ප්‍රතිශක්තිය වඩවන මසාලා චායි එකක් බොමුද?

මසාලා චායි කියන්නෙ ඉන්දියාවෙ බොහොම ප්‍රසිද්ධ තේ එකක්. රස වගේමයි මේකෙ ගුණත්. ප්‍රතිශක්තිය වඩනව වගේම ප්‍රබෝධමත් බවක් ලබාදෙන්නත් මසාලා චායි එහෙකට පුළුවන්. ඉතින් පොඩ්ඩොන්ගෙ ප්‍රතිශක්තිය වඩවන්න වගේම දවසම මහන්සිවෙන අම්මලාටත් හවස වැඩ ඇරිල ගෙදර එන තාත්තලාටත් ප්‍රබෝධමත් ගතියක් එක් කරගන්න මේක හොඳම හොඳ අදහසක් වෙයි. 

 

මසාලා චායි

අවශ්‍ය ද්‍රව්‍ය

  1. වතුර කප් 2
  2. ටී බෑග්ස් 2
  3. ගම්මිරිස් ඇට තේ හැන්දක්
  4. කුරුඳු ස්ටික් 1 (සම්පූර්ණ කුරුඳු කූරක්)
  5. කරදමුංගු 2
  6. කරාබුනැටි 2
  7. ස්ටාර් අනීස් 1
  8. මිල්ක්මේඩ් කප් ½

 

  • වතුර ටික රත් වෙන්න තියල උතුරන කොට මිල්ක්මේඩ් හැර අනික් සියල්ලම එකතු කරල විනාඩි දෙකක් විතර උතුරව ගන්න.
  • ලිපෙන් ඉවත් කරල පෙරාගෙන මිල්ක්මේඩ් මිශ්‍ර කරල නැවත උතුරවාගෙන උණුවෙන්ම පිළිගන්වන්න.
  • මිල්ක්මේඩ් වෙනුවට කිරි සහ සීනි අවශ්‍ය පරිදි එකතු කරගන්නත් පුළුවන්.