KFC එකේ රසට ගෙදරදීම ෆ්‍රයිඩ් චිකන් හදාගන්න මෙන්න අපෙන් රෙසිපි එකක්

මේ නම කිව්ව ගමන් හා කියල උඩ පනින පොඩ්ඩොනෙ ඉතින් ඕනම ගෙදරක ඉන්නෙ. ඒත් දැන් දැන් සෞඛ්‍ය ගැන වැඩි වැඩියෙන් හිතන්න වෙලා තියෙන කාලෙක මේ කඩ කෑම ඕන එකක් ගෙදරම හදල දෙන්න පුළුවන් නම් අම්මල ආසයි. ඔන්න අපි අද හදමු KFC චිකන්.

 

KFC චිකන්

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

  1. සීසනින් එකට අවශ්‍ය ද්‍රව්‍ය
  2. කටු ඉවත් කරගත් චිකන් බ්‍රෙස්ට් එකක්
  3. සෝයා සෝස් මේස හැන්දක්
  4. ලුණු තේ හැඳි 3/4
  5. සීනි තේ හැන්දක්
  6. වතුර

 

බැටර් එකට අවශ්‍ය ද්‍රව්‍ය

 

  1. පාන් පිටි කප් 2
  2. කහ තේ හැඳි 1/4
  3. මිරිස් කුඩු තේ හැඳි 2
  4. ගම්මිරිස් කුඩු තේ හැඳි 1 1/2
  5. ලුණු තේ හැඳි 1
  6. චිකන් ස්ටොක් පව්ඩර් තේ හැඳි 1
  7. ගාලික් පව්ඩර් තේ හැඳි 1
  8. අනියන් පව්ඩර් තේ හැඳි 1
  9. ඕට්ස් ටිකක්
  10. බිත්තරයක්
  11. (ගාලික් පවුඩර් වෙනුවට හොඳින් කෑලි නොහිටින්න තලාගත් සුදුළූණුත්, චිකන් ස්ටොක් සහ අනියන් පවුඩර් වෙනුවට චිකන් සුප් කැටයකුත් ගන්න පුළුවන්.)

 

 

  • චිකන් එක වැහෙන තරම් වතුර ප්‍රමාණෙකට සෝයා සෝස්, ලුණු, සීනි කලවම් කරගෙන චිකන් බ්‍රෙස්ට් එක සෝදල ඒ වතුර එකට දාන්න. ලන්ච් ශීට් එකකින් කවර් කරල අවම පැය දෙකක් හෝ උපරිම රැයක් ශීතකරණයේ තියාගන්න.
  • බිත්තරය හැර බැටර් එකට අවශ්‍ය ද්‍රව්‍ය ටික සේරම එකට මිශ්‍ර කරගන්න. මේකට වතුර එක් නොකර වියළි පිටි මිශ්‍රණයක් විදියට හදාගන්න.
  • සීසන් කරගත්ත චිකන් එක අරගෙන පිරිසිදු රෙද්දකින් හරි කිචන් ටවල් එකකින් හරි තෙත ගතිය පිහිදන්න. කැමති විදියකට කපාගෙන චිකන් කෑලි ටික පිටි මිශ්‍රණයේ එක පාරක් දවට ගන්න.
  • බිත්තරය පොඩ්ඩක් බීට් කරල පිටි තවර ගත්තු චිකන් බිත්තර වල දවට ගෙන ආපහු පිටි මිශ්‍රණ​යට දාගන්න.රන්වන් පාට වෙනකම් ගැඹුරු තෙලේ බැදගන්න.