ගැබිණි සමයේ කෝපි පරිභෝජනය ගැන දැනගන්න

කෝපි කියන්නේ අපි කාගේත් රස දිව පිනා යන පානයක්. ගර්භණී සමයේදී ඔයාට කෝපි කෝප්පයක රස බලන්න කැමතියි නේද? නමුත් ඔයාට උපදින දරුවා ගැන හිතලා දිනකට පරිභෝජනය කරන කැෆේන් ප්‍රමාණය මිලිග්‍රෑම් 200 කට සීමා කරන්න වෙනවා. එනම් ඔයාට දිනකට ක්ෂණික කෝපි කෝප්ප දෙකක් හෝ සාමාන්‍ය කෝපි කෝප්පයක් තමයි පානය කරන්න පුළුවන්.

කෝපි වල කැෆේන් අන්තර්ගත බව කවුරුත් දන්නා කරුණක්. ඔයා ගර්භණීව සිට නිතිපතා කැෆේන් මිලිග්‍රෑම් 200 ට වඩා පානය කරන්නේ නම්, ඔයාගේ කුස තුල වැඩෙන දරුවා ගබ්සා වීමේ අවදානම හෝ අඩු උපත් බරක් සහිත දරුවෙකු ලැබීමට ඉඩ තියෙනවා.

කැෆේන් ප්‍රභවයන්ට ඇතුළත් වන කෝපි මෙන්ම ඔයාට තේ (ග්‍රීන් ටී ඇතුළුව), කෝලා, ශක්තිජනක බීම සහ චොකලට් ආහාරයට සීමාවක් තිබිය යුතුයි.

කෝපි මිලදීගන්නා ස්ථාන සහ බ්‍රෑන්ඩ් අනුව වෙනස් වෙන්න පුළුවන්

සාන්ද්‍ර කෝපි වල කැෆේන් අඩංගු බව මතක තබා ගන්න. කැපචිනෝ, ලතේ වැනි සාන්ද්‍ර කෝපි පදනම් කරගෙන හදන කෝපි වර්ග වල කැෆේන් ප්‍රමාණය ඔබ කෝපි මිලදීගන්නා ස්ථාන සහ බ්‍රෑන්ඩ් අනුව වෙනස් වෙන්න පුළුවන්. එනම් එක ස්ථානයක හෝ බ්‍රෑන්ඩ් එකක අඩංගු කැෆේන් ප්‍රමාණය මිලිග්‍රෑම් 50 සිට මිලිග්‍රෑම් 300 දක්වා වෙනස් වෙන්න පුළුවන්. මේ නිසා ලබාගන්නා කැෆේන් ප්‍රමාණය හරියටම ගණනය කරගන්න ඔයාට හැකියාව නැති වෙන්න පුළුවන්. 

 

ක්ෂණික කෝපි වෙත මාරු වෙන්න

ඔයාට කෝපි පානය අඩු කිරීමට අවශ්‍ය නම්, කොටන ලද කෝපි වල සිට ක්ෂණික කෝපි වෙත මාරු වෙන්න පුළුවන්. සාපේක්ෂව සාමාන්‍ය කෝපි වලට වඩා ක්ශණික කෝපි වල කැෆේන් ප්‍රමාණය අඩුයි. කොහොම උනත් ලේබල් කියවා අඩංගු කැෆේන් ප්‍රමාණය ගැන දැනුවත් වෙලා පාවිච්චි කරන්න. එහෙමත් නැති නම් කෝපි තේ හැඳි භාගයක් පමණක් භාවිතා කිරීමෙන් කෝපි කෝප්පයක් පිළියෙළ කර ගෙන පානය කරන්න.

 

කැෆේන් ඉවත් කරන ලද කෝපි

Decaffeinated නැත්නම් කැෆේන් ඉවත් කරන ලද කෝපි ද හොඳ විකල්පයක් වන අතර එය සාමාන්‍ය කෝපි වලට සමාන යි. ඔයාට ඔයාවම රවටන්න වෙනවා.  Decaffeinated කෝපි වලින් කැෆේන් වල රස ලබා ගන්න පුළුවන්.

කැෆේන් ප්‍රමාණය ගැන ඔයා කණස්සල්ලට පත්ව සිටී නම්, වෛද්‍යවරයා සමඟ කතා කර විසඳුමක් සොයා ගන්න එක තමා වඩාත්ම සුදුසු.