Search here...
TOP
පෝෂණ​ය

ගෑස් ඉවර වුණ වෙලාවක හදිස්සියට හදාගන්න මයික්‍රොවේව් අල ​කරියක්

 

ගෑස් ඉවර වෙන එක කොයි වෙලේද කියන්න බෑනෙ. ඔන්න අද ගෙනාවෙ උය උය ඉද්දි ගෑස් ඉවර වුණොත් මයික්‍රොවේව් එකක් තියෙන කෙනෙක්ට ලේසියෙන් හදාගන්න පුළුවන් අල කරියක්.

 

පොටැටෝ කරි

අවශ්‍ය ද්‍රව්‍ය  

 

  1. කපාගත් අල ගෙඩි 3
  2. කහකුඩු තේ හැඳි 1/2
  3. සූදුරු තේ හැඳි 2
  4. මිරිස්කුඩු තේ හැඳි 1
  5. කොත්තමල්ලි කුඩු තේ හැඳි 2
  6. තෙල් මේස හැඳි 3
  7. ලුණු ටිකක්

 

 

  • මයික්‍රොවේව් අවන් බෝල් එකක් ගන්න. මේකට තෙල් හා සූදුරු ටිකක් දාගන්න. අවන් එකේ මයික්‍රො මෝඩ් එක ඔන් කරලා 900W වලට විනාඩියක් තියාගන්න. ඊළඟට මේක එළියට අරගෙන මිරිස්කුඩු, කහකුඩු, කොත්තමල්ලි කුඩු හා ලුණු දාලා කලවම් කරගන්න. 
  • ඊළඟට අල ටික දාලා කලවම් කරගන්න. දැන් මේකට වතුර කෝප්පයක් දාලා ලිඩ් එකෙන් කවර් කරලා 900W වලට විනාඩි 6ක් මයික්‍රොවේව් කරගන්න. විනාඩි 3ක් යනකොට එළියට අරන් පොඩ්ඩක් කලවම් කරලා ආයෙ දාන්න. එළියට අරන් චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් දාගන්න.

 

«

»