දරුවන්ට ශබ්ද හඳුනාගැනීමට ඉගැන්වීම සඳහා ෆොනික්ස් (Phonics) ගැන දැනගමු

ඔබ මේ කාරණය සම්බන්ධයෙන් අවධානයක දක්වලා තියෙන මවක් හෝ පියෙක් නම්, ඔබට ෆොනික්ස් (Phonics) ගැන නිතරම අසන්නට ලැබිලා ඇති. අපි අද මේ කතා කරන්න යන්නෙ ඒ ගැනයි. 

 

ෆොනික්ස් (Phonics) කියන්නේ මොනවාද?

ශබ්ද සහ අකුරු අතර සම්බන්ධයක් ඇති බවයි ෆොනික්ස් වලින් කියලා දෙන්නේ. වෙනත් වචන වලින් කිව්වොත් ඒකෙන් කියවෙන්නේ අපි පවසන දේවල් සහ අපට කියවන්න පුළුවන් හා ලියන්න පුළුවන් දේවල් අතර ඇති සම්බන්ධය ගැනයි. ෆොනික්ස් හරහා ආරම්භක කියවන්නන්ට වචන ශබ්ද කිරීමට අවශ්‍ය උපාය මාර්ග කියලා දෙනවා. උදාහරණයක් ලෙස D අකුරට “doll” වගේ “ඩී” සඳහා විවිධ ශබ්ද ඇති බව ළමයින් ඉගෙන ගන්නවා. එතකොට dog වගේ වචන සෑදීම සඳහා අකුරු ශබ්ද එකට මිශ්‍ර කරන්නේ කොහොමද කියලා ඔබට පුළුවන් දරුවාට උගන්වන්න.

 

එය වැදගත් වන්නේ ඇයි?

ළමයින්ට කියවන දේ තේරුම් ගැනීමට නම්, වචන පැකිලීමකින් තොරව ඉක්මණින් හා ස්වයංක්‍රීයව කියන්න ඔවුන්ට පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ෆොනික්ස් වලින් එම ක්‍රියාවලියේදී දරුවන්ට අවශ්‍ය පහසුකම් සපයනවා.

 

ඔබේ දරුවාගේ පාසල ශබ්ද විද්‍යාව උගන්වන්නේ කොහොමද?

ගුරුවරු ක්‍රමානුකූලව හා අනුක්‍රමිකව ඒ වැඩේ පටන් ගන්නවා. ගුරුවරුන් විසින් දරුවන්ට ඒ ගැන උගන්වමින් ඉදිරියට යන්න කලින් දරුවන්ට බොහෝ පුහුණුව ලබා දෙනවා. මුලින්ම ඔබේ දරුවා කෙටි, පහසු පොත් කියවන්න දෙනවා. විශේෂිත අකුරු ශබ්ද හා ඔවුන්ට පහසුවෙන් වැඩ කරන්න පුළුවන් වචන ඒවායේ අඩංගු වෙනවා. Phonics Box Set වගේ සමාන පොත් නිවසේදීම ලබා දීමෙන් ඔබටත් ඔවුන්ගේ පුහුණුවීම් වලට උදව් කරන්න පුළුවන්.

 

නිවසේදී ශබ්ද ඉගෙනීම ශක්තිමත් කරන්න පුළුවන් තවත් ක්‍රම මෙන්න:

දරුවගේ ගුරුවරයා සමඟ සාකච්ඡා කරන්න. 

පංතියෙන් පරිබාහිරව දරුවාගේ ශබ්ද සහ කියවීම් ඉස්මතු කරන්නේ කොහොමද කියලා විමසන්න. ඔබට ඇති ඕනෑම ගැටළුවක් ගුරුවරයා එක්ක බෙදා ගන්න.

 

ඔබේ දරුවා දිනපතා කියවන දේට සවන් දෙන්න. 

ඔබේ දරුවා සමහර වචන කියන්න පැකිලෙනවා නම්, එය ශබ්ද කිරීමට එයාව දිරිමත් කරන්න. නමුත් එයාට ඒ වෙනකලුත් ඒක කියාගන්න බැරි නම් නම් ඔබ වචනය සපයන්න. ඒකෙන් ඔවුන් වචන කියන්න අධෛර්යමත් වෙන්නේ නෑ.

 

අවබෝධය වැඩි කරන්න. 

“ඊළඟ වචනය මොකක් කියලාද ඔයා හිතන්නේ?” වගේ ප්‍රශ්න අසන්න. හෝ “ඒකෙන් අදහස් කරන්නේ මොකක්ද ?” වගේ ප්‍රශ්න කතන්දර කියවන කාලය තුළදී දරුවගෙන් අහන්න.

 

හුරුපුරුදු පොත් නැවත බලන්න දෙන්න. 

ඔබේ දරුවාගේ පෙර වසරවල ඉඳන් එයා කැමති පොත් නැවත කියවීමට අවශ්‍ය නම් කමක් නෑ. ඇත්ත වශයෙන්ම ඒවා ද දරුවාට ප්‍රයෝජනවත් වෙනවා !

 

හයියෙන් කියවන්න. 

ඔබේ දරුවාගේ මනස උද්දීපනය කරන මාතෘකා පිළිබඳ පොත් තෝරලා ගන්න සහ ඒවායේ එක් එක් චරිත සඳහා විවිධ කටහඬවල් භාවිතා කරමින් උද්‍යෝගයෙන් කියවන්න.

 

පොත් කියවන එක ප්‍රීතිය පතුරවන දෙයක් බවට පත් කරන්න. 

නිවස වටා පොත් සහ සඟරා ඕනෑ තරම් තබමින් ඔබත් කියවන්න. කියවීම කියන පුරුද්ද කොතරම් වටිනවාදැයි ඔබේ දරුවාට පෙන්වන්න. ඔබ දරුවන්ට ශබ්ද විද්‍යාව උගන්වන අතරම කියවීමේ පුරුද්ද ඔවුන්ගේ ජීවිත කාලය පුරාම ආදරය කරන පුරුද්දක් විදිහට වර්ධනය කරවන්න පුළුවන්.