වාහනයක ගමන් කරන විට දරුවන් තුළ ඇතිවන අසනීප තත්ත්වය ගැන දැනගන්න

ඔබගේ පවුල නිතර සංචාරයන්හි නිරතවන පවුලක් නම් චලන අසනීප නැතිනම් මෝශන් සික්නස් හෝ kinetosis ලෙස හඳුන්වන අසනීප තත්ත්වය පීඩාකාරී විය හැකියි. වාහනවල ගමන් කරන විට හෝ ඔබ විනෝදයයන උද්යානයේ ඇති කතුරු ඔංචිල්ලාව හෝ රෝලර් කෝස්ටර්ය (Roller Coaster) පදින විට ඇතිවන කරකැවිල්ල, වමනය සහ හිස කැක්කුම් ස්වභාවය මෝශන් සික්නස් ලෙස හඳුන්වනු ලබනවා. අවුරුදු 6 සිට 12 දක්වා ළමුන් සහ කාන්තාවන් තුළ මෙම අසනීප තත්ත්වය දැකිය හැකි අතර කලාතුරකින් වයස අවුරුදු 2 අඩු දරුවන් තුළද දැකිය හැකි වෙනවා. 

දරුවා එයට මුහුණ දෙන පරිසරය අනුව එය air sickness, car sickness හෝ sea sickness ලෙස හඳුන්වනු ලබනවා. මෙම අසනීප ලක්ෂණ වෙනත් බරපතල රෝගාබාධයන් සමග සම්බන්ධ නොවුනත් දරුවන්ට දැඩි අපහසුතාවයක් ඇතිකරනු ලබනවා

 

දරුවන් තුළ මෝෂන් සික්නස් ඇතිවීමේ ලක්ෂණ

  • අපහසුතාවයකින් පසුවීම
  • ඈනුම් යෑම
  • ආහාර රුචිය අඩුවීම
  • නිතර රාමතෙල් පිටවීම
  • හිසරදය
  • පෙනීම අපැහැදිලිවීම
  • නිදිමත ස්වභාවයකින් පසුවීම
  • වමනය
  • අවධානය යොමුකිරීමේ ගැටළු

 

මෝෂන් සික්නස් ඇතිවීමට බලපාන හේතූ

මෙම අසනීප තත්ත්වයබලපාන නිශ්චිත හේතුවක් නොවුණත් පර්යේෂකයන්ට අනුව කන්, ඇස් සහ සංවේදී ස්නායු වලින් මොළය වෙත ලැබෙන එකිනෙකට වෙනස් සංවේදනයන් මෙම තත්ත්වය ඇතිවීමට හේතුවිය හැකියි. උදාහරණ ලෙස දරුවා වක් මාර්ගයක ගමන් කරනා වාහනයක පිටුපස අසුනේ වාඩිවී ගමන් කරන විට දරුවාගේ කන්වලට චලනය සංවේදනය වුවත් ඇසට නොපෙනෙන නිසා එය නොදැනෙන අත මොළයට එවිට එකිනෙකට වෙනස් පණිවුඩයන් ලැබෙන අතර එය කරකැවිල්ල හෝ ඉහත ලක්ෂණ ඇතිවීමට හේතුවිය හැකියි

 

මෝශන් සික්නස් තත්ත්වයප්රතිකාර කිරීම

ඉතා අඩු සහ මධ්යම ප්රමාණයෙන් වන රෝග ලක්ෂණ වලට ප්රතිකාර අවශ් නොවන අතර එය ඇතිවීමට බලපෑ පරිසර තත්ත්වයෙන් මිදුණ පසු රෝග ලක්ෂණ සමනය වීම සිදුවනවා. නමුත් ඊට වඩා වැඩි නොනවතින වමනය වැනි තත්ත්වයන් තිබේනම් වහාම වෛද් ප්රතිකාර කරා දරුවා යොමුකිරීම ඉතා වැදගත්

 

මෝශන් සික්නස් තත්ත්වයන් වළක්වා ගැනීමගත හැකි පියවර කිහිපයක්

ගමන ආරම්භයේදීම දරුවා නින්දට යොමුකරවීම

සාංකාව වැනි ලක්ෂණ දරුවාගේ මානසික තත්ත්වයබලපෑම් එල්ල කළ හැකි බැවින් දරුවාට සන්සුන් වීමට උපදෙස් ලබාදීම

ඇසට, කණට සහ මුලු සිරුරටම දැනෙන චලනයන් සංවේදනය වීම පිණිස වාහනයක ගමන් කරන විට නිසි ඉරිව්වක් අනුගමනයට උප්දෙස් ලබාදෙන්න

ඔක්කාරය සමනය වන තුරු දරුවාට දොඩම්, වතුර හෝ වෙනත් පාන වර්ගයක් ලබාදෙන්න

දරුවා වයස අවුරුදු 12 වැඩි නම්, ඔවුන් ඉදිරිපස අසුනේ වාඩි කරවන්න එවිට ඔවුන්ට පැති වීදුරුවෙන් නොව ඉදිරිපස වීදුරුවෙන් අවට බැලිය හැකියි

ගමන අතරතුරදී දරුවාට ජංගම දුරකතන පරිහරණය, පොත් කියවීම හෝ චිත්රපට නැරඹීමඉඩ ලබා නොදෙන්න

නැවුම් වාතය ඇතුළු වීමට දරුවාගේ ආසනය අසල වීදුරු කව්ළු විවර කර තබන්න

ගමන ආරම්භ වීමට පැයකට පමණ පෙර දරුවාට සැහැල්ලු ආහාරයක් ලබාදෙන්න

ගමන අතරතුර දරුවාට බලපෑමක් ඇති නොවන පරිදි ලබාදිය හැකි ස්නැක්ස් වර්ග මොනවාදැයි හඳුනාගන්න. 

බෝට්ටු සංචාරයකදී දරුවා අසනීප වීමෙන් වළක්වා ගැනීමට නම් දරුවාට බෝට්ටු තට්ටුවේ හිඳගෙන ක්ෂතිජයේ ඈත ඉලක්කයක් දෙස බලාසිටීමට ඉඩ හරින්න

ගුවන් ගමනකදී ගුවන් යානයේ පියාපත් අසල ආසනයක දරුවාට වාඩීවීමට ඉඩලබා ගැනීමට උත්සාහ කිරීම

ඔක්කාරය හා ආමාශයේ ඇතිවන ආසාදනයන්ගෙන් සුවය ලබාගැනීමට ඉඟුරු අල ස්වල්පයක් හැපීමට දෙන්න

 

සෑම දරුවකු තුළම මෙම මෝශන් සික්නස් තත්ත්වයන් දැකිය නොහැකි වුවත් ඇතැම් දරුවන් තුළ මෙම අසනීප තත්ත්වය දැකිය හැකියි. එය බරපතල සහ දිගුකාලීනව සංකූලතා මතු නොකලත් දරුවාට අපහසුතාවයක් සහ පීඩාකාරි හැඟීම් ඇතිවීමට හේතු විය වෙනවා. ඒ නිසා දරුවා තුළ දිගින් දිගටම මෙම මෝශන් සික්නස් තත්ත්වය තිබේ නම් වෛද් උපදෙස් ලබාගැනීම කළ යුතු අතර ඉහත සරල පියවරයන් අනුගමනය කිරීමෙන් රෝග තත්ත්වයන් ඇතිවීම පාලනය හෝ වළක්වා ගැනීමටත් ඔබගේ පවුලේ සංචාරයන් වඩාත් ප්රීතිමත් කර ගැනීමටත් ඔබට හැකියාව ලැබෙනු ඇත