සිසේරියන් සැත්කමක් කිරීමෙන් පසු පාදයේ වේදනාවක් ඇතිවීමට හේතු දන්නවද?

සිසේරියන් සැත්කමක් කිරීමෙන් පසු ඇතිවෙන්න පුළුවන් පාදයේ වේදනාව බොහෝවිට දරාගන්න අමාරුයි. සාමාන්‍ය එදිනෙදා වැඩ කටයුතු කිරීමට පවා වෙහෙසක් දැනෙන තරම් මෙය වැඩිවෙන්න පුළුවන්. ඔබ මෑතක දී සිසේරියන් සැත්කමකින් දරු ප්‍රසූතියක් කර ඇති, කකුලේ වේදනාව අත්විඳින කාන්තාවක් නම්, ඒ සඳහා හේතු ඔබ දැන සිටිය යුතුයි. සිසේරියන් සැත්කමක් කිරීමෙන් පසු පාදයේ වේදනාවට හේතුව කුමක්ද සහ ඔබ කළ යුත්තේ කුමක්ද කියන එක ගැන තමයි Baby and Me අපි අද කතා කරන්න හදන්නෙ.

 

සිසේරියන් සැත්කමක් කිරීමෙන් පසු පාදයේ වේදනාවට හේතුව කුමක්ද?

ස්වභාවික දරු ප්‍රසූතිය දරුවෙකු බිහි කිරීමට හොඳම ක්‍රමයයි. කොහොම වුනත්, සමහර විට, ඇතැම් සෞඛ්‍ය සංකූලතා හෝ පෞද්ගලික තේරීම හේතුවෙන් සමහර කාන්තාවන්ට සිසේරියන් සැත්කමට මුහුණ දෙනවා. මෙය ඇතැම් විටක අතුරු ආබාධයන් ඇති කරවනවා. කකුලේ හෝ දණහිසේ වේදනාව මෙයින් ඇතිවන එක් අතුරු ආබාධ තත්ත්වයක්. 

 

සිසේරියන් සැත්කමක් කිරීමෙන් පසු පාදයේ වේදනාවට හේතු විය හැකි හේතු ගැන දැනගමු. 

  1. ස්නායු හානිවීම්

එපිඩියුරල් එක ලබාදීමේ ස්ථාන්ගතවීම් නිසා සිසේරියන් සැත්කමකදී ස්නායු වලට හානි වෙන්න පුළුවන්. සිසේරියන් සැත්කම හදිසියේ තීරණය වීමට පෙර මව ස්වභාවික ප්‍රසූතිය සඳහා උත්සහ කර ඇතනම්, ප්‍රසූත ඉරියව්වද (lithotomy position) ස්නායු ආබාධවලටද හේතු වෙන්න පුළුවන්. කොහොම වුනත්, බොහෝ මව්වරුන්ට දින කිහිපයක් ඇතුළත අතුරු ආබාධවලින් සුවය ලබා ගන්නවා.

 

  1. මාංශ පේශි තෙහෙට්ටුව හෝ තරල

සමහර විට සිසේරියන් සැත්කම සැලසුම් කරන්නේ නැතිව, සංකූලතා නිසා වෛද්‍යවරු සිසේරියන් සැත්කමක් කිරීමට යෝජනා කරන්න පුළුවන්. එවැනි තත්ත්වයක් යටතේ, ඔබ සැත්කමට පෙර විවිධ ප්‍රසූත ඉරියව් උත්සහ කර තිබෙන්න පුළුවන්. දීර්ඝ කාලයක් එම ප්‍රසිඋත ඉරියව් වල සිටීම නිසා මාංශ පේශීන් තෙහෙට්ටුවට පත්වෙනවා. සිසේරියන් සැත්කමකින් පසු කකුලේ වේදනාව ඇතිවීමට තවත් හේතුවක් වන්නේ ධමනි වල තරල එක්‍ රැස් වීමයි. ඔබේ කකුල් වල තරල එකතු වීමේ වඩාත් පැහැදිලි රෝග ලක්ෂණය වන්නේ කකුල් අධික ලෙස ඉදිමීමයි. මේ බර නිසා කකුල් වල වේදනාව ඇති වන අතර දරු ප්‍රසුතියෙන් පසු සාමාන්‍යයෙන් දින කිහිපයක් තුළ වේදනාව පහව යනවා. වේදනාව පහව නොගියහොත්, ඔබ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි.

 

  1. මාංශ පේශී මත ඇතිවන පීඩනය (Compartment Syndrome)

Compartment Syndrome සිසේරියන් සැත්කමක් කිරීමෙන් පසු අධික වේදනාවක් හා අපහසුතාවයක් ඇති කරනවා. ඔබේ කකුල් වල ඉදිමීම නිසා මෙය සිදුවිය හැකි අතර එමඟින් මාංශ පේශිවලට රුධිර සැපයුම අඩාල වී, කකුල් වල හිරිවැටීම, තද ගතිය සහ වේදනාව ඇති කරයි. දරු ප්‍රසූතියේදී ඔබට රුධිරය විශාල ප්‍රමාණයක් අහිමි වුවහොත් හෝ අඩු රුධිර පීඩනයකින් පෙළෙනවා නම් ඔබේ වෛද්‍යවරයා ප්‍රසූතිය වේගවත් කිරීම සඳහා යම් ඖෂධයක් භාවිතා කරන්න ඉඩ තියෙනව. එයින් ඔබට Compartment Syndrome ඇතිවීමේ අවදානමක් තියෙනව. තත්ත්වය දරුණු වුනොත්, සාමාන්‍ය රුධිර ප්‍රවාහය පවත්වා ගත හැකි වන පරිදි කකුලේ පීඩනය සමනය කිරීමට ශල්‍යකර්මයක් අවශ්‍ය වෙනවා.

 

  1. ගැඹුරු නහර ගැට ගැසීම (DVT)

DVT හෝ deep vein thrombosis යනු ඔබේ ශරීරයේ ගැඹුරු නහර වල ඇති වන තත්ත්වයකි. පශ්චාත් ප්‍රසූතියට සති 6 සිට 8 දක්වා කාලය තුළ ඔබේ පශ්චාත් ප්‍රසව කාලය අවසන් වන තුරු මෙම තත්ත්වය දරුණු වීමේ අවදානම රැඳී තියෙනව. Deep Vein Thrombosis යනු කකුල් වල රුධිර කැටි ගැසීමක් වන අතර එය දැඩි වේදනාවක්, ඉදිමීමක්, රතු පැහැයක් ආදී ලක්ෂණ ඇති කරනවා. මෙම වේදනාව දණහිස, කලවා සහ කොඳු නාරටිය දක්වා ගමන් කරනවා. මේ තත්ත්වය කාන්තාවන්ගෙන් ඉතා සුළු ප්‍රතිශතයකට පමණක් බලපෑවත් එය ජීවිතයට තර්ජනයක් විය හැකි තත්ත්වයක්. මෙය බොහෝවිට ජීවිත තර්ජනයක් දක්වා අවදානමක් වෙන්නෙ රුධිර කැටියක් පෙනහළු කරා ගොස් යම් අවහිරතාවයක් (pulmonary embolism) ඇති කළ හැකි නිසයි.

 

සිසේරියන් සැත්කමකින් පසු කකුලේ වේදනාව අත්විඳින්නේ නම් ඔබ කළ යුත්තේ කුමක්ද?

කකුලේ වේදනාව නරක අතට හැරේ නම් ඔබ රෝහලට ගිය පසු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුයි.

Compression stockings පාවිච්චි කරන්න. ඒවා රුධිර සංසරණය සමනය කිරීමට සහ කකුල් වල රුධිරය එකතු වීම වළක්වා ගැනීමට උපකාරී වෙනවා. 

පපුවේ වේදනාව, හුස්ම හිරවීම, හිසරදය, ගැස්සීම් හෝ වෙනත් එවැනි රෝග ලක්ෂණ ඔබ අත්විඳිනවා නම්, ඔබ පෙනහළු වල අවහි‍රතාවයක් (pulmonary embolism) අත්විඳිනවා විය හැකි අතර ඔබ වහාම හැකි ඉක්මණින් වෛද්‍ය උපකාර ලබා ගත යුතුයි.

ඔබට ව්‍යායාම ආරම්භ කළ හැක්කේ කවදාදැයි දැන ගැනීමට ඔබේ වෛද්‍යවරයා සමඟ කතා කරන්න. විශේෂයෙන් ඇවිදීම, රුධිර සංසරණය නියාමනය කිරීමට සහ පාදයේ වේදනාවෙන් වලට යම් සහනයක් ලබා දෙයි.

නව පටක වල වර්ධනය කිරීම සඳහා ප්‍රෝටීන්, යකඩ සහ විටමින් සී බහුල ආහාර වේලක් ගන්න. එය ඔබව වේගයෙන් සුව කර ඔබේ කුඩා දරුවාට කිරි දීමට අවශ්‍ය ශක්තිය ලබා දෙයි.