නිර්මාංශ පොඩ්ඩන්ට හවසට කන්න රසම රස මශ්රූම් පකෝරා

ගෙදර ඉන්න එක්කෙනෙක් හරි නිර්මාංශ උනාම එයාල ගැන විශේෂයෙන් හිතල කෑම බීම හදන්නම ඕන. ඔන්න ලොකු අයටත් පොඩි අයටත් හවස තේ වෙලාවට රසට කන්න හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි අද අපි අරන් ආවෙ. 

 

මශ්රූම් පකෝරා

 

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මශ්රූම් පැකට් 1
  2. කෝන්ෆ්ලා කප් 1/4
  3. හාල්පිටි කප් 1/4
  4. පාන්පිටි කප් 1/4
  5. ලුණු 
  6. ගම්මිරිස්කුඩු මේස හැඳි 1/2
  7. කහකුඩු තේ හැඳි 1/2
  8. ගරම් මසාලා ටිකක්
  9. බිස්කට් කුඩු කප් 1/4
  10. බැදගැනීමට තෙල්

 

 

  • මුලින්ම මශ්රූම් ටික අරගෙන පණුවො ඉන්නවද කියලා බලලා හොඳට හෝදලා වතුර මිරිකලා, දිග තීරු වලට ඉරා ගන්න. 
  • බෝල් එකක් අරගෙන ඒකට කෝන්ෆ්ලා, පාන්පිටි, හාල්පිටි, කහකුඩු, බිස්කට් කුඩු, ගම්මිරිස්කුඩු, ගරම් මසාලා, ලුණු දාලා කලවම් කරගන්න. 
  • වතුර ටික ටික එකතු කරමින් ඝ​න බැටර් එකක් හදාගන්න.
  • තීරු වලට ඉරාගත් මශ්රූම් මේ බැටර් එකේ කලවම් කරගන්න. දැන් මේ මිශ්‍රණයෙන් හැන්ද හැන්ද අරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.