ගර්භණී ඔබ පළමු වෛද්‍ය හමුවේදී ඇසිය යුතුම ප්‍රශ්න 10ක්

මේ ඔයාගෙ පළමු ගැබ් ගැනීම නම් ගර්භණී බව ගැන දැනගත්තු ගමන් හිත එන ප්‍රශ්න ඉවරයක් නෑ. පළමු වෛද්‍ය හමුව කියන්නෙ ඔයාගෙ ගැබිණි සමයේ ආරම්භයේ තියෙන වැදගත්ම සන්ධිස්ථානයක්. හැබැයි වෛද්‍යවරයාව මුණ ගැහිල අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකෙන් මුං ඇටයක් විතර සයිස් එකට පණ ගැහෙන පුංචි පැටියව දැක්කම අහන්න හිතන් ඉන්න ඔක්කොම ප්‍රශ්න අමතක වෙලා යන එක සාමාන්‍ය දෙයක්. මෙන්න මේ නිසා baby and me අපි හිතුවා ඔයාගෙ පළමු වෛද්‍ය හමුවට ගියාම අහන්නම ඕන ප්‍රශ්න ටික ඔයාට ලෑස්ති කරල දෙන්න. බලන්න මේ ප්‍රශ්න වලට තව මොනවද එකතු වෙන්න ඕන කියල. 

  1. මගේ නියමිත ප්‍රසූ​ත දිනය තීරණය කරන්නේ කොහොමද?
  2. දරු ප්‍රසූතියට පෙර ගත යුතු විටමින් මොනවද? මට ඒවා අවශ්‍ය වන්නේ ඇයි?
  3. මා සතුව ඇති රෝග ලක්ෂණ සාමාන්‍ය ඒවාද?
  4. මම වෛද්‍යවරයාව නැවත හමු විය යුත්තේ කවදාද?
  5. ගර්භණී සමයේදී තිබිය යුතු සාමාන්‍ය බර ප්‍රමාණය කොපමණද?
  6. උදෑසන අසනීප අඩු කිරීමට වෛද්‍යවරයා නිර්දේශ කරන පිළියම් මොනවාද?
  7. ව්‍යායාම සහ අනුභව කළ යුතු විශේෂිත ආහාර ගැන වෛද්‍යවරයා නිර්දේශ කරන්නේ කුමක්ද?
  8. ගර්භණී සමයේදී මා වැළකී සිටිය යුතු ක්‍රියාකාරකම්, ඖෂධ හෝ ආහාර තිබේද?
  9. මුළු ගර්භණී සමයේදී ලිංගිකව හැසිරීම ආරක්ෂිතද?
  10. ගර්භණී සමයේදී කිසියම් ගැටළුවක් සඳහා මට ඉහළ අවදානමක් තිබේද?