දරුවාගේ බොරු හැඬිල්ල පාලනය කරන්නේ මෙහෙමයි

අලුත උපන් දරුවෙක් අ​ඬනවා කියන්නේ නිරෝගිමත් බවේ ලකුණක්. නමුත්  කිසිදු හේතුවක් නොමැතිව ඔයාගේ දරුවා නිතරම අඬ​නවා නම් ඇයි අඬ​න්නේ කියලා ඔයා කල්පනා කරන්න ඇති. දරුවෙක්ට අඬ​න්න හේතු තිබුණත් සමහර වේලාවන්ට බොරුවට අඬ​නවා. දරුවාගේ ​මේ නරක පුරුද්ද නතර කරන්නේ කොහොමද? අද baby and me අපි ඔයාට දරුවාගේ බොරු හැඬිල්ල පාලනය කරන විදිහ ගැනයි කියන්න හිතුවේ. 

 

ළදරුවන් බොරුවට අඬ​න්නේ ඇයි?

  1. අනිත් අ​ය ඉස්සරහා හැඟීම් ප්‍රකාශ කිරීමට හැකියාවක් නැති නිසාත් පොඩ්ඩා අඬ​නවා. තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්නට නොතේරෙන දරුවන් ඒවා පිටකර නිදහස් වීම සඳහා හැඬීම භාවිතා කරනවා.
  2. ළදරුවෙක් බඩගින්​න, තෙතමනය දැනී​ම, නිදිමත හෝ වෙහෙසට පත්ව සිටින බව මවට පවසන්නේ කොහොමද? ඔහු අඬ​න්න පටන් ගන්නවා තමාට අපහසුතාවයක් දැනෙන විට. බොරුවට ඇඬීම නිසා දෙමව්පියන්ගේ අවධානය ලේසියෙන්ම ලබා ගන්න පුළුවන් කියලා පොඩ්ඩා දන්නවා.
  3. ඔයාගේ දරුවාට යමක් අවශ්‍ය නම් ඔහු අඬ​න්න පුළුවන්. ඔහුට ළඟා විය නොහැකි සෙල්ලම් බඩුවක් හෝ ඔයාගෙන් යම් සැනසීමක්, නැලවීමක් අවශ්‍ය නම් දරුවා අඬ​නවා. දරුවා අඬ​න විට ඔහුගේ ඉල්ලීම් ඉටු වෙනවා නම් ඔහු දිගටම මේ විදිහට හැසිරෙනවා.
  4. එදිනෙදා කාලසටහනේ වෙනසක් – සමහර විට ඔයා දරුවාගේ කාලසටහනෙහි යම් යම් වෙනස්කම් කළහොත් දරුවා විසින් ඒවා පිළිගන්නේ නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් පෝෂණය කිරීම, නිදාගැනීම හෝ වෙනත් ඕනෑම දෙයක වෙනස්වීම් දරුවා කැළඹීමට පත් කරනවා.

 

දරුවන් බොරුවට අඬ​න එක නවත්වන්නේ කොහොමද?

  1. ඔයාගේ දරුවාගේ අවධානය වෙනතකට යොමු කිරීම හොඳම ක්‍රමයක් වෙනවා. දරුවා​ව පිටතට ගෙන යන්න, විනෝදකාමී ලෙස නැළවිලි ගී ගායනා කරමින් නළවන්​න. ඔයාගේ දරුවාගේ අවධානය වෙනතකට යොමු කිරීම මගින් දරුවා අඬ​න හේතුව අමතක කිරීමට පුළුවන්.

 

  1. දරුවාට සමහර විට ඔයාගේ ආදරය සහ උණුසුමෙන් යම් සහනයක් අවශ්‍ය වූ විට අඬ​නවා. ඒ නිසා ඔයාගේ ආදරය, උණුසුම දරුවාට ලබාදෙන්​න.

 

  1. දරුවා බොරුවට අඬ​න්න පටන් ගත් විට නොසලකා හරින්න. එ ක්‍රමය ටිකක් අපහසු වෙනවා. නමුත් මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම වැදගත්. එසේ කරේ නැති නම් එය පුරුද්දක් බවට පත් වෙනවා.

 

  1. දරුවාගේ හැඬීමට හේතුව තේරුම් ගැනීමට උත්සාහ කරන්න. උදාහරණයකට දරුවා නිතර හඬන්නේ තමන් කැමති සෙල්ලම් බඩුවක් ලබා ගන්නට නම්, ඒ සෙල්ලම් බඩුව දරුවාට ළං කරන්න.

 

  1. දරුවාගේ හැසිරීම පිළිගත නොහැකි නම් ඔයාගේ දරුවාට ඔබේ අකමැත්​ත පැහැදිලි කරලා දෙන්න.