දරුවන්ට චොකලට් ලබාදීම සුදුසුද?

දරුවන් චොකලට් ආහාරයට ප්රියකරන තරමටම චොකලට් ආශ්රිත පානයන් වලටද දැඩි කැමැත්තක් දක්වනවා. නමුත් නිතර දරුවාට චොකලට් කිරි ලබාදීම සුදුසුදැයි ඔබටත් ගැටළුවක් ඇති

ඔබගේ දරුවාට ලැක්ටෝස් අගුණ (lactose intolerant) නොවනවා නම් චොකලට් කිරි ලබාදීමෙන් දරුවාට කිසිදු ගැටළුකාරි තත්ත්වයක් ඇතිවන්නේ නැහැ. සාමාන් කිරි වලට වඩා චොකලට් සහිත කිරි වඩාත් සුදුසු අතර ඒවා දරුවාට ලබාදීමේදි වාණිජ පරමාර්ථයෙන් සකසනු ලැබූ වෙළඳපොලේ ඇති නොයෙකුත් රසකාරක සහිත චොකලට් කුඩුවලට වඩා අමු, පැණිරස නොකළ කොකෝවා කුඩු භාවිතය වඩාත් සුදුසුයි. 

එමෙන්ම රසකළ වෙනත් කිරිවර්ග වලට වඩා චොකලට් කිරි වල සීනි සංයුතිය අඩු අතර වෙනත් කාබනිකෘත රසවත් පැණි බීම සහ සෝඩාවලට වඩා සෞඛ් සම්පන්න පානයක් ලෙස සැලකිය හැකියි. චොකලට් කිරි වල ප්රෝටීන්, විටමින් , බී 12, බී 6 සහ ඩී, කැල්සියම්, රයිබොෆ්ලැවින්, නියාසින්, පොස්පරස්, සින්ක්, සෙලේනියම්, මැග්නීසියම් සහ ෆෝලේට් ඇතුළු අත්යවශ් පෝෂක 16 ක් පමණ අන්තර්ගත වනවා

 

චොකලට් දරුවන්ට ලබාදිය හැකි සෞඛ් සම්පන්න ආහාරයක්ද?

ප්රමාණය ඉක්මවා ලබානොදී මධ්යස්ථව ලබාදීමෙන් දරුවාට ප්රතිලාභ රාශියක් ලැබෙන ආහාරයක්. 

 

  1. චොකලට් ආහාරයට ගැනීම මගින් මානසික ආතතිය දුරුවන අතර විශේෂයෙන් ඩාර්ක් චොකලට් වල අඩංගු tryptophan මගින් ධනාත්මක මනෝභාවයන් වැඩිදියුණු කරනු ලබනවා
  2. අධි රුධිර පීඩන තත්ත්වයන් පාලනයඋපකාරි වනවා
  3. දරුවන්ගේ දත් දිරායාම වළකනවා
  4. ඩාර්ක් චොකලට් දරුවාට ආහාරයට ලබාදීමෙන් යකඩ, මැග්නීසියම්, තඹ, මැන්ගනීස්, පොටෑසියම්, සින්ක් සහ සෙලේනියම් වැනි අත්යවශ් ඛණිජ වර්ග ලබාදිය හැකියි
  5. ඩාර්ක් චොකලට් මගින් කුරුලෑ ඇතිවීම පාලනය වන අතර සමටද හිතකර වනවා
  6. කොකෝවා ඇටවල අඩංගු ඉහළ ෆ්ලේවනොයිඩ්ස් ප්රතිඔක්සිකාරකය මගින් දරුවාගේ හෘද වාහිනී සෞඛ්යය වැඩිදියුණු කිරීමට උපකාරි වනවා
  7. චොකලට් සහ කොකෝවා බටර් වල සංතෘප්ත හා අසංතෘප්ත මේද ( saturated and unsaturated fat) ප්රමාණය වැඩි වුවද චොකලට් වල stearic acid උදාසීන මේදයක් ලෙස ක්රියා කරන අතර එය ඔබේ දරුවාගේ සිරුර තුළ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ නැංවීමට හේතු නොවේ
  8. චොකලට් ආහාරයට ගැනීමෙන් දරුවාට වැයවන ශක්තිය නැවත ලබාදීම සිදුවනවා
  9. ඩාර්ක් චොකලට් ආහාරයට ගැනීමෙන් දරුවාගේ මනෝ භාවයන් වැඩි දියුණු කරනවා
  10. ඩාර්ක් චොකලට්වල අන්තර්ගත අවධානය සහ ඒකාග්රතාව වැඩිදියුණු වනවා

 

දරුවන්ට චොකලට් ලබාදීම අහිතකර වන අවස්ථා 

ඕනෑම ආහාරයක් ප්රමාණය ඉක්මවා ලබාදීමෙන් අහිතකර බලපෑම් එල්ලවන අතර එය චොකලට් වලටද පොදු වෙනවා. සාමාන්යයෙන් සතියකට කිහිපවරක් ඔබට දරුවාට චොකලට් ලබාදිය හැකියි

  1. ඩාර්ක් චොකලට් කැබැල්ලක් හෝ උණුසුම් චොකලට් කිරි පානයක් ලබාගත හැකි අතර නිතරම චොකලට් වැඩිපුර ආහාරයට ගැනීමෙන් බර වැඩිවීමට හේතු විය හැකියි
  2. චොකලට් අධික ලෙස පානය කිරීම හිසරදය ඇතිවීමට හේතුවන අතර එමනිසා ඉරුවාරදය ඇති දරුවන්චොකලට් ලබාදීම සීමා කළ යුතුයි. එමෙන්ම චොකලට් වල කැෆේන් සහ සීනි ප්රතිශතයක් අඩංගු බැවින් ළමුන් තුළ ADHD (attention deficit hyperactivity disorder) ඇතිවීමට බලපෑ හැකියි
  3. සාමාන් කිරි චොකලට් බාර් එකක සීනි තේ හැඳි හයකට වඩා ඇති අතර, එය දරුවන්ට දිනකට ලබා ගත හැකි උපරිම සීනි ප්රමාණය ඉක්මව යනවා. දිනපතා චොකලට් බාර් එකක් ආහාරයට ගැනීමෙන් ශරීරයට අධික සීනි ප්රමාණයක් ළැබෙන බැවින් එය විවිධ රෝගාබාධ ඇතිවීමට හේතු විය හැකියි
  4. මෑතකදී සිදුකරන ලද අධ්යනයකට අනුව වැඩිහිටි පුද්ගලයකුගේ සෞඛ්යය තත්ත්වය ඉහළ නැංවීමට ඩාර්ක් චොකලට් ග්රෑම් 6. 7 ක් පමණ උපකාරි වන බවයි. නමුත් දරුවන්එවැනි අධ්යයනයන් මෙතෙක් සිදුකර නැහැ. එමනිසා දරුවකු දිනකට ග්රෑම් 50ක් පමණ වන චොකලට් බාර් එකක් ආහාරයට ගැනීමෙන් දරුවාගේ සිරුරට ලැබෙන දෛනික සීනි සහ මේද ප්රමාණය වැඩිවන අතර එය දිගුකාලිනව දරුවාගේ සෞඛ්යය තත්ත්වය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කරන බවයි

 

එමනිසා දරුවාට චොකලට් ආහාරයට ලබාදීම සීමා සහිතව කළ යුතු බවට ඔබ මතක තබා ගත යුතු වනවා

 

ළමුන්ට චොකලට් ලබාදීමට හිතකර විකල්පයන් කිහිපයක්

වෙළඳපොලේ ඔබට තෝරා ගැනීමට විවිධ වෙළඳ නාමයන්ගෙන් විවිධ රසයෙන්, ප්රමාණයෙන් සහ හැඩයෙන් යුතු චොකලට් වර්ග සහ ආශ්රිත නිෂ්පාදනයන් තිබෙනවා. නමුත් ඔබ ඒවා මිලදී ගැනීමේදි සැලකිලිමත් විය යුතුයි. දරුවන් බොහෝ විට කිරි රසැති චොකලට් වර්ග දැඩිව ප්රිය කරන අතර ඒවායේ ඉහළ සීනි සහ මේදය වැඩිවශයෙන් අන්තර්ගත වනවා. ඩාර්ක් චොකලට් කිරි රසැති චොකලට් වලට වඩා සෞඛ් සම්පන්න විකල්පයක් වුවත් එහි තිත්ත රසය හේතුවෙන් දරුවන් එයට එතරම් ප්රියතාවයක් දක්වන්නේ නැහැ. එමෙන්ම වෙළඳපොලෙ ඇති ඇතැම් චොකලට් වර්ග වල දරුවන්ට අහිතකර කැෆේන්ද අඩංගු වනවා. ඔබේ දරුවාට සුදුසු චොකලට් වර්ගයක් තෝරා ගැනීමට පහත උපදෙස් අනුගමනය කරන්න

 

  • මේදය , සීනි සහ කිරි අඩු චොකලට් වර්ග තෝරාගන්න
  • රටකජු, ආමන්ඩ් වැනි විවිධ ඇටවර්ග සහිත චොකලට් වර්ග කිරි සහිත පැණි රස වැඩි චොකලට් වර්ග වලට වඩා සුදුසු වෙනවා. නමුත් පළමුවෙන් ඒවා ආහාරයට ගැනීමෙන් දරුවාට ආසාත්මිකතා ඇතිවනවා දැයි සැලකිලිමත් විය යුතුයි
  • කැෆේන් සහ ට්රාන්ස් මේදය සහිත නිෂ්පාදන තෝරාගන්න
  • සීනි සහ මේදය සීමා කිරීමප්රමාණයෙන් කුඩා චොකලට් වර්ග මිලට ගන්න
  • චොකලට් රසැති බිස්කට්, කේක්, අයිස්ක්රීම් වැනි විවිධ චොකලට් ආශ්රිත නිෂ්පාදන වෙළඳපොලේ තිබෙන අතර ඒවායේ සාමාන් චොකලට් බාර් එකකට වඩා සීනි සහ මේද ප්රමාණය ඉහළ විය හැකියි. එමනිසා ගැන සැලකිලිමත් විය යුතුයි
  • දරුවාට අල්ලස් දීම හෝ ඇගයීමනිතර චොකලට් බාර් ලබාදීමෙන් වළකින්න
  • චොකලට් ආශ්රිත නිෂ්පාදන මිලට ගැනීමේදි ඇසුරුම හොඳින් කියවා මිලට ගන්න

 

චොකලට් යනු දරුවා කුඩාකලදී පමණක් ප්රිය කරන ආහාරයක් නොවේ. එය ඔවුන් බොහෝ විට ජීවිත කාලය පුරාම ප්රිය කරනු ලබන ආහාරයක්. බොහෝවිට වැඩිහිටි අපත් චොකලට් ආහාරයට ගැනීමට, පානය කිරීමට දැඩිව ඇලුම් කරනවා. එමනිසා දරුවා චොකලට් ආහාරයට ගැනීම වළකාලන්න එපා. ඔබ කළ යුත්තේ දරුවාගේ සෞඛ්යයට අහිතකර බලපෑමක් එල්ල නොවන පරිදි නියමිත ප්රමාණයකින් යුක්තව ලබාදීමයි.