික තත්ත්වය අවපීඩනයට ලක් වන්නේ යැයි ඔබට සිතෙනවා නම් වහාම මානසික සෞඛ් සේවා සපයන්නකු සමග කතා කිරීම වැදගත් වනවා. නිසි ප්රතිකාර ලබා නොගත් මනසික අවපීඩන තත්ත්වයන් ඔබගේ පවුලේ සතුට සැනසීම කෙරෙහි සෘජුවම බලපාන නිසා

 

පියෙකු වීම සෑම විටම අභියෝගාත්මක මෙන්ම චමත්කාරජනක අත්දැකීමක්. එය මව් පදවිය මෙන්ම උත්තරීතරයි. එය ඔබගේ ජීවිතයට නැවුම් අත්දැකීමක් සහ වගකීමක් ගෙන දෙනවා. නමුත් ඔබ අභියෝග කල්තබා හඳුනා ගෙන කටයුතු කළ යුතුයි. එවිට ඔබටත් ඔබගේ සහකාරියටත් ජීවිතයට ලැබුණ නැවුම් වෙනසට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබෙන බව Baby and me අපගේ විශ්වාසයයි.