අලුත් බබාගෙ අල්මාරියට මෙන්න මේ දේවල් අවශ්‍යමයි

ගර්භණී සමයේ කාන්තාවන් වඩාත් ප්රිය කරනු ලබන කාරණාව වන්නේ ළදරුවාඅවශ් භාණ්ඩ මිලට ගැනීමසාප්පු සවාරියේ යාමයි. ගැහැණු දරුවකු නම් රෝස පාට, පිරිමි දරුවකු නම් නිල් පාට ආදි ලෙස ඔබගේ නෙත් ආකර්ෂණය කරගත හැකි නොයෙකුත් ළදරු ඇඟළුම් සහ දරුවන්ට අවශ් අනෙකුත් දේ ඔබගේ නෙත සිත පැහැර ගනු ලබනවා

නමුත් සියල්ලටම වඩා දරුවාට අවශ් ඇඳුම් පැළඳුම් සහ අනෙකුත් සියල්ලටම වඩා දරුවාට ආරක්ෂාව, සුවපහසුව සහ ප්රායෝගිකව එය භාවිතා කළ හැකිද යන්න ගැන ඔබ සිතා බැලීම වැදගත් වෙනවා. එමෙන්ම එහි මිල සම්බන්ධයෙන්ද සැලකිලිමත් වීම වැදගත් වෙනවා මෙන්ම ඔබගේ කැමැත්ත පරිදි සාමාන් තත්ත්වයේ අලෙවි සැලක් හෝ උසස් තත්ත්වයේ ළදරු භාණ්ඩ අලෙවිසැලක් හෝ තෝරාගත හැකියි. එය ඔබගේ කැමැත්ත අනුව තෝරාගත හැකියි. විශේෂයෙන් ඔබ මිලට ගන්නා ඇඟළුම් වැනි දේ දරුවාභාවිතා කිරීමට පෙර හොඳින් සෝදා ගැනීම කළ යුතු වෙනවා. 

  • නැපි – 50
  • දිගු ඇඳුම් – 3
  • මේස් හෝ සපත්තු යුගල – 3
  • ගවුම්/ කමීස – 20
  • අත් මේස් (mittens) – 1
  • ස්වීටර් – 1
  • දරුවාගේ ඇඳට හෝ තොටිල්ලඅවශ් රෙදි 
  • දරුවා සේදිමෙන් පසු පිස දමන රෙදි

 

ඔබ නිවුන් දරුවන් බලාපොරොත්තු වෙනවා නම් ඉහත සියල්ල දෙගුණ කළ යුතුයි

 

දරුවාගේ ආරක්ෂාවට සැලකිලිමත් විය යුතු කාරණා

 

  • දරුවාට හානි විය හැකි කුඩා බොත්තම්, සැරසිලි, බෝ, ආදිය තිබේ නම් ඒවා ඉවත් කළ යුතුයි. මන්ද ඇතැම් විට ඒවා දරුවාගේ මුඛයට හෝ නාසයට ඇතුල් වීමෙන් හුස්ම හිරවීමේ අවධානමක් ඇති වෙනවා. එමනිසා එවැනි දේ තිබේ නම් ඉවත් කිරීමට වගබලා ගත යුතුයි
  • ගිනි ගැනීමෙන් ආරක්ෂාව සපයන නිදන ඇඳුම් තෝරා ගන්න. විශේෂයෙන් දරුවාට ඇඳුම් තේරිමේදි ලේබලය හොඳින් කියවිය යුතුයි
  • දරුවාට ඇඳුම් තේරීමේදි දරුවාගේ වයස ගැන නොව බර ගැන සිතා ඇඳුම් මිලට ගන්න. එමෙන්ම කුඩා බිළිඳාඇඳුම් මිලට ගැනීමේදි පහත උපදෙස් අනුගමනය කරන්න.
  • බෙල්ල හිර නොවන තරමක් පළල කරක් සහිත ඇඳුම් දරුවාට ඇන්දවීමට සහ පහසුවෙන් ගැලවීමට හැකියි. දරුවාට ඇන්දවීම පහසු ඇදෙන සුලු තෝරා ගැනීමෙන් ඔවුන් බියට පත් නොකර පහසුවෙන් ඇන්දවිය හැකියි.
  • ඉදිරිපසින් විවෘත කළ හැකි ඇඳුම් දරුවාට ඇන්දවීම පහසුය.
  • දරුවාගේ ඇඳුම් වල අත් ලිහිල්ව පවතින විට පහසුවෙන් දරුවාට ඇන්දවීමට සහ ඉවත් කිරීමට හැකියි.
  • විශේෂයෙන් ඩයප‍ර් පහසුවෙන් ඉවත් කිරීමට හැකියාව ඇති ඉණ පහළින් විවෘත කළ හැකි ඇඳුම් ඔබට වඩාත් පහසුවක් ගෙන දෙනවා. එවිට දරුවාගේ සම්පූර්ණ ඇඳුම ගලවනවාට වඩා පහසුවෙන් ඔබට ඩයපර් මාරු කළ හැකියි.
  • සේදීමට හැකි ඇඟළුම් දරුවාතෝරා ගන්න. විශේෂයෙන් ලේබලය කියවා බලා අතින් සේදීමට වඩා රෙදි සෝදන යන්ත් භාවිතා කළ හැකි ඇඟළුම් තෝරා ගැනීමෙන් ඔබට නිසි පරිදි කාලය කළමණාකරණය කරගත හැකියි. එමෙන්ම 100%ක් කපු මගින් නිපදවා ඇති ඇඟළුම් දරුවාට වඩාත් සුවපහසු බවක් ගෙන දෙනු ලබනවා. එමෙන්ම කල් පවතින අතර සෝදා නැවත නැවත භාවිතා කළ හැකියි

 

ඉදිරිය ගැන සිතා මිලදී ගැනීම් සිදුකරන්න

දරුවන් මුල් මාස කිහිපයේදි ඉතා සීග්රයෙන් වර්ධනය වන අතර ඔබ ඔවුන්මිලට ගනු ලබන ඇතැම් කුඩා ඇඟළුම් වැනි අයිතමයන් ඔබට කෙදිනකවත් ඔවුන්ඇන්දවීමට නොහැකි වීමටද හැකියි. එමනිසා දරුවාට ඇඳුම් මිලට ගැනීමේදී සෑම විට ප්රමාණයට වඩා මිලට ගැනීමෙන් වළකින්න. එමෙන්ම දරුවාගේ ප්රමාණයට වඩා මදක් වැඩි ප්රමාණයෙන් ( size) මිලට ගන්න. උදාහරණ ලෙස ඇතැම් අලුත් උපන් දරුවන්ට එම වයසට (newborn size) අදාලව සාප්පුවෙන් මිලට ගත් ඇඟළුම් ප්රමාණවත් නොවීමට ඉඩ තිබෙනවා. එමනිසා මාස 6 හෝ අවුරුදු 1 යැයි සඳහන් ඇඟළුම් කිහිපයක් මිලට ගෙන තබාගන්න. පිහිනුම් ඇඳුම් හෝ ශීත කබා වැනි සෘතුමය ඇඳුම් කල් ඇතිව මිලදී ගැනීම සුදුසු නොවේ

 

ඉතින් ඔබත් මවක වීමට සිහින දකින කාන්තාවක් නම් මෙම ලිපිය ඔබටමයි. දරුවාගේ ආරක්ෂාව සහ සුවපහසුව ගැන සිතනා ගමන්ම වඩාත් ප්රායෝගිකව සහ ඉදිරිය ගැන අවබෝධයෙන් සාප්පු සවාරියේ නිරත වීම තුලින් ඔබගේ මුදල් ආරක්ෂා වෙනවා මෙන්ම දරුවාවඩාත් සුදුසු දේ මිලට ගැනීමටත් එමගින් ඔබට හැකියාව ලැබෙනවා