Search here...
TOP
පෝෂණ​ය

හවසකට වෙහෙස නිවාගන්න මෙක්සිකන් හොට් චොකලට්

හවසකට මොනා හරි උණුවෙන් බොන්න තියෙනව නම් දවසෙම තියෙන වෙහෙසකාරී බව නැති වෙලා යනව. අපි ඉතින් බොන්න පුරුදු වෙලා තියෙන්නෙම තේ එකක්නෙ. ඔන්න තේ එකෙන් එහාට ගිය වෙනස් රසයක් හොයන ඔයාලට අද ගෙනාවෙ මෙක්සිකන් හොට් චොකලට් රෙසිපි එකක්.

Mexican Hot Chocolate

අවශ්‍ය ද්‍රව්‍ය

  1. මිල්ක් චොකලට් හෝ මිල්ක් කුකින් චොකලට් 85g
  2. සීනි මේස හැන්දයි
  3. කුරුඳු කුඩු තේ හැඳි 1/2
  4. කිරි කප් 4
  5. වැනිලා තේ හැඳි 1/2
  6. අවශ්‍ය නම් විප්ඩ් ක්‍රීම් ටිකක්

 

 

  • චොකලට් සීනි සහ කුරුඳු එකට එක් කර බ්ලෙන්ඩ් කරගන්න. කිරි ටික භාජනයක දමා ලිපෙන් තබා, ඒකට චොකලට් මිශ්‍රණය එක් කර අඩු ගින්දරේ චොකලට් දිය වෙන තුරු රත් කරගන්න.
  • ලිපෙන් ඉවත් කර, බ්ලෙන්ඩ් හෝ මදක් බීට් කරගෙන, උණු වතුරෙන් සෝදාගත් මග් එකක පිලිගන්වන්න. අවශ්‍ය නම් විප්ඩ් ක්‍රීම් වලින් සරසාගන්න.

«

»