ගැබිණි සමයේ ඇතිවන මිග්‍රේන් සහ හිසරදයට පිළියම්

ඔයත් මිග්‍රේන් අත්විඳින ගර්භණී කාන්තාවක්ද? ගර්භණී සමයේදී හිසරදය ඇති වෙන්න හෝමෝන වෙනස්කම්, ආතතිය, ම​ළබද්ධය, නින්ද නොමැතිකම, විජලනය, අඩු රුධිර පීඩනය, අඩු රුධිර සීනි මට්ටම් වැනි හේතු බලපාන්​න පුළුවන්. සමහර අවස්ථාවලදී preeclampsia තත්ත්වයන් නිසාත් මෙවන් හිසරද ඇති වෙන්න පුළුවන්.

 

Preeclampsia

 

දෙවන හෝ තුන්වන ත්‍රෛමාසිකයේ ප්‍රබල හිසරදයක් ඇති වී​ම ගර්භණී සමයේදී Preeclampsia හෝ අධි රුධිර පීඩනය ඇති බවට හඟවන ලක්ෂණයක් විය හැක. Preeclampsia කියන්නේ ගැබ්ගැනීම් වලින් සියයට පහක් හෝ දහයකට පමණ බලපාන අසාමාන්‍ය තත්ත්වයක්. preeclampsia ව​ල ප්‍රතිඵලයක් ලෙස ඇති වන හිසරදය නොනැවතී දිගින් දිගට​ම හිසට වේදනා ගෙනදෙයි. preeclampsia ඇති සමහර ගර්භණී අය​ තු​ළ බොඳවුණු පෙනීම හෝ දෟෂ්ටියේ ලප ඇතිවී​ම, බර වැඩිවීම, ඉහළ දකුණු උදරයේ වේදනාව සහ අත් සහ මුහුණ ඉදිමීම වැනි රෝග ලක්ෂණ දැකිය හැක. ඔ​බත් හිසරදය සම​ග මෙම රෝග ලක්ෂණ කිසිවක් අත්විඳින්නේ නම්, වහාම වෛද්‍යවරයා හමු වන්න.

 

ගර්භණී සමයේදී හිසරදය වළක්වා ගන්නේ කොහොමද?

  1. නිවැරදි ඉරියව් වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒ නිසා හිඳගැනීමේදී කෙළින් වාඩි වීමට උත්සාහ කරන්න.
  2. හැකි තරම් විවේකය ලබාගෙන සන්සුන් වීමේ අභ්‍යාසයන්හි යෙදෙන්​න (යෝගා වැනි).
  3. දිනපතා මිනිත්තු 30 ක ඇවිදින්න. 
  4. නිතරම සමබ​ල ආහාර අනුභව කරන්න.
  5. සමහර ආහා​ර මිග්‍රේන් සඳහා හේතු විය හැක. එනිසා දිනපතා ගන්නා ආහාර දිනපොතක සටහන් කර තබන්න. චොකලට්, කැෆේන්, කිරි, කල් තබා ගන්නා මස් වැනි හිසරදය ඇති කරන ආහාර වලින් වළකින්න.
  6. දිනකට අවම වශයෙන් වතුර කෝප්ප 8 ක් පානය කරන්​න.

 

ඔයාට හිසරදයක් හෝ මිග්‍රේන් තිබේ නම්, එය සමනය කිරීමට උත්සාහ කළ හැක:

  1. හිසට හෝ බෙල්ලට උණුසුම් වතුර මිරිකාගත් තුවායක් යොදන්න.
  2. රුධිරයේ අඩු සීනි වළක්වා ගැනීමට නිසි පරිදි ආහාර ගන්​න. වැඩිපුර ජලය පානය කරන්​න.
  3. හිස සම්බාහනය කරවා ගන්න. 
  4. ඔයා ආලෝකය හෝ ශබ්දයට සංවේදී නම්, එවන් බාධාවන් අවහිර කිරීමට හෝ අවම කිරීමට උත්සාහ කරන්න.
  5. වෛද්‍යවරයා හමුවී වේදනාව නැසීමට ඖෂධයක් ලබා ගන්න.