කේරළ රසට හදාගන්න පුළුවන් බිත්තර රෙසිපි එකක්

හැමදාම එකම විදියට එකම රසට කන්න බෑනෙ. ඉතින් ඔන්න අපිඅරන් ආව කේරළේ රසට හදාගන්න පුළුවන් බිත්තර රෙසිපි එකක්. මේක බත් එක්ක, පාන් එක්ක වගේම ආප්ප, ඉඳිආප්ප වගේ කෑම එක්කත් නියමෙටම ගැලපෙනවා. 

 

කේර​ළ එග්රෝස්ට්

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. තම්බාගත් බිත්තර 4ක්
  2. පොල්තෙල් මේස හැඳි 1
  3. චොප්කරගත් ළූණු ගෙඩි 2
  4. කරපිංචා කො​ළ කිහිපයක්
  5. චොප්කරගත් තක්කාලි ගෙඩි 1
  6. ලුණු
  7. මිරිස්කුඩු තේ හැඳි 1
  8. කහ තේ හැඳි කාලක්
  9. ගම්මිරිස්කුඩු

 

 

  • පෑන් එකට තෙල් ටිකක් දාගන්න. තෙල් රත් වෙනකොට ළූණු ටික දාලා බැදෙන්න අරින්න. කරපිංචා ටිකත් දාගන්න. ළූණු ටික රන්වන්පාට වෙනකල් බැදගන්න ඕනෙ. 
  • ටිකකින් තක්කාලි ටික දාගෙන ​රස අනුව ලුණු, මිරිස්කුඩු සහ කහ ටිකත් එකතු කරන්න. ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2ක් වගේ දාගන්න. තක්කාලි ටික චොප් වෙලා, බෙරි වෙනකල් හැඳිගාගන්න.
  • දැන් වතුර කෝප්ප 1/2ක් වගේ දාගන්න. විනාඩි 3ක් වගේ මෙහෙම කුක් කරලා බිත්තර ටික දාගන්න. මතක තියාගන්න බිත්තර වල පිහියෙන් හතර පැත්තෙන්ම කැපුම් දාලා තමයි කරි එකට එකතු කරගන්න ඕනේ. 
  • දැන් හො​ඳට කලවම් කරගන්න ග්‍රේවි එක බිත්තර වලට උනනකල්. හො​ඳට කලවම් කරලා විනාඩි 3ක් වගේ තියලා ලිප ඕෆ් කරගන්න.