ඔබේ දරුවාත් බොරු කියන්න පුරුදු වෙලාද?

සමහර වෙලාවට කුඩා දරුවන් ගොතමින් කියන බොරු වලින් දෙමවුපියන් දැඩි ලෙස කම්පනයට පත් වෙන ආකාරය ඕනේ තරම් දැක ගන්න පුළුවන්. ඔබේ දරුවාත් ඒ විදිහට බොරු කියන්න පුරුදු වෙලා නම්, එයා බොරු කීමට හේතුව සහ දරුවා තුළ අවංකකම දිරිගැන්වීම සඳහා ඔබට කරන්න පුළුවන් දේවල් ගැන සොයා ගන්න උත්සහ කරන්න. ඔබේ දරුවා බරපතල බොරු කියනවා නම් කරන්න ඕනේ මොකක්ද කියලා අපි අද ඔබට කියල දෙන්නම්…

 

ඔබේ දරුවා බොරු කියන්නේ ඇයි?

කුඩා දරුවන් හේතු ගණනාවක් නිසා බොරු කියනවා.

 

  • සත්‍යය පැවසීම හරි සහ බොරු කීම වැරදි බව තේරුම් ගැනීමට තරම් ඔවුන් තවමත් වයසින් මෝරලා නැති වෙන්න පුළුවන්.
  • මවාපෑමේ සෙල්ලම සහ යථාර්ථය අතර වෙනස ඔවුන් තවමත් ඉගෙන ගනිමින් සිටින නිසා බොරුව කියන්නේ සත්‍යයක් විදිහටයි දරුවන්ට පෙනෙන්නේ.
  • ඔවුන් ප්‍රාර්ථනා කළ දෙයක් සත්‍ය බව විශ්වාස කරනකොටයි බොරු කියන්නේ.
  • ඔවුන්ට වඩාත් ආකර්ෂණීය වීමට අවශ්‍ය වුණාම අතිශයෝක්තියට නංවමින් බොරු කියනවා.
  • ඔවුන්ට අවශ්‍ය වෙන්නේ කරදරයකට පත්වීමෙන් වළකින්නයි.
  • බොරුව ඔවුන්ට අවශ්‍ය දේවල් ලබා ගැනීමට උපකාර කරනවා.
  • යමෙකුගේ හැඟීම් ආරක්ෂා කිරීම සඳහා වැඩිහිටි කුඩා දරුවන් ‘යහපත්’ බොරු ද කියන්න පුළුවන් – නිදසුනක් වශයෙන් ඔවුන් සැබවින්ම අකමැති තෑග්ගකට කෘතඥ වන බව මවා පෙන්වීමට.

 

කුඩා දරුවන්ගේ පළමු බොරු

 

බොරු කීම සාමාන්‍ය ළමා හැසිරීම් වල හා සංවර්ධනයේ කොටසක්. මෙහිදී ඔබේ ළදරුවා ඔබ සියල්ලම නොදන්නා බව වටහා ගැනීමට පටන් ගෙන ඇති අතර ඒක ඔවුන් විශ්වාස කරන සත්‍යය සමඟ අත්වැල් බැඳගන්න හේතු වෙනවා. කුඩා දරුවන් වයස අවුරුදු දෙකහමාරේ ඉඳන් බොරු කීමට පටන් ගත්තාත් වයසින් වැඩෙනකොට ඒක හොඳ කර ගන්න පුළුවන්.

 

ඔබේ දරුවාගේ බොරු වලට කරන්න පුළුවන් දේවල් මොනවාද?

කුඩා දරුවෙකුගේ බොරු කීම හසුරුවන්න පුළුවන් හොඳම ක්‍රමය හොයාගන්න එක රඳා පවතින්නේ දරුවා බොරු කියන හේතුව මතයි.

 

නාට්‍යය රඟපෑමට : ඔවුන්ගේ පරිකල්පනය හා කතන්දර කීම ගැන අගය කරන්න. කාලයාගේ ඇවෑමෙන් මනඃකල්පිතය සහ යථාර්ථය අතර වෙනස හඳුනාගෙන කියන්නට ඒක ඔවුන්ට උපකාරී වෙයි.

 

නොසන්සුන් ආශාවන්: ඔවුන්ගේ යටි සිතේ පවතින හැඟීම් ගැන කතා කිරීමට ඔවුන්ට උදව් කරන්න.

 

ප්‍රශංසාව සෙවීමට: ඔවුන්ගේ ආත්ම අභිමානය වෙනත් ආකාරවලින් ගොඩනංවා දීමට උත්සාහ කරන්න.

 

කරදර වළක්වා ගැනීමට: බොරු කීම වටින බවක් පෙනෙන තත්ත්වයකට ඔබේ දරුවා යොමු නොකිරීමට උත්සාහ කරන්න. නිදසුනක් වශයෙන්, ‘ඔයා ඔයාගේ පොත් රාක්කයෙන් ඇදලා දැම්මාද?’ කියලා අසනවාට වඩා, ‘ඔයාගේ පොත් බිම වැටිලා. කරුණාකරලා ඒවා නැවත රාක්කයේ තියන්න’ කියන්න.

 

ඔබව හසුරුවන්නට: ඔවුන්ගේ රැවටිලි කතා හඳුනාගන්න. ‘සීයා කිව්වා දැන් රසකැවිලි ටිකක් කෑවා නම් හොඳයි කියලා’ කියා දරුවන් ඔබට කිව්වොත් ඔබ ඒකට පිළිතුරු දෙන්න ඕනේ ‘ඇත්තද? මම සීයා එක්ක ඒ ගැන කතා කරලා බලන්නම්’ හෝ ‘හොඳයි, ඒත් රාත්‍රී ආහාරයට කලින් රසකැවිලි කන එක හොඳ අදහසක් කියලා මම හිතන්නේ නෑ’ ආකාරයට කියන්න.

 

ඔබේ දරුවා පැහැදිලි බොරුවක් කියන්නේ කියලා ඔබට තේරුණොත්, එයා බොරු කීමට හේතුව සහ ඊළඟ වතාවේ ඔබ එයා කරනවාට කැමති දේවල් ගැන දරුවා සමඟ කතා කරන්න. බොරු කීම සුදුසු නොවන බව පැහැදිලි කරලා දෙන්න. බොරු කීමේ පුරුද්ද අධෛර්යමත් කිරීම සඳහා සුදුසු ක්‍රමයක් භාවිතා කිරීම ගැන ද සලකා බලන්න.

 

කුඩා කල සිටම අවංකකම දිරිමත් කරන්න

ඔබ සහ දරුවන් අතර හොඳ සබඳතාවයක් හැදෙන්න පදනම් වන්නේ විශ්වාසයයි. ඒ සඳහා අවංකකම ද අවශ්‍ය වෙනවා. 

 

ඔබේ ළදරුවාව අවංක වීමට දිරිමත් කරන්න පුළුවන් දේවල් :

  • ඔබේ පවුල අවංකකම අගය කරන බව පැහැදිලි කරන්න.
  • ඔබේ දරුවා සත්‍යය පැවසීම ගැන ප්‍රශංසා කරන්න, විශේෂයෙන් ඔවුන් යමක් අයිති කර ගත්තාම.
  • ඔබ විසින් මුලින්ම සත්‍යවාදී වෙන්න සහ ඔබේ පොරොන්දු දරුවාට ඉටු කරන්න.

 

දරුවන් අපයෝජන හෝ වෙනත් බරපතල ගැටළු ගැන නොකියනකොට :

සමහර විට ළමයින් ලිංගික අතවර වගේ බරපතල කාරණයක් වසන් කිරීමටත් බොරු කියනවා. ඔබේ දරුවාටත් ඒ වගේ බරපතල දෙයක් සිදු වෙලා නම්, එයාගේ මානසික වෙනස්වීම් හෝ හැසිරීම් වල වෙනස්වීම් වගේ වෙනත් කරදරකාරී සලකුණු ඔබට දරුවා තුළින් දකින්න පුළුවන් වෙන්න ඕනේ. ඔබේ දරුවා සමඟ දිගටම කතා කිරීමට උත්සාහ කරන්න. සිදු වුණේ මොකක්ද කියලා කියන්න තරම් දරුවාට ආරක්ෂිත හැඟීමක් ලබා දෙන්න. එතකොට ඔබට පුළුවන් එයාට උදව් කරන්න. ඔබේ කාර්යභාරය වන්නේ ඔබේ දරුවාට ඇහුම්කන් දීම සහ උපකාර කිරීමයි. අනෙක් අයටඒ ගැන තොරතුරු විමර්ශනය කිරීමට ඉඩ දෙන්න.