ගර්භණී සමයේදි ක්ෂණික නූඩ්ල්ස් වල බලපෑම

ගර්භණී සමය තුළදී ආහාර පාන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ යුතු බැවින් සෑම විටම කාන්තාවන් සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දක්වනු ලබනවා. ගර්භණී සමය තුළ ඇතිවන් පෝෂණ අවශ්යතා සම්පූර්ණ කිරීමසහ නියමිත පරිදි සිරුරේ බර පවත්වා ගැනීමසෑමවිටම සමබර ආහාර වේලක් ගැනීමවෛද්යවරුන් උපදෙස් ලබාදෙනවා. සාමාන් ව්යවහාරයේ දී ගර්භණී සමයේදි දෙදෙනෙකුට ප්රමාණවත් පරිදි ආහාරගත යුතු යැයි කියුවත් එය නිවැරදි ක්රියාවක් නොවේ. සාමාන්යයෙන් ගර්භණී සමයේ දෙවන ත්රෛමාසිකය තුළ මවට අමතර කැලරි 350Kcal ක් පමණත් තෙවන ත්රෛමාසිකය තුළදී අමතර කැලරි 450Kcal ප්රමාණයකුත් අවශ් වනවා

ගර්භණී සමය තුළදී ඔබ ගන්නා සෑම ආහාරයක්ම දරුවාට ආරක්ෂාකාරි නොවන බැවින් ඔබ ප්රිය කරන රසවත් ආහාර වර්ග ආහාරයට ගැනීමේදී වඩාත් කල්පනාකාරි විය යුතුයි. විශේෂයෙන් ගර්භණී සමයේදි ඇල්කොහොල් සහ කැෆේන් මෙන්ම නූඩ්ලස්, විශේෂයෙන් ක්ෂණික නූඩ්ල්ස් වැනි දේ සීමා කළ යුතුයි.

 

ගර්භණී සමයේදි ක්ෂණික නූඩ්ලස් ආහාරයට ගැනීම සෞඛ්යයට හිතකර වෙනවාද?

විවිධ අමුද්රව් අඩංගු නූඩ්ලස් වර්ග වෙළඳපොළේ ඇති අතර ක්ෂණික නූඩ්ලස් වර්ග ඉතා ජනප්රියයි. එය ඉක්මණින් ආහාරයට ගැනීමට හැකි අතර සමග පැමිණෙන රසකාරක පැකැට්ටුවෙහි අඩංගු යම් යම් රසකාරකයන් ගර්භණී සමයේදි ආහාරයට ගැනීමෙන් ඔබට සහ දරුවාට යම් යම් අහිතකර බලපෑම් එල්ල කළ හැකියි

ක්ෂණික නූඩ්ලස් ආහාරයට ගැනීමෙන් පෝෂණයක් නොලැබෙන අත කෙටි කාලයකට කුසගින්න පාලනය කරනු ලබනවා

එහි අඩංගු MSG මගින් නූපන් දරුවා වෙත හානි එල්ල කළ හැකිය

 

ඒ නිසා ගර්භණී සමයේදී ක්ෂණික නූඩ්ලස් යනු එතරම් හිතකර තේරීමක් නොවන බැවින් ආහාරයට ගැනීමෙන් වැළකීම වඩාත් සුදුසු වනවා

 

ගර්භණීභාවයබලපෑම් එල්ල කළ හැකි ක්ෂණික නූඩ්ලස් හි අඩංගු දේ

1. පිටි –  Flour

පාන්පිටි යනු සම්පූර්ණයෙන් පිරිපහදු කරන ලද තිරිඟු පිටි වන අතර එහි කිසිදි පෝෂ්‍ය පදාර්ථයක් අන්තර්ගත නොවේ. දිරවීමට අපහසු බැවින් ආහාරජීර්ණ පද්ධතිය තුළ දිගු කාලයක් රැඳී තිබෙන අතර තන්තුමය ස්වභාවයකින් තොර බැවින් මළබද්ධය ඇතිවීමහේතු වෙනව

 

2. ලුණු – Salt

ක්ෂණික නූඩ්ලස් වල සහ සමග පැමිණෙන රසකාරක පැකැට්ටුවේ අධික ලුණු ප්රමාණයක් අඩංගු වන බැවින් එය ඔබගේ කළලයට හානි පැමිණවිය හැකියි. විශේෂයෙන් ගර්භණී සමයේ අධික ලුණු පරිභෝජනය අධික රුධිර පීඩනය ඇතිවීමටද හේතුවනවා

 

3. කල්තබාගන්නා රසායන – Preservatives

ක්ෂණික නූඩ්ලස් වල අඩංගු කල් තබාගන්නා රසායන සහ විවිධ රසකාරක මගින් කුස තුළ සිටින දරුවාගේ වර්ධනයබලපෑම් එල්ලකරනු ලබනවා

 

4. MSG සහ ට්රාන්ස් මේදය – Monosodium Glutamate /Trans Fats

මොනොසෝඩියම් ග්ලූටමේට් (Monosodium Glutamate ) නමැති කෘත්රිම ආහාර රසකාරකය හේතුවෙන් ක්ෂණික නූඩ්ලස් තුළ ඉතා ආකර්ෂණීය රසයක් පැවතීම බොහෝ දෙනා ක්ෂණික නූඩ්ලස් ප්රිය කිරීමට හේතුවනවා. නමුත් ගර්භණී සමයේදි ආහාරයට ගැනීම දරුවාට අහිතකර ලෙස බලපානු ලබනවා. එමෙන්ම මෙම ආහාරයන්හි අඩංගු ඉහළ මේද ප්රමාණය හේතුවෙන් සිරුරේ බර අධික ලෙස ඉහළ නංවන අතර ගර්භණී සමය තුළ සිරුරේ කොලෙස්ට්රෝල් මට්ටම ඉහළ නංවනු ලබනවා. ඒ නිසා සෑමවිටම ක්ෂණික සහ සකස් කළ ආහාර (processed food) ගැනීමෙන් වැළකීම වඩාත් සුදුසු වෙනවා

 

TBHQ යනු කුමක්ද සහ ක්ෂණික නූඩ්ලස් හි ඒවා අන්තර්ගත වෙනවාද?

Tertiary butylhydroquinone (TBHQ) යනු ආහාර කල්තබා ගැනීමභාවිතා කරන විෂ රසායනයක් වන අතර බොහෝ ක්ෂණික නූඩ්ලස් වර්ගයන්හි අඩංගු වනවා. ඊට අමතරව බොහෝ ස්නැක්ස් සහ ශීතකරන ලද ආහාර වලද අඩංගු වනවා. TBHQ ඛණිජ තෙල් ආශ්රිත ව්යුත්පන්නයක් වන අතර ඒවා බොහෝ විට තීන්ත, රූපලාවන් ආලේපන සහ පළිබෝධනාශක වලටද භාවිතා කරනු ලබනවා. ඒ නිසා TBHQ කුඩා දරුවන්ට සහ ගර්භණී සමයේදි කුස තුළ වැඩෙන දරුවන්ට ඉතාමත් අහිතකර රසායනයක් ලෙසටයි වෛද්යවරුන් හඳුන්වනු ලබන්නේ

 

TBHQ ආහාරයට එක්කර ගැනීමෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ

ගර්භණී සමයේ අධික ලෙස ආහාරයට ගැනීමෙන් ඔක්කාරය, හිසරදය, හුස්ම හිරවීම වැනි රෝග ලක්ෂණ ඇතිවීම

පරිවෘත්තීය සින්ඩ්රෝමය (metabolic syndrome) තත්ත්වය ඇතිවීම

රුධිර පීඩනය සමඟ තරබාරුකම, හෘදයාබාධ සහ දියවැඩියාව ඇතිවීමට හේතු වීම

 

නූඩ්ලස් සෞඛ් සම්පන්න ලෙස ආහාරයට එක්කර ගන්නේ කෙසේද?

ගර්භණී සමය තුළදී ක්ෂණික නූඩ්ලස් ආහාරයට ගැනීමේ රුචියක් ඔබට තිබේ නම් ඉඳහිට එකක් පමණ ආහාරයට ගත හැකි අතර නිතර නිතර ආහාරයට ගැනීම සුදුසු නොවේ. එමෙන්ම ක්ෂණික නොවන අනෙකුත් නූඩ්ලස් වර්ග වුවත් ආහාරයට ගැනීමේදි තම්බා ගත් එළවළු, බිත්තර වැනි දේ එක්කර ආහාරයට ගන්න. අධික ලෙස ලුණු දැමීමෙන් වළකින්න. හැකිනම් රසකාරක සැෂේ පැකට්ටුව ඉවත් කර ආහාරය ගන්න

 

පෝෂණවේදීන්ගේ නිර්දේශය

ගර්භණී සමයේදී නූඩ්ලස් ආහාරයට ගැනීමෙන් ඔබට සහ දරුවාට ප්රමාණවත් පෝෂණයක් නොලැබෙන බවයි පෝෂණවේදීන්ගේ මතය වන්නේ. ඒ නිසා එය ප්රධාන ආහාරයක් ලෙස නිර්දේශ නොකරන අතර ඔබට එයට රුචියක් ඇතිනම් පමණක් ආහාරයට එක්කර ගන්නා ලෙසටයි ඔවුන් යෝජනා කරන්නේ

 

ගර්භණී සමය තුළ කාන්තාවන් හට විවිධ වූ ආහාර රසවිඳීමට කැමැත්ත ඇතිවනවා. නමුත් ක්ෂණික නූඩ්ල්ස් වැනි දේ ආහාරයට එක්කර ගැනීම මගින් ඔබට සහ දරුවාට පෝෂණයක් ලබාදෙන්නේ නැහැ. ඔබට සෞඛ්යයට අහිතකර දෙයක් ආහාරයට ගැනීමේ ආසාවක් ඇතිවුවහොත් එමගින් එල්ලවිය හැකි බලපෑම නිතරම සිහි කළ යුතුයි. ඔබේ සහ ඔබේ කුඩා දරුවාගේ සෞඛ්යය ඉතා වැදගත් බව නිරන්තරයෙන් මතක තබා ගැනීම නිරෝගි දරු උපතකට ඉතා වැදගත් වෙනවා