ගැබිණි සමයේ වමනයට පිළියම්

ගර්භණී කාන්තාවන්ට මේ කාලය තුළදී වමනය එන එක පොදුවේ දකින්න පුළුවන් තත්ත්වයක් නේ. උදේට, සවසට හෝ රාත්‍රියට ආදී ඕනෙම වෙලාවක වමනය එන එක සාමාන්‍යයයි. ගර්භණී අවධියේ මුල් අවධියේදී එය බහුලව දැක ගන්න පුළුවන්. බොහෝ කාන්තාවන්ට වමනය වෙනුවට ඔක්කාරය වගේ තත්ත්වයක් දැනෙනවා. මෙම තත්ත්වය දැනීමේ ප්‍රමාණය එකිනෙකාට වෙනස් වෙනවා.  වෛද්‍යවරුන් බොහෝ වෙලාවට විශ්වාස කරන්නේ උදෑසන අසනීප වීම ඇත්තෙන්ම හොඳ ලකුණක් කියලයි. ඒකෙන් පෙන්නුම් කරන්නේ ඔබේ ගර්භණීභාවය අවශ්‍ය ආකාරයටම ඉදිරියට යන බවත්, උදෑසන අසනීප අත්විඳින කාන්තාවන් ගබ්සා වීමට ඇති ඉඩකඩ අඩු බවත්ය. මෙයින් අදහස් කරන්නේ නෑ ඔබ උදෑසන අසනීපයක් අත්විඳින්නේ නැත්නම් ඔබට ගබ්සා වෙනවා කියලා. උදෑසන අසනීප කියන්නේ ඔබේ ගර්භණීභාවය අවශ්‍ය ආකාරයට ඉදිරියට යන බව පෙන්වන එක සංඥාවක් විතරයි.

 

අතීතයේ ඉඳන්ම කාන්තාවන් උදෑසන අසනීප අත්විඳිනවා වුණත් ඒකට තවමත් හඳුනාගන්න පුළුවන් හේතුවක් හොයාගෙන නෑ. ඔබේ ශරීරයේ සිදුවන හෝමෝන වෙනස්කම් බොහෝ දුරට හේතු විදිහට හඳුනාගෙන තිබෙනවා. ඖෂධ උපකාරවත් වුණත් ඒක හැම වෙලාවෙම සුදුසු නෑ. මෙම අසනීපයෙන් මිදීමට උපකාරී වන වෙනත් විකල්ප මෙන්න.

 

ආහාර

 

නිතර නිතර කන්න. සෑම පැය දෙකකට හෝ තුනකට වරක් කුඩා ආහාර වේලක් දිනකට විශාල ආහාර දෙකක් හෝ තුනක් ගන්න එක වඩාත් සුදුසුයි. ඒ වගේම උදේ පාන්දරින්ම අවදි වුණු ගමන් දෙයක් කන්න. ඇඳ ගාව තියන් අමතරව යමක් හපන්න. ඔබට රෑට නිදන් ඉද්දී කුසගින්නක් දැනෙනවා නම්, එම කුසගින්න නොසලකා හැරීම වෙනුවට කුස පුරවාගන්න. 

කුළුබඩු හෝ මේද වලින් පොහොසත් ආහාර වලින් වළකින්න. මේවා ජීර්ණය වීමට වැඩි කාලයක් ගත වන නිසා ආමාශයේ ඇති වන දැවිලි වලට හේතු වෙන්න පුළුවන්.

 

පිළිකුල් කිරීම් සහ ආශාවන්

ඔබ මේ කාලයේදී වඩා විවිධ සුවඳ වර්ග වලට සංවේදී වෙනවා. සුදුළූණු හෝ ළූණු වැනි තද ගන්ධයක් ඇති ආහාර වලින් ඈත් වෙලා ඉන්න ඔබට හිතෙයි. සීතල ආහාරවල උණුසුම් ආහාරවලට වඩා සුවඳ අඩු නිසා සීතල ආහාර තෝරා ගන්න. ඔබට පිළිකුලක් වර්ධනය කරවන ඕනෑම ආහාරයකින් ඈත් වෙන්න. ඔබ අකමැති දෙයක් ආහාරයට ගන්න මනසට බල කරන්න එපා. දැන් ඔබ කෑමට කැමති දේ පමණක් ආහාරයට ගැනීමට කාලයයි. පලතුරු ඕනෑ තරම් අතේ තබාගෙන ඒවා නිතරම කන්න. නමුත් ආහාර ගැනීම නිසා අධික බරක් දැරීමද හොඳ අදහසක් නෙමෙයි කියලා මතක තබා ගන්න. ඔබ කොපමණ බරක් ලබා ගන්නේද යන්න කියලා ඔබ සෝදිසියෙන් සිටින තාක් කල්, ශරීරය හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්. එසේම, ඔබේ ආශාවන්ට සුදුසු මේද අඩු විකල්ප තෝරා ගන්න උත්සාහ කරන්න. උදාහරණයක් ලෙස ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම් ඕනේ කියලා ඔබට හිතුනොත්, යෝගට් සමඟ නැවුම් ස්ට්‍රෝබෙරි වගේ විකල්පයක් උත්සහ කරලා බලන්න.

 

බීම

 

ඔබේ පද්ධති හොඳින් සජලීව තබා ගැනීමට දිනකට අවම වශයෙන් වතුර වීදුරු 8 ක් වත් පානය කරන්න. ඉඟුරු-ලෙමන් පානයක් හදාගෙන බොන එකෙන් ඔක්කාරය සමනය කරගන්න උපකාරී වනවා. ඊළඟ වතාවේ ඔබට අසනීපයක් දැනෙනකොට මෙම සිසිල් ප්‍රබෝධමත් පානය ලබා ගන්න.

 

විවේකය

 

පළමු මාස තුනක කාලය තුළ ඔබේ ශරීරයේ ඇති දුර්වලතාවය ඔක්කාරයටද දායක වෙනවා. ඒ නිසා හැකි සෑම විටම උත්සාහ කරලා විවේක ගන්න. ඔබ පූර්ණ කාලීන රැකියාවක නිරත නොවන කෙනෙක් නම් දහවල් කාලයේදී නිදාගන්න. 

 

බෙහෙත්

 

ඔබේ උදෑසන අසනීප දරාගන්න අමාරු නම්, ඔබට බෙහෙත් ගැනීමට අවශ්‍ය වෙන්න පුළුවන්. මෙම කාලයේදී ආරක්ෂිත ඖෂධයක් නියම කිරීමට ඔබේ වෛද්‍යවරයාට පුළුවන්. මල්ටිවිටමින් හෝ විටමින් බී 6 අතිරේකය ආහාරයට ගැනීම ට සහ උදෑසන අසනීප සුව කිරීමට උපකාරී වෙනවා කියලා සාධක තිබෙනවා. ඇතැම් මල්ටිවිටමින්, විශේෂයෙන් යකඩ අතිරේක අඩංගු ඒවා උදෑසන අසනීප ඇති කිරීමට හේතු වෙනවා. ඔබ ගන්නා මල්ටිවිටමින් උදේ අසනීපයට දායක වෙන්න පුළුවන් කියලා ඔබට සැකයි නම්, ඔබේ නාරිවේද විශේෂඥයා සමඟ කතා කරලා විකල්පයක් ලබා ගන්න.