උපත්පාලන ක්‍රම ගැන දැනුවත්වෙන්න

උපත්පාලන ක්‍රමයක් භාවිතා කරනවා කියන්නේ කාන්තාවක් ගැබ් ගැනීම වැළැක්වීම සඳහා හෝමෝන, උපකරණ හෝ ශල්‍යකර්ම භාවිතා කිරීමයි. එමඟින් යුවළකට දරුවෙක් ලැබීමට අවශ්‍ය නැත්නම් කැමති කාලයකට ඒ පිළිබඳව තෝරා ගැනීමක් කිරීමට ඒ හරහා ඉඩ ලැබෙනවා.

 

බොහෝ වර්ගවල උපත් පාලන ක්‍රම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදන (sexually transmitted infections – STIs) වලින් ආරක්ෂා වෙන්නේ නෑ. ලිංගාශ්‍රිතව බෝ වන රෝග වලින් ආරක්ෂා වීමට මෙන්ම ගැබ්ගැනීම් වලක්වා ගැනීමට ද උපකාරී වන පිරිමි සහ ගැහැණු දෙපාර්ශවයට ම ගැළපෙන එකම උපත් පාලන ක්‍රමය තමයි කොන්ඩම් භාවිතය. එමනිසා ඔබ උපත් පාලන පෙති වගේ වෙනත් ආකාරයේ උපත් පාලන ක්‍රමයක් භාවිතා කරනවා නම් ඔබට ලිංගාශ්‍රිතව බෝවන රෝගයක් වැළඳීමෙන් ආරක්ෂා වෙන්න නම් කොන්ඩම් භාවිතා කරන්නම ඕනේ.

 

1. උපත්පාලන වර්ග

 

කොන්ඩම් (පිරිමි සහ ගැහැණු)

කොන්ඩම් කියන්නේ බාධක උපත්පාලන ආකාරයක්. ශුක්‍රාණුව ඩිම්බයක් කරා ළඟා වීම හා සාරවත් වීම නතර කිරීමෙන් ඔවුන් ගැබ් ගැනීම වළක්වයි. HIV ඇතුළු ලිංගාශ්‍රිතව බෝවන රෝග වලින් ආරක්ෂා වීමටත් එක් ලිංගික සහකරුවෙකුගෙන් තවත් ලිංගික සහකරුවෙක් වෙත රෝග සම්ප්‍රේෂණය වීම වැළැක්වීමටත් කොන්ඩම් උපකාරී වෙනවා. 

 

ඒකාබද්ධ උපත්පාලන පෙති (Combined contraceptive pill)

සාමාන්‍යයෙන් ‘pill’ ලෙස හඳුන්වන ඒකාබද්ධ උපත් පාලන පෙති වල කාන්තාවන්ගේ හෝමෝන වල ස්වාභාවිකවම නිපදවන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරෝන් යන කාන්තා හෝමෝන වල කෘතිමව (මිනිසා විසින් සාදන ලද) අඩංගු කර තිබෙනවා. උපදෙස් අනුවම ගත්තොත් එය 99% කට වඩා ඵලදායී බව සඳහන් වෙනවා. සාමාන්‍ය ලෙස භාවිතයෙන් එය 91% ක් පමණ ඵලදායී වෙනවා.

 

පෙති සාමාන්‍යයෙන් ගැබ් ගැනීම වැළැක්වීම සඳහා ගනු ලබන නමුත් එය පහත තත්ත්වයන්​ට ප්‍රතිකාර කිරීම සඳහා ද භාවිතා කරන්න පුළුවන් :

 

  • වේදනාකාරී ඔසප්වීම්
  • අධික ලෙස ඔසප්වීම
  • පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය
  • එන්ඩොමෙට්‍රියෝසිස්

 

ඔබට රුධිර කැටි ගැසීමේ තත්ත්වයක් තිබෙනවා නම්, දරුණු අක්මා ආබාධ ඇතුළු අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් තිබෙනවා නම් හෝ ඇතැම් ඖෂධ ලබාගෙන තිබෙනවා නම් ඒකාබද්ධ මුඛ උපත්පාලන පෙති ගැනීම සුදුසු නෑ. ඔබ දුම් පානය කරනවා නම් බරපතල අතුරු ආබාධ ඇතිවීමේ අවදානම වැඩියි. ඔබ වයස 35 ට වැඩි නම් සහ දුම් පානය කරනවා නම් මෙම පෙති සුදුසු නැහැ. ඒ වගේම මෙය ඔබට ආරක්ෂිත උපත් පාලන ක්‍රමයක්ද කියලා ඔබේ වෛද්‍යවරයාගෙන් විමසන්න.

 

ප්‍රොජෙස්ටොජන් පමණක් සහිත උපත් පාලන පෙති (Progestogen-only contraceptive pill)

ප්‍රොජෙස්ටොජන් පමණක් සහිත මෙම පෙති වර්ගය mini pill ලෙස ද හැඳින්වෙනවා. කිසිම oestrogen ප්‍රමාණයක් මේකේ අඩංගු වෙන්නේ නෑ. නමුත් ඒක ඒකාබද්ධ පෙති තරම් ඵලදායී නොවන අතර එය සෑම දිනකම එකම වේලාවකදී ගන්න ඕනේ. oestrogen ගන්නකොට ඇති වෙන අතුරු ආබාධ හෝ සෞඛ්‍ය හේතූන් මත ඒකාබද්ධ පෙති ලබා ගත නොහැකි කාන්තාවන්ට ඒක හොඳ විකල්පයක්. දරු ප්‍රසූතියෙන් පසුව මවුවරු මව්කිරි දෙනකොට මෙම උපත් පාලන ක්‍රම බහුලව භාවිතා කරනවා.

 

උපත් පාලන බද්ධ කිරීම් සහ එන්නත් (Contraceptive implants and injections)

උපත් පාලන බද්ධ කිරීම් සහ එන්නත් කියන්නේ දිගුකාලීනව ක්‍රියා කරන ඵලදායී, ආපසු හැරවිය හැකි සහ ප්රොජෙස්ටොජන් පමණක් සහිත උපත් පාලන ක්‍රමයක් වෙනවා. ගර්භණීභාවය වැළැක්වීම සඳහා එය 99% කට වඩා විශ්වාසදායක නමුත් ලිංගාශ්‍රිතව බෝවන රෝග වලින් ආරක්ෂා වෙන්නේ නෑ. එන්නත සෑම සති 12 ත් 14 ත් අතර කාලයක් තුළම ලබා දෙන අතර බද්ධ කිරීම වසර තුනක් දක්වා පවතිනවා.

 

Diaphragms

Diaphragms කියන්නේ කාන්තාවන් විසින් භාවිතා කරන උපත් පාලන බාධක ක්‍රමයක්. ඒවා යෝනියට ඇතුළත් කරන අතර ශුක්‍රාණු ගර්භාෂයේ දොරටුව නැත්නම් ගැබ්ගෙල හරහා ගර්භාෂයට ගමන් කිරීම වළක්වයි. මෙම ක්‍රමය මඟින් ද මගින් ලිංගාශ්‍රිතව බෝවන රෝග වැළැක්වන්න බැහැ.

 

හදිසි උපත් පාලන

අනාරක්ෂිත ලිංගික ඇසුරකින් පසුව ගැබ් ගැනීම වැළැක්වීම සඳහා කාන්තාවකට හදිසි උපත් පාලන ක්‍රමය (‘morning-after pill’ ලෙස ද හැඳින්වෙනවා) භාවිතා කරන්න පුළුවන්. නැත්නම් ඔබ භාවිතා කරන උපත් පාලන ක්‍රමයක් අසමත් වුණා නම් ඔබට භාවිතා කරන්න පුළුවන් හදිසි උපත් පාලන වර්ග දෙකක් තිබෙනවා :

 

  • හදිසි උපත් පාලන පෙති කියන්නේ ප්‍රොජෙස්ටරෝන් අඩංගු තනි පෙති වර්ගයක්. බෙහෙත් වට්ටෝරුවකින් තොරව ඔබට එය වෛද්‍යවරයෙකුගෙන් හෝ බොහෝ ෆාමසිවලින් ලබා ගන්න පුළුවන්. ඔබ හැකි ඉක්මනින් එය ගන්න ඕනේ. වඩාත් සුදුසු වන්නේ ලිංගිකව හැසිරීමෙන් පැය 24 ක් ඇතුළත ගන්න එකයි. එය ගැබ්ගැනීම් වලින් සියයට 85 ක් දක්වා වළක්වයි.
  • තඹ අභ්‍යන්තර උපකරණය (copper intrauterine device – IUD) 

 

ගර්භාෂ උපාංගය (IUD)

අභ්‍යන්තර ගර්භාෂ උපාංගය (IUD) කියන්නේ ගර්භාෂයට ගැලපෙන ප්ලාස්ටික් හා තඹ වලින් සාදන ලද කුඩා ටී හැඩැති උපත් පාලන උපකරණයක්. IUD භාවිතා කරන්නේ ‘දඟරයක්’ හෝ ‘ලූපයක්’ විදිහටයි. ඒක දිගුකාලීනව ක්‍රියා කරන සහ ආපසු හරවන්න පුළුවන් උපත් පාලන ක්‍රමයක් වන අතර එය තෝරා ගන්නා වර්ගය අනුව අවුරුදු පහක් හෝ දහයක් ගර්භාෂයේ තබා ගන්න පුළුවන්. අනාරක්ෂිත ලිංගික ඇසුරක් පවත්වා දින පහක් (පැය 120ක්) ඇතුළත වෛද්‍යවරයෙක් විසින් එය සවි කළොත් ඒක හදිසි උපත් පාලනයක් කියලා හඳුන්වනවා. සමහර IUD ක්‍රම වල ගර්භණීභාවය වැළැක්වීම සඳහා ක්‍රමයෙන් මුදා හරින හෝමෝන අඩංගු වෙනවා. මෙම IUDs heavy පරිච්ඡේද‍ය කළමනාකරණය කිරීම සඳහා ද භාවිතා කරන්න පුළුවන්. IUDs 99% ක්ම ඵලදායී ක්‍රමයක්.

 

Vasectomy

Vasectomy එහෙමත් නැත්නම් ‘පිරිමි වන්ධ්‍යාකරණය’ කියන්නේ උපත් පාලන ක්‍රම වල සරල හා විශ්වාසදායක ක්‍රමයක්. එය සාමාන්‍යයෙන් ස්ථිර උපත්පාලන ක්‍රමයක් විදිහට සලකන අතර ඒ නිසා ඔබේ වෛද්‍යවරයා සමඟ කලින් සාකච්ඡා කරලා අරගන්න අවශ්‍ය විශාල තීරණයක් වෙනවා. Vasectomy කියන්නේ ඉක්මන් හා සාපේක්ෂව වේදනා රහිත ශල්‍යකර්මයක් වන අතර එයින් ශුක්‍රාණු රැගෙන යන නාල අවහිර කරනවා. එය සාමාන්‍යයෙන් local නිර්වින්දනය යටතේ සිදු කෙරෙනවා.

 

ගැහැණු වන්ධ්‍යාකරණය

ගැහැණු වන්ධ්‍යාකරණය කියන්නේ උපත් පාලන ක්‍රමයක් වන අතර එය කාන්තාවන් ගැබ් ගැනීමට ස්ථිරවම වළක්වනවා. vasectomy වගේම ගැහැණු වන්ධ්‍යාකරණය කියන්නෙත් ඔබේ වෛද්‍යවරයා සමඟ සම්පුර්ණයෙන්ම සාකච්ඡා කරලා ගන්න ඕනේ විශාල තීරණයක්.

 

මෙම මෙහෙයුමට සාමාන්‍යයෙන් ඩිම්බ කෝෂ වල සිට ගර්භාෂය දක්වා ඩිම්බ රැගෙන යන පැලෝපීය නාල කපා දැමීම හෝ අවහිර කිරීම ඇතුළත් වෙනවා. මෙමඟින් ඩිම්බ ශුක්‍රාණු කරා ළඟා වීම හා සංසේචනය වීම වළක්වනවා. එය තරමක් සුළු ශල්‍යකර්මයක් වන අතර බොහෝ කාන්තාවන්ට ඒක කරගෙන එදිනම ආපසු ගෙදර යන්න පුළුවන්.

 

යෝනි වළල්ල (Vaginal ring)

යෝනි වළල්ල කියන්නේ යෝනි මාර්ගය තුළ තැන්පත් කරන කුඩා මෘදු ප්ලාස්ටික් වළල්ලක්. එය දින 21 කට පසු ඉවත් කරනු ලබනවා. දින හතකට පසුව නව මුද්දක් භාවිතා කරනවා. යෝනි වළල්ලේ ඝනකම මිලිමීටර 4 ක් හා විෂ්කම්භය 5.5cm පමණ වෙනවා. එහි oestrogen හා ප්‍රොජෙස්ටොජන් අඩංගු වන නිසා oestrogen අඩංගු උපත් පාලනයක් භාවිතා කරන්න බැරි කාන්තාවන්ට ඒක සුදුසු නෑ. ඔබේ යෝනි මාර්ගයේ වළල්ල තැබීමට හොඳම කාලය ඔබේ වෛද්‍යවරයා හෝ මිඩ්වයිෆ් විසින් ඔබට කියයි.

 

2. දරුවෙකු ලැබීමෙන් පසුව නැවත ඔබට උපත් පාලන ක්‍රම භාවිතා කරන්න පුළුවන් කවදාද?

ඔබ මව්කිරි දුන්නද, ඔබේ ඔසප් කාල පරිච්ඡේදයන් නැවත නොපැමිණියද ළදරුවෙකුගේ උපතින් පසුව ඉතා ඉක්මණින් නැවත ගැබ් ගන්න සම්භාවිතාව තිබෙනවා. ඔබේ ඔසප් කාල පරිච්ඡේදය පැමිණීමට සති දෙකකට පමණ පෙර ඔබෙන් ඩිම්බ මෝචනය වෙනවා. 

 

ඒ නිසා මුල ඉඳන්ම උපත් පාලන වර්ගයක් භාවිතා කිරීම වැදගත්. ඔබ ඔබේ දරුවා සමඟ රෝහලේ ඉන්න කාලයේදීම ඔබ ගෙදර යාමට පෙර ඔබේ වෛද්‍යවරයා හෝ මිඩ් වයිෆ් සමඟ උපත් පාලන ක්‍රම ගැන සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේම දරු උපතින් සති හයකට පසුව කරන පශ්චාත් ප්‍රසව පරීක්‍ෂණයේදීත් ඔබෙන් උපත් පාලන ක්‍රම පිළිබඳව විමසයි. නමුත් ඔබට එය ඕනෑම වේලාවක ඔබේ මිඩ් වයිෆ්, වෛද්‍යවරයා හෝ ප්‍රාදේශීය පවුල් සැලසුම් / ලිංගික සෞඛ්‍ය සායනය සමඟ සාකච්ඡා කරන්න පුළුවන්.

 

ඔබ මව්කිරි දෙන්නේ නැත්නම් ඔබට ඕනෑම ආකාරයක උපත් පාලන ක්‍රමයක් තෝරා ගන්න පුළුවන්. ඔබේ දරුවා ලැබීමෙන් සති හයකට පසුව ඔබට පෙති හෝ යෝනි මුද්ද භාවිතා කිරීම ආරම්භ කරන්න පුළුවන්. ඔබේ දරුවා ඉපදුණු වහාම උපත් පාලන එන්නත් කිරීම් ආරම්භ කරන්නත් පුළුවන්.

 

ඔබ මව්කිරි දෙනවා නම් වහාම ඔබේ සැමියාට කොන්ඩම් හෝ වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න සිදුවෙනවා. සති හතරකට පසු ඔබට IUD, උපත් පාලන එන්නත්, mini pill, diaphragm හෝ යෝනි වළල්ලක් සති හයකට පසුව භාවිතා කිරීම ආරම්භ කරන්න පුළුවන්.

 

උපත්පාලන ක්‍රම කොච්චර ඵලදායීද?

ඔබ භාවිතා කරන ක්‍රමයේ ඵලදායීතාවය පහත සඳහන් සාධක මත රඳා පවතිනවා :

 

  • ඔබේ වයස
  • ඔබ කොපමණ වාරයක් ලිංගිකව හැසිරී ඇත් ද යන්න
  • ඔබ උපත් පාලන ක්‍රම නිවැරදිව භාවිතා කරන්නේ ද යන්න

 

බොහෝ වර්ගවල උපත් පාලන ක්‍රම නිවැරදිව භාවිතා කළොත් 99% කට වඩා ඵලදායී වෙනවා. මෙයින් අදහස් කරන්නේ සෑම වසරකම උපත්පාලන භාවිතා කරන කාන්තාවන් 100 කින් 1 කට වඩා අඩු ප්‍රමාණයක් පමණයි ගැබ් ගන්නේ. පිරිමි කොන්ඩම් නිවැරදිව හා ස්ථාවරව භාවිතා කරනවා නම් එය 98% ක් ඵලදායී වෙනවා. ලිංගාශ්‍රිතව බෝවන රෝග සහ ගර්භණීභාවයෙන් ආරක්ෂා වෙන්න පුළුවන් එකම උපත් පාලන ක්‍රමය ද ඒකයි.

 

උපත්පාලන ක්‍රමයක් ලබා ගන්න පුළුවන් කොහෙන්ද ?

ඔබට ඒවා ලබා ගත හැකි ස්ථාන වලට ඇතුළත් වන්නේ:

  • ඔබේ වෛද්‍යවරයා
  • ලිංගික සෞඛ්‍ය හෝ පවුල් සැලසුම් සායනය
  • ෆාමසිය

 

උපත් පාලනය නතර කිරීම

ඔබ වයසට යනකොට දරුවන් ලැබීමෙන් පසුව හෝ ඔබේ ලිංගික ජීවිතය යම් ආකාරයකින් වෙනස් වුණොත් ඔබ භාවිතා කරන උපත් පාලන ක්‍රම‍ය වෙනස් කිරීමට ඔබට අවශ්‍ය වෙන්න පුළුවන්.

 

සාමාන්‍යයෙන් සාරවත්බව වයස අවුරුදු 37 සිට අඩු වීමට පටන් ගන්නවා. නමුත් සැලසුම් නොකළ ගැබ් ගැනීම් වැළැක්වීම සඳහා මෙම කාලයෙන් පසුවද ඔබට තවමත් උපත් පාලන ක්‍රම භාවිතා කිරීමට අවශ්‍ය වෙන්න පුළුවන්. බොහෝ කාන්තාවන්ට වයස අවුරුදු 55 වන විට ඔසප් නතර වීම කරා ළඟා වෙන අතර සාමාන්‍යයෙන් මෙම කාලය තුළ උපත් පාලන ක්‍රම භාවිතා කිරීම නතර කරන ලෙස උපදෙස් දෙනවා.