මොකක්ද මේ ලැක්ටෝස් ඉන්ටොලරන්ස්? (2 කොට​ස)

ලැක්ටෝස් ඉන්ටොලරන්ස් තත්ත්වය ඇති දරුවන්ට කිරිවල අන්තර්ගත සීනි (ලැක්ටෝස්) සම්පූර්ණයෙන්ම ජීර්ණය කරගන්න බැරි වෙන එකයි මේකේ තියන ගැටලුව කියලා පළමු ලිපියෙන් ඔබව දැනුම්වත් කළා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට කිරි නිෂ්පාදන අනුභව කිරීමෙන් හෝ පානය කිරීමෙන් පසුව දරුවන්ට පාචනය, ගෑස් සහ ඉදිමීම ආදී ලක්ෂණ පහල වෙනවා. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් හානිකර නොවන නමුත් එහි රෝග ලක්ෂණ නිසා දරුවා අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ඒ පිළිබඳව තොරතුරු කියන ලිපියේ දෙවන කොටසයි මේ…

 

මොකක්ද මේ ලැක්ටෝස් ඉන්ටොලරන්ස් සහ කිරි ආසාත්මිකතාවය? – 1 කොට​ස

 

එළකිරි ආසාත්මිකතාව

එළකිරි ආසාත්මිකතාව කුඩා දරුවන් තුළ බහුලව දක්නට ලැබෙන ආහාර අසාත්මිකතාවක්. සාමාන්‍යයෙන් පාසල් වයසට එළඹෙනකොට දරුවන්ගෙන් එය අතුරුදහන් වෙනවා. එය සිදුවන්නේ ඔබේ දරුවාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය කිරිවල ඇති ප්‍රෝටීන වලට ප්‍රතික්‍රියා කරනකොටයි.

 

රෝග ලක්ෂණ සහ රෝග විනිශ්චය

කිරි වලට ප්‍රතික්‍රියා මිනිත්තු කිහිපයක් ඇතුළත හෝ දින කිහිපයක් තුළ සිදුවිය හැක.

 

වේගවත් ප්‍රතික්‍රියා වලට ඇතුළත් වන්නේ:

 

  • දද ඇතිවීම
  • තොල්, මුහුණ හෝ ඇස් ඉදිමීම
  • බඩේ අමාරුව
  • වමනය
  • පාචනය
  • ශබ්ද නගා හුස්ම ගැනීම හෝ හුස්ම හිරවීම
  • ඉදිමුණු දිව
  • ඉදිමුණු හෝ උගුරේ තද වීම
  • ගොරෝසු කටහඬක්
  • කුඩා දරුවන්ගේ සිහිකල්පනාවේ වෙනසක් හෝ ශරීරය පණ නැතිවීම

 

ප්‍රමාද වෙලා එන ප්‍රතික්‍රියා වලට ඇතුළත් වන්නේ:

 

  • දදයේ වැඩි වීමක්
  • මළපහ වල රුධිරය හෝ ශ්ලේෂ්මල තිබීම 
  • කිරි ගැනීමෙන් පැය 2-24 කට පසු වමනය සහ / හෝ පාචනය

 

ඔබේ දරුවාට කිරි ආසාත්මිකතාවයේ මේ රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයකු හමුවීම ඉතා වැදගත්. වෛද්‍යවරයා විසින් දරුවාගේ රෝග ලක්ෂණ ඉතිහාසය භාවිතා කරමින් රෝග විනිශ්චය කරනවා. නැත්නම් සමහර විට ඒක ආසාත්මිකතා පරීක්ෂණයකින් තහවුරු කර ගනියි.

 

ප්‍රතිකාර

 

ඔබේ දරුවා කිරි වලට අසාත්මික නම් ඔබ ඔවුන්ගේ ආහාර වලින් කිරි නිෂ්පාදන සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනේ. ඔබේ වෛද්‍යවරයාගේ හෝ ආසාත්මිකතා විශේෂඥයෙකුගේ උපදෙස් පිළිපදින්න. එළු කිරි, පොල් කිරි නිෂ්පාදන මෙන්ම වෙනත් සතුන්ගෙන් ගන්න කිරි වලින් ද වළකින්න. බටර්, ක්‍රීම්, කිරි, ගිතෙල්, කිරි, චීස්, milk solids, තිරිඟු, යෝගට්, casein සහ caseinates වගේ ආහාර වල අලවා තිබෙන ලේබල්වල කිරි වෙනුවට විස්තර කිරීමට භාවිතා කරලා තියන වෙනත් වචන ගැනත් විමසිල්ලෙන් පරීක්ෂා කරන්න.

 

ඔබේ දරුවා කිරි ෆෝර්මියුලා එකකින් පෝෂණය කරනවා නම් ඔබට සෝයා ප්‍රෝටීන් ෆෝර්මියුලා (දරුවාට සෝයා වලට ආසාත්මිකතාවයක් නොමැති නම්), extensively hydrolysed formula (EHF) හෝ ඇමයිනෝ අම්ල පදනම් කරගත් ෆෝර්මියුලා (AAF) භාවිතා කරන්න. එළකිරි, එළු කිරි, බැටළු කිරි, HA, A2 කිරි හෝ ලැක්ටෝස් රහිත කිරි ෆෝර්මියුලා භාවිතා කරන්න එපා.

 

ඔබේ දරුවා වයස අවුරුදු 1 ට වැඩි නම් ඔවුන්ට සෝයා කිරි, කැල්සියම් වලින් පොහොසත් සහල් සහ ඕට්ස් හෝ නට් nut milk ලබා දෙන්න පුළුවන්. ඔවුන්ට අවශ්‍ය තරම් කැල්සියම් ලැබෙනවාද යන්න තහවුරු කර ගැනීම වැදගත්.

 

ඔබේ දරුවා කිරි වලට ආසාත්මිකතාවයක් දක්වනවා නම් එපිපෙන් Epipen adrenaline autoinjector එකක් ​​රැගෙන යාමට ඔබට උපදෙස් ලැබෙයි. දරුණු අසාත්මික ප්‍රතික්‍රියා සමහර විට ඇනෆිලැක්සිස් තත්ත්වයට හේතු වෙන්න පුළුවන් නිසා එය බරපතල වන අතර මාරාන්තික වෙන්නත් පුළුවන්. ඇනෆිලැක්සිස් ඇති වුණාම ප්‍රථමාධාර ලබා දීම සඳහා ඇඩ්‍රිනලින් ඔටෝඉන්ජෙක්ටරයක් ​​භාවිතා කරන්න පුළුවන්.

 

ලැක්ටෝස් ඉන්ටොලරන්ස් හෝ කිරි ආසාත්මිකතාව ඇති ළදරුවෙකුට මව්කිරි දීම

ඔබේ දරුවා ලැක්ටෝස් ඉන්ටොලරන්ස් තත්ත්වය ඇති දරුවෙකු නම් ඔබට ඔබේ ආහාර වේල වෙනස් කිරීමට අවශ්‍ය නෑ. ඔබ කොපමණ කිරි ප්‍රමාණයක් පරිභෝජනය කළත් ඔබේ කිරිවල ඇති ලැක්ටෝස් ප්‍රමාණය සමානයි.

 

ලැක්ටෝස් ඉන්ටොලරන්ස් නැතුව ඔබේ දරුවාට කිරි ආසාත්මිකතාවයක් ඇති බව හඳුනාගත්තොත් නම් ඔබේ ආහාර වේලෙන් සියලුම කිරි නිෂ්පාදන ඉවත් කරන්න ඕනේ. ඊට පස්සේ ඔබට සෑම දිනකම කැල්සියම් සහ විටමින් ඩී අතිරේක අවශ්‍ය වෙනවා. ඒ සඳහා ඔබේ වෛද්‍යවරයා හෝ ආසාත්මිකතා විශේෂඥයා විසින් ඔබට උපදෙස් දෙයි.