ඔබේ පොඩ්ඩා​ව හොඳ මිනිසෙකු ලෙස උස්මහත් කිරීමට අවශ්‍ය පියවර

අප සියලු දෙනාටම අවශ්‍ය වන්නේ අපේ දරුවන් සාර්ථක පුද්ගලයන් වීමයි. නමුත් බොහෝ දෙමවුපියන් දරුවන්ව යහපත් පුද්ගලයෙකු බවට පත්කිරීමට උත්සාහ කරන්නේ නැහැ. ඔබේ දරුවා තුළ නිවැරදි සාරධර්ම ඇති කරන්න, එවිට ඔහු ජයග්‍රාහකයෙකු පමණක් නොව හොඳ මිනිසෙකු ලෙස උස් මහත් වෙයි. අද Baby and Me අපි ඔබට එය කළ හැකි ආකාරය ගැන කියන්න හිතුවා.

 

පරිත්‍යාග කරන්න

අන් අයට යහපත කළ හැකි එක් පහසු ක්‍රමයක් නම් මුදල් පරිත්‍යාග කිරීමයි. පිළිගත් සංවිධානයකට පරිත්‍යාග කිරීමට වග බලා ගන්න. පරිත්‍යාගය ගැන හැඟීම වගේම තමන් උපයන දෙය වගකීම් සහගතව පරිහරණයට මෙයින් දරුවන්ට පාඩමක් කියාදෙනවා. 

 

ඇඳුම් පැළඳුම්

පැරණි ඇඳුම් පරිත්‍යාග කිරීම සාමාන්‍ය සිරිතක්. ඉස්සර ඔබ මෙය තනිවම කළත්, මේ වතාවේ, ඔබේ දරුවාවත් එකතු කර ගෙන ඔහුගේ ඇඳුම් පරිත්‍යාග කිරීමට ඉඩ දෙන්න. ඔහුට තබා ගැනීමට අවශ්‍ය දේ සහ ඔහුට දීමට අවශ්‍ය දේ තීරණය කිරීමට ඔහුට ඉඩ දෙන්න. ඔහු ඇඳුම් දිය යුත්තේ කාටද යන්න තීරණය කිරීමටත් ඉඩ දෙන්න. මේ ආකාරයට ඔබේ දරුවා දෙයක් දීමට ඉගෙන ගනු ඇත. 

 

උගන්වන්න

සම වයසේ මිතුරන් සමග දරුවා ඉගෙන ගත් පාඩම් බෙදාගැනීමට සෑම සතියකම පැයක් හෝ ඊට වැඩි කාලයක් ගත කිරීමට ඔබේ දරුවා දිරිමත් කරන්න. මේ ආකාරයට ඔබේ දරුවාට යමෙකුට උදව් කිරීම ගැන ආඩම්බර වනවා පමණක් නොව දරුවාගේ ආත්ම විශ්වාසයද වැඩි වෙනවා වගේම දරුවාගේ පාඩම් නැවත මතක් කිරීමට අවස්ථාව ලැබෙනවා. 

 

ආසනය පිරි නැමීම 

සරලම යහපත් ක්‍රියාවන්ගෙන් එකක් තමයි මේ. බොහෝ අය දුම්රියේ හෝ බස් රථයක සිටින වැඩිහිටියෙකුට තම ආසනය පිරිනමන්නේ නැහැ. දරුවා ඉදිරියේ ගර්භණී මවක්, දරුවෙකු සිටින කාන්තාවක්, අබාධිතයෙක්, බර බෑග් තබාගෙන සිටින අයෙක් හෝ වයසක කෙනෙකු ගමන් කරන්නේ නම්, දරුවා හිඳගෙන සිටි ආසනය ඒ අයට දෙන මෙන් ඉල්ලා සිටින්න. 

 

කසළ නිසි ලෙස බැහැර කිරීම 

රටට, නගරයට සහ එහි වීදිවලට සහ පවතින නීති වලට ගරු කරන්න. ඔබේ කාර් වෑන් වල ගමන් ගන්නා විට ආසන පටි පැළද ගැනීමටත්, බයික් එකේ ගමන් කරන විට හිස් ආවරණ පැළඳීමට වග බලා ගන්න. කඩදාසි කෝප්ප හෝ ආහාර වේලෙහි ඉතිරි කොටස් පාරට විසි නොකරන්න. එය ඔබේ මෝටර් රථයේ තබාගෙන, කුණු බඳුනකට දමන්න. ඔබේ දරුවා තුළ ප්‍රජා වගකීම පිළිබඳ හැඟීමක් ඇති කරන්න.