Search here...
TOP
පෝෂණ​ය

සැන්ඩ්විච් කන්න ආස පොඩ්ඩන්ට ලන්ච් එකට එග් සැන්ඩ්විච් ස්ප්‍රෙඩ් එකක්

දරුවොන්ට පෝෂණය ලැබෙනව නම් කන්න කැමති මොන දේ දුන්නත් කමක් නෑ. ඔන්න දවල්ට බත් කන්න අකමැති පොඩ්ඩෙක්ට රසම රස වගේම ගුණත් සපිරි එග් සැන්ඩ්විච් එකකට ස්ප්‍රෙඩ් එකක් හදාගන්න හැටියි අද අරන් ආවෙ. මෙහෙම හදල දීලා බලන්නකො එහෙනම්.

 

මයෝ එග් ස්ප්‍රෙඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

 

 

  1. තම්බාගත් බිත්තර 2
  2. මයෝනේස් මේස හැඳි 2
  3. ලෙමන් යුෂ තේ හැඳි 1/2
  4. ලුණු හා ගම්මිරිස්කුඩු
  5. මස්ටඩ් පේස්ට් තේ හැඳි ½
  6. එළවළු තෙල් මේස හැඳි ½

 

 

  • බෝල් එකකට දෙහි යුෂ, ගම්මිරිස්කුඩු, මස්ටඩ් පේස්ට් හා තෙල් ටික දාලා ගෑරප්පුවකින් බීට් කරගන්න.
  • තම්බාගත් බිත්තර හොඳින් පොඩි කරලා බීට් කරගත් මිශ්‍රණය දාල කලවම් කරගෙන ස්ප්‍රෙඩ් එක හදාගන්න.

 

«

»