බබා නහය හාරනවද? කොහොමද මේක නතර කරන්නෙ?

පොඩි කාලයේදීම ඇති වන්නාවූ පුරුදු අතරින් සමහර පුරුදු වලින් දරුවට ඇත් වෙන්න හුගාක් අමාරුයි. මාපට ඇඟිල්ල උරා ගැනීම, නියපොතු කෑම, හිසකෙස් ඇඹරීම සහ නහය හැරීම  මේ පුරුදු ගණයට ඇතුළත් වෙනවා. පොඩි ළමයින් සාමාන්‍යයෙන් තැනක් නොතැනක් නැතිව නහය හාරද්දී දෙමව්පියන් විදිහට ඔයා අපහසුතාවයට පත් වෙන්න ඇති. ඉතිං අද baby and me අපි ඔයාගේ බබා නහය හාරනවා නම් නතර කර ගන්නේ කොහොමද කියලා මේ ලිපියෙන් කියලා දෙනවා. බබා නහය හාරනවා කියන්නේ දරුවා ඕනෑවට වඩා කණස්සල්ලට පත්වෙන්න ඕන ලකුණක් නම් නෙමෙයි.

 

සමහර පාරිසරික තත්ත්වයන් වෙනස්වීම හේතුවෙන් ආසාත්මිකතා ඇති වී ශ්ලේෂ්මල අධික ලෙස ගලායාම සහ පසුව ඇති වන කබොල ගොඩක් දුරට දරුවන්ගේ නාසය අවහිර කරනවා. පොඩ්ඩාගේ නාසයේ ශ්ලේෂ්මල වියළීලා සිරවී තිබෙනකොට දරුවට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති කරනවා. ඉතිං දරුවා විසඳුමක් විදිහට නහයේ සිරවී ඇති කබොල ඇඟිල්ලෙන් ඉවත් කරනවා. 

 

නාසය හැරීම සම්පූර්ණයෙන්ම හානිකර දෙයක් නෙමෙයි. නමුත් ඇඟිලිවල ඇති විෂබීජ නාසය තුළට ගිහින් ආසාදන ඇති විය හැකි අතර සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ වැළදීමට හොඳ ක්‍රමයකි. ඒ නිසා ඇඟිල්ලට ලේන්සුවක් හෝ පිරිසිදු රෙදි කැබැල්ලක් භාවිතා කර ගනිමින් නාසය පිරිසිදු කර ගන්න විදිහ දරුවට කියා දෙන්න. මීට අමතරව මෙම ක්‍රම උත්සහ කරලා බලන්න.

 

අසාත්මිකතා ඇති වන දේ ගැන කියා දෙන්න

ඔහු/ ඇය දැන් පෙර පාසල් යනවා නම් නිතරම සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන්න පුළුවන්. ළමයින් දූවිල්ල, සතුන් සහ මල් වල පරාග සමග ගැවසෙනවා වැඩියි. මේ වැනි දේ අල්ලා නාසය ඇල්ලීම තහනම් කරන්න. එමගින් අසාත්මිකතාවන් ඇති වීම වළක්වා ගන්න පුළුවන්. 

 

සජලීකරණය කරන්න

ඔයා ජීවත් වන්නේ වියළි දේශගුණයක නම් හෝ උණුසුම හෝ වායුසමීකරණය නිසා ඔබේ දරුවාගේ ශ්ලේෂ්මල වියළී යන බවක් පෙනේ නම්, දිවා කාලයේදී ඔහුට/ ඇයට වතුර වැඩි ප්‍රමාණයක් ලබා දෙන්න, නැතහොත් රාත්‍රියේ ඔහුගේ නිදන කාමරයේ humidifier උත්සාහ කරන්න. 

 

අත් සේදීමට දිරිමත් කරන්න

කිසිම දරුවෙකුට නිතරම දෑත් සෝදන්නේ නැහැ. නමුත් දිනකට කිහිප වතාවක් අත් සේදීම සහ නියපොතු වැඩි නම් කපන්න. එවිට අසනීප තත්ත්වයන් වළක්වා ගන්න පුළුවන්.

 

අත් ලේන්සුවක් භාවිතා කිරීමට ඔහුට/ ඇයට උගන්වන්න

ඔයා දරුවාගේ සාක්කුවට රෙදි ලේන්සුවක් නැතහොත් ටිෂූ පැකට් එකක් දාන්න. ඉඳහිට දරුවාගේ නාසය ශ්ලේෂ්මලය ගලා එන විට ලේන්සුවෙන් පිස දාගන්න ඔහුව/ ඇයව දිරිමත් කරන්න. මෙමගින් විෂබීජ පැතිරීම විසඳන අතර සමාජ තත්ත්වයන් තුළ දරුවා හොඳ ස්ථාවරයක් ගොඩ නගා ගෙන තියෙනවා.

 

දරුවාගේ දෑත් කාර්යබහුල කරන්න

සමහර විට දරුවාගේ අත පුරුද්දට නහය හාරනවා ඇති. මෙය වළක්වා ගැනීමට දරුවාගේ දෑතින් යමක් කරන්න ඉඩ දෙන්න. උදාහරණයක් විදිහට කඩදාසි ඉරා අලවන්න, ප්‍රහේලිකා විසදීම, මැටිවලින් නිර්මාණ කිරීම, ආහාර පිසීමට ඉගෙනීම සහ ගොඩනැගිලි ආකෘති සෑදීමට කියා දෙන්න.