Search here...
TOP
පෝෂණ​ය

අලුත් බලාපොරොත්තු එක්ක එන නව වසර පිළිගන්න රසම රස කිරිබතක් හදාගන්නෙ මෙහෙමයි

කිරිබත් හදන්න කවුරුත් දන්නව. හැබැයි ලුණු කිරි රස පදමට එන කිරිබතක් හැමෝටම හදන්න බෑ. තෙල් රස මතු නොවෙන්න කිරි රස මතු වෙන්න හරි විදියට ‍කිරිබතක් මේ විදියට හදල බලන්නකො එහෙනම්.

 

කිරිබත්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. සුදු කැකුළු හාල් කෝප්ප 2
  2. වතුර කෝප්ප 4
  3. මිටිකිරි කෝප්ප 4
  4. ලුණු තේ හැඳි 1

 

 

  • හාල් ටික හොඳට සෝදාලා වතුර කෝප්ප 4 දාල ලිපේ හෝ රයිස් කුකර් එකේ තියන්න.
  • ලුණු ටික මිටිකිරි වලට දාලා හොඳට දිය කරගන්න.
  • බත ඉදුණම බත මැදින් හැන්දකින් වලක් වගේ හදලා ඒකට කිරි ටික දාන්න. ඊට පස්සෙ වටෙන්ම හැන්දකින් බත් ටික පෙරලන ගමන් හොඳට කිරි එක්ක කලවම් කරගන්න. 
  • කිරි ටික හිඳුනම ලිපෙන් බාලා කෙසෙල් කොළේකට තුනී කරගන්න. යන්තම් රස්නෙ යන්න ඇරලා කෑලි කපලා නිවෙන්න තියන්න. 
  • කෑලි කපන කොට පිහියෙ පොල්කිරි තවර ගත්ත නම් ලස්සනට කිරිබත කෑලි කපාගන්න පුළුවන්.

 

«

»