අනුෂ්කා ෂර්මා-විරාත් කෝලිගේ දියණිය සහ බොලිවුඩ් තරු ළමයින් කීපදෙනෙක්ගෙම නම් වල තේරුම

අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි ඔවුන්ගේ අලුත උපන් දියණියගේ නම පසුගියදා මාධ්‍යයට හෙළි කළා. තමන්ගේ පුංචි දියණියට ඔවුන් නම තබලා තියෙන්නේ වාමිකා ලෙසයි. එහෙනම් අද අපි ඔබට කියන්නම් ඒ නමේ තේරුම වගේම බොලිවුඩයේ අනෙක් තරු ළමයින්ගේ ලස්සන නම් වල අර්ථයන් ගැන. 

වාමිකා මෙන්ම, මෙම අනෙක් තරු ළමයින්ටද සිත්ගන්නාසුලු අර්ථයන් ඇති ලස්සන නම් තියෙනවා.

අනුෂ්කා ෂර්මා සහ විරාත් කෝලි පසුගිය සඳුදා තමන්ගේ අලුත උපන් දියණියගේ නම හෙළි කලාට පස්සේ, ඔවුන්ගේ රසිකයන් වාමිකා කියන නමේ තේරුම හොයාගන්න ගූගල් වෙත යොමු වෙලා තියනවා. ඔබත් කල්පනා කරනවා නම්, මෙන්න ඇගේ නම පිළිබඳ කෙටි හා සරල පැහැදිලි කිරීමක්.

ළදරු නාමාවලි කිහිපයකට අනුව, වාමිකා කියන්නේ දුර්ගා දේවතාවියගේ තවත් නමක්. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා හි වාර්තාවක ඇය අර්ධනාරිෂ්වරගේ කාන්තා භාගය බව සඳහන් කරනවා – ඒක ශිව දෙවියන් සහ පාර්වතී දේවතාවියගේ සංයුක්ත ස්වරූපයක්. අර්ධනාරිෂ්වරගේ ශරීරයේ දකුණු පැත්ත ශිව ද පාර්වතී වම් පැත්ත ලෙසද හැදිලායි තියෙන්නේ. ඔවුන්ගේ එම එකතුවෙන් ලෝකයට සංකේතවත් කරන්නේ එහි පුරුෂ හා ස්ත්‍රී ශක්තීන් සමඟ පරිපූර්ණව තියන බවයි.

වාමිකා, අලුත්ම ළදරු නමක් වුණත්, ලස්සන නමක් ඇති එකම තරු දරුවා ඇය විතරක් නෙමෙයි. මෙන්න තවත් උදාහරණ කිහිපයක්:

 

අබ්‍ රාම්

ෂාරුක් ඛාන් සහ ගෞරි ඛාන්ගේ බාල පුතා අබ්රාම් උපත ලැබුවේ 2013 දී යි. ඔහුගේ නම ගැන කතා කරමින් ෂාරුක් පවසා ඇත්තේ එය හීබෘ සම්භවයක් ඇති නමක් බවයි. නමුත් ඔහු තීරණය කරලා තියනවා රාම දෙවියන් වෙනුවෙන් කැපිටල් R අකුර යොදාගෙන ඒ නම ශෛලීගත කිරීමෙන් එයට ‘ලෞකික’ බවක් ලබා දෙන්න. “AbRam කියන්නේ හස්රත් ඉබ්‍රාහිම්ගේ යුදෙව් අර්ථයක්. ඉතින් ඒ දෙක හොඳ මිශ්‍රණයක්. එහි හින්දු දෙවි‍යෙක් වන රාම්ගේ නම සමඟ ඉතා හොඳින් ඇහෙනවා කියලා මම හිතනවා ” ඔහු 2013 දී මාධ්‍ය සමඟ කළ සාකච්ඡාවකදී පවසා තිබෙනවා. 

 

තායිමූර්

කරීනා කපූර් සහ සයිෆ් අලි ඛාන් තමන්ගේ පුතාට තායිමූර් විදිහට නම් කිරීමට තීරණය කළාම ඒ ගැන විශාල ආන්දෝලනයක් ඇති වුණා. මෙම යුවළ තමන්ගේ පුතාට ආක්‍රමණිකයෙකුගේ නමක් තැබීම ගැන බොහෝ දෙනෙක් කෝපයට පත් වුණත්, කරීනා ඔහුට තායිමූර් යන නම තැබීමට බල කරලාම තියනවා. “ඇත්ත වශයෙන්ම, සමාජ මාධ්‍යයන් වල ට්‍රොලිං ඇති වුණත් ඒ සමඟම අපිට අනෙක් පුද්ගලයින්ගෙන් ඉමහත් සහයෝගයක් ලැබුණා. ට්‍රොලර්ස්ලා කියන දේවල් අපිට ඒ තරම් වැදගත් වුණේ නෑ. එය අපගේ තේරීමයි. මම දරු ප්‍රසූතිය සඳහා රෝහලට යාමට කලින් දවසේ, මම සයිෆ් සමඟ කතා කළ අතර ඔහු යෝජනා කළේ ඔහුගේ නම ෆයිස් ලෙස තබමු කියලායි. ඔහු පැවසුවේ, ‘බෙබෝ, එය වඩාත් කාව්‍යමය, වඩා ආදරණීය නමක්’ කියලායි. මම කිව්වා ‘නැහැ, තායිමූර් යන්නෙන් අදහස් කරන්නේ යකඩයි. මම පුතෙක් බිහි කළහොත් මගේ පුතා සටන්කරුවෙක් වෙයි. ඒ නිසා මම යකඩ මිනිසෙක් බිහි කරනවා’ කියලා. ඔව්, මම ආඩම්බරයෙන් ඒක කළා ” ඇය 2018 දී සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුණේ එහෙමයි.

 

ආරධ්‍යා

අයිශ්වර්යා රායි සහ අභිෂේක් බච්චන් 2012 දී තම දියණියට ආරධ්‍යා යන නම තැබුවා. ඒකේ තේරුම සංස්කෘත භාෂාවෙන් ‘නමස්කාර කිරීම’ යන්නයි. දෙමව්පියන්ගේ වගේම ආරධ්‍යාගේ සුපිරි තරු සීයා වන අමිතාබ් බච්චන්ගේ නම ද ‘A’ සමඟ ආරම්භ වන නිසා ඒකද මෙම නමට අමතර විශේෂත්වයක් එක් වුණා.

 

සමීශා

ශිල්පා ෂෙට්ටි පසුගිය වසරේයි සිය දියණිය සමීෂාව පිළිගත්තේ. ඇගේ නම පිටුපස ඇති අරුත පැහැදිලි කරමින් ඇය පවසා ඇත්තේ සංස්කෘත භාෂාවෙන් “සා” කියන්නේ “තිබීම” සහ රුසියානු බසින් ‘මීෂා’ යන්නෙන් අදහස් කරන්නේ ‘දෙවියන් වගේ කෙනෙක්’ බවයි. මෙම නම පුද්ගලාරෝපණය කරනවා අපගේ ලක්ෂ්මි දේවතාවියට. අපගේ පවුල සම්පූර්ණ කරන්නයි ඇය ආවේ කියලා මම හිතනවා.” ශිල්පා මාධ්‍යයට කියලා තිබ්බේ එහෙමයි.