ඔබගේ නිවසේ කටයුතු නිසිපරිදි කළමණාකරණය කිරීමට උපකාරි වන සරල පියවර කිහිපයක්

ඔබ, ඔබගේ නිවස නිසිපරිදි කළමණාකරනය කරනවාද? ඇතැම් විට මෙයට පිළිතුර ඔබ නොදන්නවා වෙන්නත් පුළුවන්. මන්ද ඔබ බොහෝ විට රාජකාරි කටයුතු, දරුවන්ගේ කටයුතු, නිවසේ කටයුතු සහ ඔබගෙ වැඩිහිටි මව පියා සම්බන්ධ කටයුතු, අධ්යාපන කටයුතු ආදි නොයෙක් කරුණු නිසා හෙම්බත්ව සිටිනවා ඇති. නමුත් මේ සියල්ල නිසි පරිදි කළමණාකරනය කර ගැනීම ඔබගේ මනසට විශාල සැහැල්ලුවක් ගෙන දෙනවා. එයින් ආතතියෙන් මිදී ප්රීතිමත් සරළ ජීවිතයක් ගත කිරීමට අවශ් පසුබිම සැලසෙනවා. ඔබගේ නිවස නිසි පරිදි කළමණාකරණය කර ගැනීමට ඔබට උපකාරි වන සරල පියවර කිහිපයක් මෙම ලිපිය මගින් අපි ඔබට ඉදිරිපත් කරනවා

නිවසත් ඔබගේ රැකියාවත් එකසේ කළමණාකරණයට ඔබට ඇතැම් විට දුරස්ථපාලකයක් අවශ් වනවා. බොහෝ විට මෙය ඔබගේ ජංගම දුරකතනය විය හැකියි. ඔබගේ කාර්යබහුල ජීවිතයට එය ඇතැම් විට ඉතා විශාල පිටුවහලක් වනවා

 

ඔබගේ නිවසේ කටයුතු නිසිපරිදි කළමණාකරණය කිරීමට උපකාරි වන සරල පියවර කිහිපයක්.

 

1. නිසි සැලසුමක් තිබීම – Proper Planning is Required

නිසි පරිදි සැලසුම් කිරීමෙන් ඔබගේ බොහෝ ගැටළු විසඳා ගත හැකියි. විශේෂයෙන් නිවසක අත්යවශ් දෑ සියල්ල පිළිවෙලින් ලැයිස්තු ගත කර මිලට ගැනීම්, අලුත් වැඩියා සඳහා යොමු කිරීම්, බිල් ගෙවීම් වැනි දෑ නිසි පරිදි සැලසුම් කළ යුතුයි. එවිට විටින් විට ඔබගේ හිසට අනවශ් පීඩනයක් එල්ල නොවන අතර නිවසේ සියලු කටයුතු සුමටව සිදුවනවා. ඔබට සියලු දෑ ඔබගේ ජංගම දුරකතනයේ සටහන් කරගත හැකි අතර එහි සිහිකැඳවීම් තබා ගැනීමෙන් කටයුතු අමතක නොවන අතර සියල්ල පිළිවෙලින් සිදුකර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා

 

2. නිවසට බාහිරව පැමිණෙන්නන් හැසිරවීම – Dealing with Visitors

ඔබගේ නිවසට පැමිණෙන අමුත්තන් නිසි පරිදි හසුරවාගත යුතුයි. විශේෂයෙන් සේවා සපයන්නන් සඳහා ඔබට පහසු වේලාවක් ලබාදිය යුතුයි

 

3. ගෘහ සේවක සේවිකාවන් හා රැකබලාගන්නන් හැසිරවීම – Dealing with Maids and Caregivers

නිවසේ සේවය සඳහා වැඩි මුදලක් ගෙවා හෝ දක්ශ ගෘහ සේවක සේවිකාවන් හා රැක බලාගන්නන් බඳවා ගන්න. එවිට ඔබට ඔවුන්ගේ රාජකාරිය කිරීමට අවශ් නොවන අතර එය අධීක්ෂණය පමණක් ප්රමාණවත් වනවා. නමුත් ඔබගේ නිවසේ සිටින්නන් හා මනා සන්නිවේදනයක් තබා ගැනීම ඉතාමත් වැදගත් වනවා

 

4. නිවසට පැමිණෙන අමුත්තන් සහ සංග්‍රහයන් – Taking Care of Guest and Parties

බොහෝවිට නිවෙස් වල උපන්දින සාද, රාත්‍රී භෝජන සංග්‍රහ වැනිදේ නිතර යෙදෙන අතර අමුත්තන් පැමිණීමත් සිදුවනවා. නමුත් මෙවැනි විශේෂ අවස්ථා සඳහා අවිවේකී සතියේ දින මගහැර සති අන්ත දිනයන් සැලසුම් කිරීමෙන් ඔබට අනවශ් පීඩනයකින් තොරව එයට සතුටින් මුහුණදිය හැකි වනවා. ආහාර අමුද්‍රව්‍ය සහ සැරසිලි ද්‍රව්‍ය කල් තබා ඇණවුම් කිරීම, නැතිනම් සකස් කරන ලද ආහාර පාන ඇණවුම් කිරීම වැනි දෑ ඔබට කල්තබා සැලසුම් කිරීමට පුළුවන්. එමෙන්ම නිවසේ අමතර සිදුවීම් ඇති දිනයන් හි අවශ් සේවා සපයන්නන් යොදවා ගැනීමෙන් ඔබගේ කාලය සහ ශ්‍රමය ඉතිරි කරගෙන එම අවස්ථා සාර්ථක කරගත හැකියි

 

ඔබ කෙතරම් කාර්යබහුල වුවත් දුරදක්නා නුවණකින් සහ මනා සැලැස්මකින් යුතුව කටයුතු කිරීමෙන් ඔබගේ නිවස මනාව කළමණාකරණය කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. එවිට ඔබගේ රාජකාරි කටයුතුත් නිවසේ කටයුතුත් සමබරතාවයකින් යුතුව පවත්වාගෙන යෑමෙ වාසිය උරගා බැලිය හැකියි