ලිංගිකව ක්‍රියාශීලී නොවීම ඔබේ ශරීරයට බලපාන්නෙ මෙහෙමයි

ලිංගිකව හැසිරීම ශරීරයට ඉතා හොඳ දෙයක් බවයි පර්යේශකයින්ගේ මතය. ලිංගිකව ක්රියාශීලි නොවීම ශරීරයට අහිතකර බලපෑම් එල්ල කරන බව ඔබ දැන සිටියාද? දිගුකාලීනව ලිංගිකව ක්රියාශීලී නොවීම හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩි කරන අතර ශරීරයේ ප්රබෝධවත් බවද නැතිකරනවා

ක්රියාශීලි ලිංගික ජීවිතයක් ගත නොකිරීමෙන් ඇතිවන අතුරු ආබාධ 8ක් පිළිබඳව අද අපි කතාබහ කරමු

 

1. හෘද රෝග ඇතිවීමේ අවදානම වැඩිවීම

විද්යාත්මක පරීක්ෂණයකින් හෙළිවී ඇත්තේ සතියකට දෙවතාවක් ලිංගිකව හැසිරෙන පුද්ගලයකුට වඩා මසකට වරක් පමණ ලිංගිකව හැසිරෙන පුද්ගලයින්ට ධමනි ආශ්රිතව අවහිරවීම් ඇතිවීමේ අවදානම වැඩි බවයි. වගේම නිතිපතා ලිංගිකව හැසිරෙන පිරිමින්ට වඩා හොඳ රුධිර සංසරණයක් සහ සෞඛ් සම්පන්න රුධිර නාල පද්ධතියක් තියෙනවා. 

 

2. ආතතිය වැඩිවීම

ලිංගික හැසිරීමේදී එන්ඩොර්ෆින් (endorphins) සහ මොළය විසින් නිපදවන ඔක්සිටොසින් (oxytocin) හෝමෝනය මට්ටම ඉහළ නැගීම සිදු වනවා. මෙම ඔක්සිටොසින් (oxytocin) හෝමෝනය මගින් මානසික ආතතිය ඇති කරවන කෝටිසෝල් හෝමෝනයේ (cortisol) බලපෑම අවම කිරීම සිදුවනවා. ක්රියාශීලී ලිංගික ජීවිතයෙන් බැහැර වූ පසු ඔබට මානසිකව වශයෙන් කළකිරීමේ ස්වභාවයක් ඇති වනවා. වගේම ස්වයංවින්දනයේ යෙදීමට වඩා ලිංගික සංසර්ගය වඩාත් ඵලදායකයි

 

3. මොළයේ වර්ධනය මන්දගාමී වීම

ඔක්ස්ෆර්ඩ් සහ කොවෙන්ට්රි විශ්ව විද්යාල විසින් කරන ලද අධ්යනයන් මගින් හෙළිව ඇත්තේ තරුණ වියේදී වැඩි වශයෙන් ලිංගික ක්රියාකාරකම් හි යෙදීම මහලු වියේදී වඩාත් දක්ෂ වීමට හේතුවක් වන බවයි. ඔවුන්ට අනුව නිතිපතා රති කෙළියේ යෙදෙන පුද්ගලයින් හට චතුර කථිකත්වය සහ දෘශ්යමය වශයෙන් වස්තූන් වටහා ගැනීමේ හැකියාව වැඩි වශයෙන් තිබෙනවා

 

4. ඉක්මණින් අසනීපවලට ගොදුරුවීමේ අවදානම

ලිංගිකත්වය සිරැරේ ප්රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීම සඳහා උපකාරී වනවා. සමාජයේ බහුල උණ රෝගයන්ගෙන් මිදීමට උපකාරී වන ප්රතිශක්තිකරණයක් ලෙස සැලකෙන ඉමියුනොග්ලොබුලින් ( Immunoglobulin A) වැඩි වශයෙන් නිපදවීමට ලිංගික සක්යතාවය බලපානු ලබනවා. සතියකට දෙවරක් ලිංගිකව හැසිරෙන පුද්ගලයින්ගේ ශරීරයේ ලිංගික කටයුතුවලින් වැළකී සිටින පුද්ගලයින්ට වඩා තිස් ගුණයක් පමණ වැඩියෙන් ඉමියුනොග්ලොබුලින් ( Immunoglobulin A) නිපදවෙනවා.

 

5. ශිෂ්ණය සෘජු වීමේ දුර්වලකම්

නිතර නිතර නිතර ලිංගික කටයුතුවල නිරත නොවන පිරිමි පුද්ගලයින්ගේ ශිෂ්නය ඍජුවීම සම්බන්ධ ගැටළු වැඩි වශයෙන් පවතින බව හෙළිවී තිබෙනවා. සතියකට එක් වතාවක් ලිංගිකව එක්වන පුද්ගලයින්ට දෛනිකව එම කටයුත්තේ නිරත වන පුද්ගලයින්ට වඩා ශිෂ්ණය සෘජු නොවීමේ ආබාධ ඇතිවීම සම්භාවිතාව දෙගුණයක් වන බවයි පර්යේශකයින් පවසනු ලබන්නේ.

 

6. පුරස්ථි ග්රන්ථියේ පිළිකා ඇති වීමේ අවදානම

මේ ආශ්රිතව කරන ලද පර්යේෂණයන්ට අනුව හෙළි වී ඇත්තේ වසරකට 21 ක් වරක් හෝ ඊට වැඩි වාරයක් ශුක්රාණු පිට කරන පිරිමින්ට පුරස්ථි ග්රන්ථියේ පිළිකා වැළඳීමේ අවදානම සියයට 33 කින් අඩු බවයි. ලිංගික ක්රියාකාරකම් මගින් ආතතිය අඩු කිරීමෙන් සහ සෛලවල පරිවෘත්තීය කටයුතු නියාමනය වීම නිසා මෙසේ පිළිකා අවදානම අඩු වී ඇත.

 

7. යෝනිය වියළීමට ලක් වීම

ලිංගික ක්රියාකාරකම් මගින් ඈත්වීම නිසා කාන්තාවන්ගේ යෝනියෙහි, ලිංගික එක්වීමට අවශ් වන තෙතමනය (ලිහිල් බව) අඩු වනවා. ඊස්ට්රජන් හෝමෝනය අඩුවීම නිසා වැඩිහිටි කාන්තාවන් මෙම තත්ත්වයට වඩාත් ගොදුරු වනවා. සාමාන්යයෙන් අවුරුදු 20 ත් 30ත් අතර කාන්තාවන්ගේ සිරැරේ ඊස්ට්රජන් හෝමෝන නිපදවීම වේගය වැඩි නිසා සහ ඔවුන් මෙම තත්ත්වයට ගොදුරු වෙන්නෙ නැහැ. නමුත් වැඩිහිටි කාන්තාවන් මෙම තත්ත්වයට ගොදුරු වීමේ වේගය වැඩියි. 

 

8. ලිංගික උත්තේජනය අඩුවීම

ලිංගික කටයුතු වලින් දිගු කාලයක් තිස්සේ ඈත්ව සිටින කාන්තාවන්ගේ යෝනිය වියළීම වැඩි වනවා සේම ඔවුන්ගේ ලිංගික උත්තේජනය අඩු වීම සිදුවන්න පුළුවන්. දිගු කාලයක් තිස්සේ ලිංගික එක්වීමෙන් වැළකී සිටින කාන්තාවන්ගේ ශරීරයේ ප්රබෝධමත් බව / ලිංගික ක්රියාශීලිත්වය අඩුවනවා මෙන්ම ඔවුන් සුරතාන්තයට ළඟා නොවීමද සිදුවන්න පුළුවන්.

 

කාමුක දර්ශන නැරඹීම උදව්වක් නෙවෙයි 

පර්යේෂකයන්ට අනුව කාමුක දර්ශන සහිත වීඩියෝ, චිත්රපට (porn vedio) නරඹන පුද්ගලයන් ක්රියාශීලී ලිංගික කටයුතු වලින් ඈත් වීම සිදුවනවා. විශේෂයෙන් නව යොවුන් වියේදී සහ වයස විසි ගණන් වල දී අධික ලෙස මෙවැනි වීඩියෝ නරඹන පුද්ගලයන්ට මැදිවියේදී ලිංගික කටයුතු වල ගැටළු මතුවෙන්න පුළුවන්.

 

ලිංගිකත්වය හුදෙක් දරුවන් බිහිකිරීමේ ක්‍රියාවලියක් පමණක් නොව ස්වභාවිකව ශරීර සෞඛ්‍ය පවත්වාගැනීමට පවතින සෞඛ්‍යමත් ක්‍රියාවක්. ක්‍රියාශීලී ලිංගික ජීවිතයක් ඔබව වඩාත් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් බවට පත් කරනවා.