ළදරුවන්ට වායුසමීකරණ භාවිතය ආරක්ෂිතද?

වායුසමීකරණය මගින් පරිසරය සිසිල් සහ සුවදායි බවක් නිර්මාණය කරන අතර හොඳින් නිදා ගැනීමට පහසු පරිසරයක් නිර්මාණය කරනවා. නමුත් බොහෝ දෙමවුපියන් හට තම දරුවාගේ ළදරු කාමරයෙ වායුසමීකරණ යන්ත්රයක් සවිකිරීම දරුවාට ආරක්ෂිතද? සුදුසුද නැද්ද? සම්බන්ධයෙන් නොයෙකුත් ගැටළු තිබෙනවා.  

වායුසමීකරණ යන්ත් මධ්යස්ථතව භාවිතා කිරීමෙන් ගෘහස්ථ උෂ්ණත්වය අධික වීමෙන් විජලනය සහ හදිසි ළදරු මරණ සින්ඩ්රෝමය (SIDS) ආදී අවදානම් තත්ත්ව මගහරවා ගැනීමට හැකි වෙනවා. නමුත් ළදරුවන්ගේ සිරුර උෂ්ණත්ව නියාමනයට තවමත් සකස්වී නොමැති නිසා දරුවා සිටින කාමරය වායුසමීකරණ යන්ත් මගින් අධික සීතල වීමෙන් වළක්වා ගෙන මධ්යස්ථ උෂ්ණත්ව පරාසයක භාවිතා කරනවා නම් එමගින් ළදරුවන්ට අහිතකර බලපෑම් එල්ල වීමේ අවදානම අඩුවනවා. එසේ භාවිතාවෙන් ඔබට පහත ප්රතිලාභ අත්කරගත හැකියි

 

  • අධික උණුසුම් කාළගුණයක් පවතින විටදීද කාමරයේ උෂ්ණත්වය යෝග් මට්ටමේ පවත්වාගැනීමට උපකාරී වීම. සාමාන්යයෙන් ළදරුවන්නිර්දේශිත කාමර උෂ්ණත්වය වන්නේ 65– 72 (28-30 C)
  • දරුවාට සුව නින්දක් ලැබීමට හැකිපරිදි සුවපහසුවක් ගෙන දීම
  • ළදරුවන් විජලනයට ලක්වීමෙන් වළක්වාගත හැකියි

 

එසේම වායුසමීකරණ යන්ත්රයේ උෂ්ණත්වය දරුවාට සුදුසු ලෙස පවත්වා නොගතහොත් අහිතකර බලපෑම් එල්ල විය හැකියි

 

  • දරුවාට නුසුදුසු ලෙස කාමර උෂ්ණත්වය වෙනස්වීමෙන් දරුවන් තුළ hypothermia තත්ත්වය ඇතිවිය හැකියි
  • air filters සහ ductworks තුළින් විෂබීජ දූවිලි වැනි දේ ඇතුලුවීමෙන් දරුවාගේ ශ්වසන පද්ධතිය ආශ්රිත ගැටළු ඇතිවීම.
  • දරුවාගේ සමේ තෙතමනය නැති වී සම රළු සහ වියළි ස්වභාවයක් ගැනීම.

 

 

වායු සමීකරණයක් භාවිතා කරන අතරතුර ඔබේ දරුවාගේ ආරක්ෂාව සහතික කිරීමට ඔබට අනුගමනය කළ හැකි පියවර

  • දරුවාට ගැලපෙන පරිදි නියමිත කාමර උෂ්ණත්වය පවත්වා ගැනීමට උත්සාහ කරන්න
  • දරුවා අධික සීතලට නිරාවරණය නොවීමට වායුසමීකරණ යන්ත්රයේ වාතය පිටවන කුහර එක එල්ලේ දරුවාගේ තොටිල්ල හෝ ළදරු ඇඳ තැබීමෙන් වළකින්න
  • දරුවාගේ ශරීරය අධික ලෙස සීතල වීමෙන් වැළකීමට දෑත් සහ පාද ආවරණය වන පරිදි සැහැල්ලු ඇඳුම් අන්දවන්න. නමුත් දරුවාට හුස්ම හිරවීමෙ අවධානම ඇති බැවින් බ්ලැන්කට් භාවිතාකර දරුවාට පෙර වීමෙන් වැළකිය යුතුයි
  • වායුසමීකරණ යන්ත්රය ක්රියාත්මක කර තබන කාලසීමාව ගැන සැලකිලිමත් වෙන්න. එය කාමරය සිසිල්වීමට සුදුසු උෂ්ණත්වයට සකසා කාමරය සිසිල් වූ පසු යන්ත්රය ක්රියාවිරහිත කරන්න. දරුවා සුවපහසු බව සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා වරින් වර කාමරයේ උෂ්ණත්වය පරීක්ෂා කරන්න
  • වායුසමීකරණ යන්ත්රය නියමිත පරිදි නඩත්තු කරන්න. විශේෂයෙන් දරුවාගේ ශ්වසන පද්ධතියේ ආරක්ෂාවට air filters පිටතට ගෙන නිතිපතා පිරිසුදු කළ යුතුයි
  • වායුසමීකරණ යන්ත්රය ක්රියාත්මක කරනවිට දරුවාගේ කාමරයේ දොරජනෙල් හොඳින් වැසිය යුතුයි. එය ක්රියාත්මක නොකරන අවස්ථාවල දොරවල් සහ ජනෙල් විවෘත කර කාමරය පිරිසිදු කළ යුතුයි. විශේෂයෙන් හිරු එළිය සහ වාතය ලැබෙන සේ හොඳින් ජනේල විවර කර තැබීම වැදගත්

 

දරුවාගේ කාමරය සිසිල්ව තබා ගත හැකි විකල්ප

 

ඔබ වායුසමීකරණ යන්ත්රයක් භාවිතා නොකරන්නේ නම් පහත ක්රමයන් මගින් දරුවාගේ කාමරය සිසිල්ව තබාගැනීමට උත්සාහ කරන්න

 

  • air cooler යන්ත්රයක් භාවිතා කිරීම මගින් අඩු බලශක්තියකින් ලාභදායිව කාමරය සිසිල් කරගත හැකියි. 
  • Dehumidifier මගින් කාමරයේ ආර්ද්රතා මට්ටම අඩුකර ගැනීමටත් විදුලි පංකාවක් මගින් කාමරය සිසිල් කරගැනීමත් හැකියි
  • කාමරයේ උෂ්ණත්වය අඩුකිරීමට සැහැල්ලු තිර රෙදි භාවිතා කිරීම
  • නින්දට යොමුකිරීමට පෙර දරුවා හොඳින් සෝදා සැහැල්ලු ඇඳුම් අන්දවන්න

 

Air Conditioner සහ Air Cooler අතරින් වඩාත් සුදුසු කුමක්ද?

  • Air Cooler යන්ත්රයට වඩා Air Conditioner මගින් වඩාත් හොඳින් කාමරය සිසිල්වනවා. ඔබ ඉතා උණුසුම් පරිසරයක ජීවත්වනවා නම් වඩාත් සුදුසු වන්නේ Air Conditioner යන්ත්රයක්
  • Air Cooler වඩාත් ලාභදායි වන අතර අඩු බලශක්ති ප්රමාණයක් අවශ් වෙනවා. එමෙන්ම නඩත්තු කිරීමද පහසුයි
  • තෙතමනය අධික පරිසරකට Air Cooler යන්ත්රය සුදුසු නැත

 

දරුවාගේ කාමරයට Air Conditioner යන්ත්රයක් සවිකිරීම ඔබගේ පුද්ගලික තීරණයක් වන අතර නිසි පරිදි Air Conditioner යන්ත් භාවිතය දරුවන්වඩාත් සුවපහසු සහ ආරක්ෂාකාරි වෙනවා

නමුත් දරුවන් එයට පුරුදු වුවහොත් එය නොමැතිව නින්දට යැවීම දුෂ්කර වන නිසා උණුසුම් අවස්ථාවලදී පමණක් වායුසමීකරණ යන්ත් භාවිතය වඩාත් සුදුසුයි. එමෙන්ම දරුවාගේ ආරක්ෂාව ගැනත් සැලකිලිමත් විය යුතුයි