විවාහය නිසා පුද්ගලයකු ලෙස ඔබ තුළ වෙනස්වීම් සිදුවන බවට තහවුරු වන සාධක 5ක්

විවාහයත් සමග ඔබ වෙනස් වෙලාද? ඔබටත් එසේ සිතී ඇති. ඇත්ත වශයෙන්ම විවාහයත් සමග ඔබ පෙර ගත කළ ජීවන රටාව සැලකිය යුතු ආකාරයකින් වෙනස් වෙන්න ඇති. අලුත් වගකීම්, අලුත් පවුලක්, ගෙදර දොර වැඩකටයුතු සියල්ල සමග ඔබ පෙර සිටි පුද්ගලයා නොවේයැයි හැඟීමක් ඔබ තුළත් ඇතිවන්න ඉඩ තිබෙනවා. නීත්යානුකූලව ඔබ ඔහු හා බැඳුණු මොහොතේ සිටම නිහඬව ඔබගේ ජීවිතය යම් වෙනසකට භාජනය වනවා. විවාහය යනු ඔබ දෙදෙනා එක්ව අලුත් ජීවිතයකට මුහුණ දීමයි. ඔබ මින් පෙර මුහුණ නොදුන් අලුත් වගකීම් රාශියක් සහ යුතුකම් රාශියක් ඔබට ඉටුකිරීමට තිබෙනවා

 

එසේනම් මෙන්න විවාහයත් සමග මිනිසුන් වෙනස් වන බව තේරුම් ගැනීමට සහ අගය කිරීමට බලපාන කරුණු 5ක්

 

1. මෙතෙක්මමයැයි සිතා කටයුතු කළත් දැන් එයඅපිලෙසට වෙනස් කළ යුතුයි –  “I” Gives Way to “We”

විවාහයට පෙර ඔබට සිතීමට ඇත්තේ ඔබ ගැන පමණයි. කෑමට අවශ් දේ, යාමට අවශ් තැන සහ මහන්සියෙන් උපයා ගත් මුදල් වියදම් කිරීමට කැමති ආකාරය තෝරා ගැනීමට ඔබට පූර්ණ නිදහසක් තිබෙනවා. නමුත් ඔබ විවාහ වූ පසු ඔබට ඔබගේ සහකරු හෝ සහකාරිය සමග සෑම දෙයක්ම බෙදා ගැනීමට සහ යමක් කිරීමට පෙර ඔහු හෝ ඇයගේ අදහස් වීමසීම කළ යුතු වෙනවා. ඉතින් එයම වෙනසක් නොවේද?

 

2. ඔබ දෙදෙනාගේ පුරුදු ඝට්ඨනය වනවා – Watch Your Habits Collide

ඔබ පොත් කියවීමට ඉතා කැමති ඇති. නමුත් ඔහු හෝ ඇය ඝෝෂාකාරි සංගීතය ප්රිය කරනවා ඇති. එසේ නොමැති නම් ඔහුට හෝ ඇයට සෑම දෙයක්ම නිසි පිළිවෙලට තබා ගැනීම අත්ය්වශ් ඇති. සෑම නව පුරුද්දක් ගැනම ඔබට අවධානය යොමු කිරීමට සිදුවනවා. ඔබ යම් පුරුද්දක් අප්රිය කරනවා නම් හෝ ඔබට බාධා සිදුවනවා නම් ඔබ සම්බන්ධව ඔහු හෝ ඇය සමග කතා කළ යුතුයි. එකිනෙකාගේ රුචි අරුචිකම් ගලපාගෙන ඔබ දෙදෙනා විවාහය නමැති මාවත දිගේ ගමන් කළ යුතුයි

 

3. ප්රමුඛතා වෙනස් වීම – Shift in Priorities

විවාහයට පෙර ඔබ ප්රමුඛතාවය දුන් බොහෝ ක්රියා දැන් ඔබට කිරීමට නොහැකියි. උදාහරණ ලෙස සති අන්තයේ යහළු යෙහෙලියන් මුණ ගැසීම වෙනුවට ඔබට ඔබගේ ස්වාමි පුරුෂයා හට ආහාර පිළියෙල කිරීම සිදුවනවා ඇති. එසේ නොමැති නම් දරුවන් රැකබලා ගැනීම වැනි අලුත් ප්රමුඛතා ලැයිස්තුවක් ඔබට ලැබී ඇති. විවාහය සෑමවිටම ඔබේ සහකරු හෝ සහකාරියගේ සහ පවුලේ අවශ්යතාවයන්ට ප්රමුඛතාවය දීමට ඔබට උගන්වනු ලබනවා

 

4. ඔබට සහකරුවකු ලැබෙන අතර මිතුරන් අහිමි වීමට ඉඩ තිබෙනවා – You Gain a Spouse and Lose a Few Friends

විවාහය පහසු දෙයක් යැයි කිසිවකු කියන්නේ නැහැ. ඔබට ඔහුගේ සහ ඔබගේ පවුලෙ වෙනුවෙන් කාලය වෙන්කිරීමට සිදුවනවා. මින් පෙර ඔබ යහලු යෙහෙලියන් සමග සති අන්තයට ගිය ගමන් බිමන්, නැතිනම් සිකුරාදා රාත්රියේ සාද ආදිය මග හැරෙන අතර එය ඔබට මෙන්ම ඔබගේ සහකරුටද පොදු වනවා. ඉතින් ඔබට ඔබගේ මිතුරන්බැන්දට පස්සේ ඔයා වෙනස් වෙලාකියා කියයි. ඇත්ත වශයෙන්ම විවාහය ඔබව වෙනස් කර ඇතැයි සිතීම සාධාරණයි නේද?

 

5. ලිංගික ක්රියාකාරකම් වල වෙනස්වීම – Change in Sexual Activities

ඔබ දැන් විවාහකයි. එමනිසා ලිංගික ක්රියාකාරකම් මගහැර සිටීමට නොහැකියි. විවාහයෙන් පසු මධුසමය ප්රීතිමත් වුවත් ඉන් පසු සම්බන්ධයෙන් උදාසීනව සිටීමට නොහැකියි. ඇතැම් විවාහක යුවළ තුළ විවාහයෙන් කෙටි කලකට පසු රැකියාවේ කාර්යබහුලත්වය, නිවසේ, දරුවන්ගේ වැඩකටයුතු ආදිය නිසා ලිංගික ජීවිතය මගහැරෙන අතර එය විවාහ ජීවිතයේ ගැටළු ඇතිවීමට බලපානු ලබනවා. සක්රීය ලිංගික ජීවිතයක් ඔබ දෙදෙනාගේ බැඳීම වර්ධනය කරනු ලබන බව මතක තබාගත යුතුයි

 

ජීවිතය යනු නොයෙකුත් අත්දැකීම්, අත් හදා බැලීම් සහ තේරුම් ගැනීම් සමග ඉවසීමෙන් යා යුතු ගමනක්. මුලදී අලුත් අත්දැකීම් වලට මුහුණ දෙන විට යම් ව්යාකූලත්වයක් සහ ආතතියකට මුහුණ දුන්නද කාලයත් සමග ඔබ එයට හුරු වෙනවා. විවාහය දෙදෙනා එක්ව, එකිනෙකා තේරුම් ගනිමින් අත් අල්ලාගෙන යා යුතු ගමනක් වන අතර බාධක කම්කටොළු පැම්ණියත් එවිට සාර්ථකව ඒවාමුහුණ දීමටද හැකියාව ලැබෙනවා

ඉතින් එයම නොවේද සාර්ථක විවාහයකට අවශ්‍ය වන්නේ.