Search here...
TOP
එදිනෙදා ජීවිත​ය ළමා මන​ස

වැරදි වලින් ඉගෙනීම – ළමයින්ට දේවල් වැරදුණාම ඒවායෙ හොඳ පැත්ත බලන්න උදව් කරන්න

වැරදි හා අතපසුවීම් වලින් ඉගෙනීම කියන්නේ ළමා හා නව යොවුන් වියේ දරුවන්ගේ වර්ධනයේ වැදගත් අංගයක්. බොහෝ වැඩිහිටියන් මෙම සංකල්පය තේරුම් ගන්නවා. ඒත් දේවල් වැරදෙද්දී ඒ සිදුවීම් වල ද ධනාත්මක පැත්තක් ඇති බව අපේ දරුවන්ට ඉගැන්වීමට අපි අසමත් වෙලා තියනවා.

බොහෝ ළමයින් හැදී වැඩෙන්නේ පරිපූර්ණ වීමට ඔවුන්ට බලපෑම් කරන සමාජයකයි. ඉහළම විභාග ලකුණු ලබා ගැනීම, වටිනා ශිෂ්‍යත්ව ලබා ගැනීම, හොඳම විශ්ව විද්‍යාල වලට ඇතුළත් වීම වගේ බලපෑම් ඒ අතර ඉහළයි. ඒ නිසාම දෙමව්පියන් ද තමන්ගේ දරුවන්ගේ ලකුණු වැඩි කිරීම සඳහා දරුවන්ගේ ගෙදර වැඩ නිවැරදිව කිරීමට හෝ පරිපූර්ණ ආකාරයෙන් කිරීමට බලපෑම් කරනවා. වැඩිදියුණු කිරීමක් අවශ්‍ය වන දරුවෙකුගේ දුර්වල ක්ෂේත්‍ර පෙන්වා දීමට උත්සාහ කරන ගුරුවරුන් සමඟ පවා ඔවුන් තර්ක කරන්න පවා පෙළඹෙනවා.

මේ සියල්ලටම අවධානය යොමු කිරීම දරුවන්ගේ ඉගෙනීමට බලපාන්නේ කොහොමද? වැරදි වලින් ඉගෙනීම සෞඛ්‍ය සම්පන්න සංවර්ධනයේ කොටසක් බව තේරුම් ගැනීමට අපි ඔවුන්ට උදව් කරන්නේ කොහොමද? ඒ ගැන අද අපි ඔබට කියන්නම්.

 

වැරදි වලින් ඉගෙනීම වැදගත් වන්නේ ඇයි?

දරුවන් ගෙදර වැඩ වලදී, මිත්‍රත්වයන් වර්ධනය කරගනිද්දී හෝ ක්‍රීඩාවක් කිරීමේදී ආදී ඕනෙම දේකදී වැරදි වලින් ඉගෙනීම කියන්නේ දරුවන්ට ලැබෙන පොහොසත් අත්දැකීමක්. වැරදි වලින් ඉගෙනීම කියන්නේ වෙනස් ආකාරයකින් දේවල් කිරීමට ඉගෙන ගැනීමට අප අපටම අභියෝග කරන ආකාරයෙ කොටසක්. ගැටළු විසඳීම සඳහා නැවුම්, නව ප්‍රවේශයන් අත්හදා බැලීමට එය අපව පොළඹවනවා. ජීවිත කාලය පුරාම, වැරදිවලින් ඉගෙනීමට අවශ්‍ය වෙන දැනුම සහ නිවැරදි විනිශ්චයන් වර්ධනය කර ගන්නට ඒවා උපකාරී වෙනවා.

දෙමවුපියන් විසින් දරුවන්ගේ අවධානය බොහෝ විට අභියෝගාත්මක පරීක්ෂණ සඳහා යොමු කරවන නිසා ඒ වගේ දරුවන්ට වැරදීම් කරන්න අවස්ථාවක් ලබා දෙන්නේ නෑ. අධ්‍යාපනඥයින් ද ඉගෙනීම සඳහා වැරදි නොකරන තත්ත්වයන් තමයි නිර්මාණය කරලා දීලා තියෙන්නේ. දෙමව්පියන් ද එය අනුගමනය කරනවා. නිදසුනක් වශයෙන්, අපි එකම ගණිත ගැටලුවක් වෙනුවෙන් ළමයින්ට නැවත නැවතත් පීඩනයක් එල්ල කළොත්, ඔවුන්ට අවසානයේ පිළිතුර මතකයේ රැඳෙයි. ඔවුන් වාසනාවන්ත නම්, විභාග වලදී එම පිළිතුර ඔවුන්ට මතක් වෙයි.

ඒත් ඉගෙනීමේදී මෙම ප්‍රවේශ හරහා උපකල්පනය කරන්නේ සිසුන්ට වැරදි කිරීමට ඉඩ දුන්නොත් ඔවුන් නිවැරදි තොරතුරු ඉගෙන නොගන්නා බවයි. කෙසේ වෙතත්, මෑත කාලීන පර්යේෂණ වලින් පෙනී යන්නේ මෙය වැරදි උපකල්පනයක් බවයි. ඇත්ත වශයෙන්ම, නවීන අධ්‍යයනවලින් සොයාගෙන ඇත්තේ ඉගෙනීමෙන් ඈත් නොවී, වැරදි වලින් ද දරුවන්ට දේවල් ඉගෙන ගන්න දෙන එකෙන් ඔවුන්ගේ අධ්‍යාපනය වැඩි දියුණු වෙන බවයි.

 

වැරදි වලින් ඉගෙනීම දරුවන්ගේ උත්සාහය සහ අභිප්‍රේරණය වැඩි දියුණු කරයි

දරුවන්ගේ බුද්ධිය වෙනුවෙන් ප්‍රශංසා කිරීමෙන් ඇත්ත වශයෙන්ම අභියෝගයන්ට මුහුණ දීමට ඔවුන්ට ඇති ඉඩකඩ අඩු කරවන බව පර්‍යේෂණ මගින් සොයාගෙන තියෙනවා. 

ඒ නිසා වැරදි කරමින් ඉගෙන ගැනීම ගැන අර්ථවත් හා නිශ්චිත ප්‍රශංසාවක් ලබා දීමෙන් ඒ වැරදි වලින් ඉගෙන ගන්නට දරුවන් පෙළඹෙනවා. එම ප්‍රශංසාව ඔවුන්ගේ චරිත වල හැකියාවන් වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරන අතර ඔවුන්ගේ අභ්‍යන්තර හැකියාවන් තේරුම් ගැනීමට ද ඔවුන්ට උපකාර කරනවා. එය දරුවෙකුගේ ඔරොත්තු දීමේ හැකියාවන් ද වර්ධනය කිරීමේ අවස්ථාවක්.

වැරදි වලින් ඉගෙන ගැනීමට උපකාර කළ හැකි ක්‍රම දහයක්

  1. ඔවුන් පරිපූර්ණ වෙන්න ඕනේ කියලා ඔබ අපේක්ෂා නොකරන බව පිළිගන්න.
  2. ඔවුන්ගේ වැරදි හෝ විනිශ්චයේ අඩුපාඩු නොසලකා කොන්දේසි විරහිත බව ඔවුන්ට ආදරය කරන බව කියලා දෙන්න.
  3. ළමයින්ගේ වැරදි වලින් ඔවුන්ව ගලවා ගන්න එපා. ඒ වෙනුවට, විසඳුම කෙරෙහි අවධානය යොමු කරවන්න.
  4. ඔබේම වැරදි, ප්‍රතිවිපාක සහ ඔබ ඒවායින් ඉගෙන ගත් ආකාරය ගැන පිළිබඳ උදාහරණ සපයන්න.
  5. ඔවුන්ගේ වැරදිවලට වගකීම භාර ගැනීමට දරුවන්ව දිරිමත් කරන්න.
  6. ඔබේ දරුවාගේ අතීත වැරදි පෙන්වා දීමෙන් වළකින්න. ඒ වෙනුවට, වර්තමානය කෙරෙහි අවධානය යොමු කරන්න.
  7. තමන්ගේ වැරදි පිළිගැනීමට ඇති හැකියාව ගැන දරුවන්ට ප්‍රශංසා කරන්න.
  8. පසුබෑම් වලින් මිදීමට දරුවන් දරන උත්සාහය හා ධෛර්යය ගැන ඔවුන්ට ප්‍රශංසා කරන්න.
  9. ඔබේ දරුවාගේ වැරදි නිසා අනිත් අයට රිදවීමක් වුණාම සමාව ඉල්ලන්නේ කොහොමද යන්න පිළිබඳව ඔබේ දරුවාට උපදෙස් දෙන්න.
  10. දේවල් වැරදීමේ හොඳ පැත්ත ගැන හිතා බැලීමට දරුවන්ට උදව් කරන්න.

 

වැරදි සිදු වූ විට ඔබේ දරුවාව ධෛර්යමත් කිරීම

වැරදි සහ අසාර්ථකත්වයන්ගෙන් ඉගෙනීම පහසු නෑ. ඒ නිසා ඉගෙනීමට හා සාර්ථක වීමට සියලුම දරුවන්ට දිරිගැන්වීම් අවශ්‍යයි. දුෂ්කර ඉගෙනුම් අභියෝගවලදී දෙමාපියන්ගේ, ගුරුවරුන්හේ සහ උපදේශකයින්ගේ ධනාත්මක වචන දරුවන්ගේ වර්ධනයට හා සංවර්ධනයට අත්‍යවශ්‍ය වෙනවා.

 

«

»