Search here...
TOP
පෝෂණ​ය

කාචෝරි – Indian street food

කාචෝරි කියන්නේ ඉන්දියාවේ ජනප්‍රිය ස්ට්‍රීට් ෆුඩ් එකක්. මේක ගොඩක් වෙලාවට ධාන්‍ය වර්ගයක් සහිත ෆිලින් එකකින් තමයි හදන්නේ. කඩල, මෑ ඇට, ග්‍රීන් පීස් වගේ ඇට වර්ග භාවිතා කරනවා.

අවශ්‍ය ද්‍රව්‍ය:-

ෆිලින් එකට-
තම්බාගත් ඔබ කැමති ධාන්‍ය වර්ගයකින් කෝප්ප 3/4
සූදුරු ඇට තේ හැඳි 1
ගරම් මසාලා තේ හැඳි 3/4
අවශ්‍ය පමණට මිරිස් කුඩු
කොත්තමල්ලි කුඩු තේ හැඳි 2
රස අනුව ලුණු

ඩෝ එකට-
පිටි කෝප්ප 2
ගිතෙල් හෝ පොල්තෙල් කෝප්ප 1/4
රස අනුව ලුණු
සිසිල් වතුර (අවශ්‍ය පමණට )
ගැඹුරු තෙලේ බැදීමට තෙල්

  • තම්බා ගත් ධාන්‍ය ටික තරමක් ලොකු කෑලි සිටින සේ පොඩි කරගන්න.
  • පෑන් එකක තෙල් තේහැන්දක් රත් කර එයට සූදුරු ටික එකතු කරන්න.
  • සූදුරු ටික පුපුරනකොට ධාන්‍ය ටිකයි ෆිලින් එකට අවශ්‍ය අනෙක් අමුද්‍රව්‍ය ටිකයි එකතු කරලා අඩු ගින්දරේ පිසගන්න.
  • පෑන් එක ලිපෙන් බාලා නිවෙන්න තියන්න.
  • ඩෝ එක හදන්න බෝල් එකකට පිටි සහ ලුණු දලා කලවම් කරන්න.
  • එයට තෙල් ටික එකතු කරන්න.ක්‍රම්බ් කරන්න.
  • එයට ටික ටික වතුර දමමින් පැටිස් ඩෝ එක වගේ ගානට එනකම් නීඩ් කරන්න.
  • ඩෝ එකෙන් බෝලයක් හදලා විනාඩි 15ක් පිපෙන්න වහලා තියන්න.
  • දැන් ඒකෙන් පොඩි බෝල හදලා රොටියක් වගේ ෆ්ලැට් කරගන්න.
  • මැදින් ෆිලින් එක තියලා රොටිය වටෙන් මැදට එකතු කරලා ආයෙත් යන්තම් රෝලින් පින් එකෙන් පොඩ්ඩක් රෝල් කරන්න.
  • ගැඹුරු තෙලේ බැදලා රසවිඳින්න.

«

»