සෑම කාන්තාවක්ම අවම වශයෙන් එක් වරක්වත් නැරඹිය යුතු කාන්තා කේන්ද්‍රීය චිත්‍රපට

තාමත් අපි ගොඩ දෙනෙක් ගෙවල් වලට වෙලා රාජකාරි කටයුතු කරගන්න නිසා අපි ආස කරන, ඒත් අපිට මඟ හැරුණු දේවල් ඕනේ තරම් කරන්න කාලය උදා වෙලායි තියෙන්නේ. අපේ කාර්‍යබහුලකම නිසා මඟ හැරුනු තවත් වටින දෙයක් තමයි ෆිල්ම්ස් බලන එක. 

 

ගර්භණී මවක් විදිහට, අම්මා කෙනෙක් සහ බිරිඳක් විදිහට ඔබට බොහෝ ජීවන පාඩම් ඉගෙන ගන්න පුළුවන් විශිෂ්ට සිනමා කෘති ඕනේ තරම් අද කාලයේ තියනවා. ඒ අතරින් අපිට සමීපම සිනමාව වන බොලිවුඩයේ ද කාන්තා කේන්ද්‍රීය චිත්‍රපටි වලට මෑතකදී බොහෝ ආකර්ෂණයක් හිමි වුනා. ඒ නිසා සෑම කෙනෙකුම අවම වශයෙන් එක් වරක්වත් නැරඹිය යුතු කාන්තා කේන්ද්‍රීය චිත්‍රපට 07ක් ගැන අද අපි ඔබට කියන්නම්.

 

Neerja

මෙම චරිතාපදාන ත්‍රාසජනක චිත්‍රපටය පදනම් වී ඇත්තේ Pam Am ගුවන් සේවයේ ගුවන් සේවිකාවක වන නීර්ජා භනොට්ගේ සත්‍ය කතාව ඇසුරින්. ඇයගේ ධෛර්ය හා සුපරීක්ෂාකාරී බව නිසා 1986 දී පාකිස්තානයේ කරච්චි නුවර සිට සිය ගුවන් යානය පැහැර ගැනීම නවත්වන්න ඇයට පුළුවන් වුනා. එහිදී ඇය ඒ වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ අතර, ඊට කලින් මගීන් රැසක් බේරා ගැනීමට උදව් කළා. සෝනම් කපූර් චිත්‍රපටයේදී නීර්ජාගේ චරිතය රඟපාමින් අපූරු රංගනයක් කරනවා. ඇයගේ රංගනය හරහා එම අවස්ථවේදී ගුවන් කාර්ය මණ්ඩලයේ සහ මගීන්ගේ තත්ත්වය ප්‍රේක්ෂකයන්ට ඇත්තටම දැනෙන තරමටම ඒත්තු ගනවන්න සමත් වුණා. මෙම චිත්‍රපටය ඉන්දියාවේ 64 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගත් අතර තවත් සම්මාන ද ලබා ගත්තා.

 

No one killed Jessica

ඉන්දියාවේ ජෙසිකා ලාල් ඝාතන නඩුවේ සත්‍ය කතාව පදනම් කරගෙන නිර්මාණය වුණු මෙම චිත්‍රපටය තුළින් දේශපාලන පක්ෂයකට අයත් චූදිතයා විසින් කලින් දුන් තීන්දුවට බලපෑම් කළ ආකාරය පිළිබඳ තොරතුරු අනාවරණය කරනවා. එහිදී මනූ ෂර්මා නම් වැරදිකරු ඇසින් දුටු සාක්ෂිකරුවෙකු සිටියද චූදිතයා වරදකරුවෙකු වුණේ නෑ. මෙම තීන්දුව නිසා ඉන්දියානුවන් කෝපයෙන් පිරී ගිය අතර එම ප්‍රවෘත්තිය ඉන්දියාව පුරා පැතිරෙන්න පටන් ගත්තා. මෙම චිත්‍රපටියේදී ජෙසිකාගේ සොහොයුරිය විදිහට විද්‍යා බාලන් සමඟ වාර්තාකාරිණියකගේ භූමිකාව රඟපෑවේ රාණි මුකර්ජි විසින්. ජනමාධ්‍යයේ මැදිහත්වීම සහ උනන්දුව උග්‍ර වූ පුරවැසියන් නිසා දිල්ලි මහාධිකරණයේදී එම නඩුව නැවත විභාග වුණා. ඊට පස්සේ අධිකරණය විසින් මූලික තීන්දුව ආපසු හැරවූවා. අවසානයේදී වරදකරුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

 

Mardaani

මේකෙදී රාණි මුකර්ජි මුම්බායි පොලිසියේ අපරාධ අංශ පරීක්ෂකවරියක් ලෙස කටයුතු කරනවා. මෙම චිත්‍රපටයේදී ඉන්දියාවේ මිනිස් ජාවාරම නැමැති කුරිරු අපරාධයේ කටුක යථාර්ථය විදහා දක්වනවා. ශිවානි (රාණි මුජර්ජිගේ චරිතය) විසින් රහසිගත මිනිස් ජාවාරම් කරන ඉන්දියානු මාෆියාව ගැන අනාවරණය කරන පැහැරගැනීමක් සම්බන්ධ පරීක්ෂණයක් සිදු කරනවා. රාණි කාන්තාවක් වන නිසා ඔහුව අල්ලා ගන්න බැරි බව ප්‍රතිවාදියා දිගින් දිගටම ඇයට කියනවා. ගැහැණු ළමයින් සොයා ගැනීමට සහ මෙම මිනිස් ජාවාරම නැවැත්වීම සඳහා වන ඇයගේ අධිෂ්ඨානය යටපත් කිරීමට රාණි අපරාධකරුවන්ට හෝ ඔවුන්ගේ වැරදි මතවාදයන්ට ඉඩ දෙන්නේ නෑ.

 

Kahaani

කොල්කටා හි අතුරුදහන් වූ තම සැමියා සොයන ගැබිණි කාන්තාවකගේ චරිතය තමයි විද්‍යා බාලන් මේ චිත්‍රපටියේදී නිරූපණය කරන්නේ. කාන්තා කේන්ද්‍රීය චිත්‍රපට සඳහා දායකත්වය දක්වමින් විද්‍යා නිළියක් ලෙස පහුගිය කාලයේ වේගවත් සාර්ථකත්වයක් ලැබුවා. තිරය මත ඇගේ චරිතය විසින් විදහා දක්වන හැඟීම් තේරුම් ගැනීමට ප්‍රේක්ෂකයාට ඒත්තු ගැන්වූ කොටස් සාර්ථක වුනේ ඇයගේම උත්සාහයෙනුයි. මෙම චිත්‍රපටයෙන් දැක්වෙන්නේ කාන්තාවකගේ ධෛර්යය සහ ඇයගේ උත්සහය සහ සැමියා කෙරෙහි ඇති ප්‍රේමය නිසා ඇයට යා හැකි දුර ගැනයි.

 

NH10

තමන්ගේ විවාහ සංවත්සරය සඳහා මාර්ග චාරිකාවක් සැලසුම් කරන සැමියා සහ බිරිඳ ලෙස අනුෂ්කා ෂර්මා සහ නීල් භූපාලම් මේකේ රඟපානවා. නමුත් ඔවුන්ගේ මාර්ග චාරිකාව භයානක පිවිසුමකට හැරෙන්නේ ගෞරවනීය ඝාතනයේ නාමයෙන් තම සහෝදරිය ඝාතනය කරන මැරයන් පිරිසකට මැදි වෙන්න වුණාමයි. ඔවුන් මේ මැරයන්ගෙන් ගැලවී යන්නෙ ගමනේ ඉතිරි දුර බයෙන් සහ සැකයෙන් ගමන් කරමිනුයි. අනුෂ්කාට දැඩි තීරණයක් ගැනීමට සිදු වෙනවා. ධෛර්‍යය, හිංසනයට එරෙහිව නැගීසිටීම සහ ආත්ම ශක්තිය ගැන කාන්තාවන්ට කියාදෙන චිත්‍රපටයක් තමයි මේ. 

 

Highway

ආලියා භාට් රඟපාන මෙම චිත්‍රපටය දිග හැරෙන්නේ දිල්ලියේ ධනවත් ව්‍යාපාරික ව්‍යාපාරිකයෙකුගේ දියණියක පැහැරගෙන යන සිද්ධියත් සමඟයි. නමුත් එය අවසන් වන්නේ ඇයට අලුතෙන් ලැබුණු නිදහස සමඟ ඇය ආදරයෙන් බැඳීමෙන්. ඒ අතරතුරදී ආලියා භාට්, ඇගේ මාමා විසින් ඇයට ළමා වියේදී අතවර කළ ආකාරය පිළිබඳ ඇගේ ලොකුම රහස රන්දීප් හූඩාගේ චරිතය සමඟ කතා කරනවා. ප්‍රේක්ෂකයින් ඒ ආදරය කියලා සිතන විදිහටම ඇය රන්දීප් තුළින් ඇගේ සැනසිල්ල ලබා ගන්නවා. නමුත් යථාර්ථයේ දී වීරා ස්ටොක්හෝම් සින්ඩ්‍රෝම් රෝගයෙන් පෙළෙන පුද්ගලයෙක්. නිදහස කියන්නේ සෑම කාන්තාවක්ම අපේක්ෂා කරන සතුටයි. ඇගේ පවුලෙන් හෝ සමාජයෙන් වේවා එය ඇයට අවශ්‍යයි.

 

English Vinglish 

මැණිකක් තරම් වටින කතාවක් කියන මේ චිත්‍රපටිය කාන්තාවන් වගේම ඇගේ පවුලේ දරුවන් හා සැමියන් ද එකට ඉඳන් නැරඹිය යුතුම එකක්. ශ්‍රීදේවිගේ රංගන ජීවිතයේ අලුත් පරිවර්තනය සමඟ මේ චිත්‍රපටය හරහා ඇය අළුත් හෝ අභියෝගාත්මක යමක් ඉගෙන ගැනීමට කැමති අම්මලා සියල්ලන්ටම ආශ්වාදජනක ධෛර්‍යක් ලබා දෙනවා. ඇයට ඇගේ පවුලේ අය සිනාසෙමින් අපහාස කළත්, ශෂී (ශ්‍රීදේවිගේ චරිතය) අවසානයේදී ඉංග්‍රීසියෙන් කතා කිරීමට ඉගෙන ගැනීමේ සිහිනය දිගේ ඉදිරියට යනවා.