Search here...
TOP
පෝෂණ​ය

හවස තේ වේලට ලේසියෙන් හදාගන්න මිල්ක්මේඩ් කේක්

මේ කේක් එක හදන්න හරිම පහසුයි. හවස තේ වේලෙට කේක් ඉල්ලන පොඩිත්තොන්ට රසට කන්න හදල දෙන්න පුළුවන් ඔන්න. 

 

Milkmaid cake

අවශ්‍ය ද්‍රව්‍ය 

 

 

  1. පාන්පිටි කෝප්ප 1
  2. මිල්ක්මේඩ් 390 ml ටින් 1
  3. බටර් මේස හැඳි 4
  4. බිත්තර 2
  5. බේකින් පව්ඩර් තේ හැඳි 1/2
  6. කිරි කෝප්ප 1/4
  7. වැනිලා තේ හැඳි 1

 

 

  • බටර්, මිල්ක්මේඩ් හා බිත්තර එකතු කරලා බීට් කරගන්න.
  • පාන්පිටි වලට බේකින් පව්ඩර් එකතු කරලා හලාගෙන මේකට එකතු කරගන්න. හොඳට කලවම් කරලා කිරි ටිකත් දාලා බීට් කරන්න.
  • අන්තිමට වැනිලා එකතු කරගන්න.
  • බටර් ගාපු ට්‍රේ එකකට බැටර් එක දාලා සෙල්සියස් 180°ට විනාඩි 30-35ක් බේක් කරගන්න.

 

«

»