ගර්භණී සමයේ ඇතිවන මෙලස්මා තත්ත්වය කුමක්ද?

ගර්භණී සමයේදි කාන්තා ඔබගේ සිරුරේ විවිධ වෙනස්කම් සිදුවන අතර සම මත විශේෂයෙන් බෙල්ල සහ මුහුණේ සම අවපැහැ වීමත් එයින් එක සිදුවීමක්. මෙම තත්ත්වය මෙලස්මා (Melasma)ලෙස හඳුන්වනු ලබනවා. මෙලස්මා යනු ගර්භණී සමයේ කාන්තාවන්ගේ සම මත විශේෂයෙන් මුහුනේ ඇතිවන අඳුරු පැහැති පැල්ලම් විශේෂයක්. ප්රධාන වශයෙන් කම්මුල්, නාසය, තොල් සහ නළල මත ඇතිවෙනවා

ඇතැම් අවස්ථාවල හිරු එළියට නිරාවරණය වන බෙල්ල සහ අත් වැනි ස්ථානවලද ඇතිවන අතර ගර්භණී කාන්තාවන්ගේ සියයට 50ත් 70ත් අතර පිරිසක් මෙයට ගොදුරු වනවා. මෙම තත්ත්වය මෙලස්මා, හයිපර්පිග්මන්ටේශන් සහ මාස්ක් ඔෆ් ප්රෙග්නන්සි ආදී විවිධ නම්වලින් හඳුන්වනු ලබනවා. මෙමගින් වේදනාවක් හෝ වෙනත් අහිතකර බලපෑමක් මවට හෝ දරුවාට සිදුනොවන නමුත් කාන්තාවන්ගේ පෙනුමට යම්කිසි හානියක් සිදුවන අතර කාන්තා ඔබ බොහෝ විට තම පෙනුම ගැන වදවන නිසා මෙය මානසික වශයෙන් ඇතැම් විට ඔබට අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබෙනවා

 

වයස් කාණ්ඩය

මෙලස්මා තත්ත්වය වයස අවුරුදු 20ත් 40ත් අතර කාන්තාවන් කෙරෙහි වැඩි බලපෑමක් එල්ල කරනු ලබනවා. ලා දුඹුරු පැහැ සම මත වඩාත් දැකිය හැකි අතර තද පැහැති සම මතද දැකිය හැකි වනවා

 

ගර්භණී සමයේ මෙලස්මා තත්ත්වය ඇතිවීමට බලපාන හේතු?

  1. හිරු එළියට නිරාවරණය වීමෙන් පාරජම්බුල කිරණ මගින් ඇතිකරනු ලබන බලපෑම නිසා
  2. ගර්භණී සමයේ සිදුවන හෝමෝන වෙනස්වීම නිසා. විශේෂයෙන් ඊස්ට්රජන් හෝමෝනය වැඩිවීම
  3. ඇතැම් අවස්ථාවල ජානමය බලපෑම නිසා මෙම තත්ත්වය ඉස්මතු විය හැකියි. විශේෂයෙන් ඔබේ මවට ගර්භණී සමයේ මෙම තත්ත්වය ඇතිවූවා නම් ඔබටත් ඇතිවීමේ ප්රවණතාවයක් තිබේ

 

මෙලස්මා හි ලක්ෂණ

ගර්භණී සමයේ දි ඔබත් මෙලස්මා තත්ත්වයට ගොදුරු වූයේ නම් ඔබේ සම පෙර තිබු තත්ත්වයට වඩා අඳුරු පැහැ ස්වභාවයක් ගන්නවා. විශේෂයෙන් බෙල්ල, කම්මුල්, නළල, නාසය වැනි ප්රදේශවල දැකිය හැකිවනවා. ඔබ මෙය නිරීක්ෂණය කළ විගස වෛද්යවරයාගේ උපදෙස් ගැනීමෙන් ඔබව සමේ රෝග විශේෂඥවරයකු වෙත යොමුකර ප්රතිකාර ලබාදෙනවා

 

මෙලස්මා රෝග විනිශ්චය සිදුකරන ආකාරය

බොහෝ විට වෛද්යවරුන් ඔබගේ සම පරික්ෂා කර මෙලස්මා තත්ත්වයක්ද යන්න තහවුරු කරන අතර සමහර අවස්ථාවලදී රෝගය තහවුරු කරගැනීම සඳහා Wood’s lamp පරීක්ෂණයක් සිදුකරනු ලබයි. දැඩි සමේ රෝග තත්ත්වයකදී බයොප්සි පරීක්ෂණයක් කිරීමටද ඉඩ තිබෙනවා.

 

මෙලස්මා රෝගයට ප්‍රතිකාර සිදුකළ හැකිද? එසේනම් මොනවාද?

1. බාහිර ප්‍රතිකාර

පැල්ලම් මැකීයාම සඳහා බාහිරව ආලේප කළ හැකි ක්රීම් වර්ග ලබාදෙනවා

 

2. ඖෂධ ලබාදීම

ඇතැම් අවස්ථාවලදී මෙම පැල්ලම් පැතිරීම පාලනය සදගා ඖෂධ නිකුත් කරන අතර පෙති හෝ කරල් මුඛය මගින් ලබාගැනීමට උපදෙස් දෙනවා

 

3. ලේසර් ප්‍රතිකාර

 

4. සමමත ඇති පැල්ලම් තවදුරත් පැතිරීම හෝ වර්ධනය වීම වළක්වා ගැනීමට උත්සාහ ගැනීම. 

 

ගර්භණී තත්ත්වයේදි ඇතිවන මෙලස්මා තත්ත්වය අවම කරගැනීම සඳහා ගත හැකි ක්රියාමාර්ග

  1. ඔබ නිතර එළිමහනේ ගැවසෙනවා නම් හිරු එළියෙන් සම ආරක්ෂා කරන ආලේපනයක් භාවිතා කිරීම
  2. සම මත පැල්ලම් ඇතිවීම පාලනය කරන විටමින් B9 එසේත් නැතිනම් ෆොලේට් අඩංගු ආහාර වැඩි වශයෙන් ආහාරයට ගැනීම. උදාහරණ ලෙස නිවිති වැනි කොළ වර්ග, පැඟිරි කුලයේ පළතුරු, බෝංචි, ඇට වර්ග වැනි දෑ වැඩිවශයෙන් ආහාරයට ගැනීම
  3. මුහුණේ සම මත ඇති අනවශ් රෝම ඉවත් කිරීමෙන් වැළකීම
  4. ඔබේ සමට ගැලපෙන ආලේපන භාවිතා කිරීම

 

ගර්භණී සමයෙන් පසු මෙම පැල්ලම් වලට සිදුවන්නේ කුමක්ද?

පළමුවෙන් ඔබ එයට ධනාත්මක ආකල්පයකින් මුහුණ දිය යුතු වනවා. ගර්භණී කාලය කාන්තාවන්ට යම් අභියෝගාත්මක කාලසීමාවක් වන අතර ඔබ මුහුණදී සිටින මෙලස්මා තත්ත්වයද එවැන්නක් බව ඔබ වටහා ගත යුතු වනවා. බොහොවිට මෙම පැල්ලම් දරු උපතින් පසුව හෝ මව්කිරි දීම නැවැත්වීමෙන් පසු පහව යනවා. එබැවින් මුල් අවස්ථාවේදීම ඔබගේ වෛද්යවරයාගෙන් මෙම රෝගය සම්බන්ධයෙන් ප්‍රතිකාර සහ උපදෙස් ලබාගැනීම වැදගත් වනවා. මෙලස්මා එසේ නොමැති නම් සමමත අඳුරු ලප ඇතිවීම ගර්භණී සමයේ ඔබ අත්විඳින්නාවූ තවත් එක් අභියෝගයක් සේ සලකා සතුටින් එයට මුහුණ දීමෙන් ගර්භණී අවදිය අනවශ් පීඩාවකින් තොරව ගත කිරීමට හැකිවනවා. ඕනෑම ගැටළුකාරි අවස්ථාවක වෛද් උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීම ඔබට සිදුකිරීමට හැකියි