ගැබ් ගැනීම ස්ථීරවම වළක්වන්න පුළුවන් ශල්‍යකර්මය ගැන ඔබ දැනුවත් ද?

ගැහැණු උපත් පාලන ක්‍රම නැත්නම් වන්ධ්‍යාකරණ ක්‍රම කියන්නේ ඔබ පවුල් සැලසුම් කරන්න හිතනවා නම් දැනගෙන සිටිය යුතුම විෂය පථයක්. අද අපි ඔබට කියා දෙන මෙම සරල ක්‍රියා පටිපාටි‍ය ස්ථීර ක්‍රමයක් වන අතර එය තෝරා ගත යුත්තේ ඔබට තව දුරටත් දරුවන් ලැබීමට අවශ්‍ය නොවන බවට සහතික නම් පමණයි. ගැහැණු වන්ධ්‍යාකරණය පිළිබඳව ඔබට දැන ගැනීමට අවශ්‍ය සියල්ල පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ලිපිය වැදගත් වෙයි.

 

තමන්ට තවත් දරුවන් අවශ්‍ය නෑ කියලා ඔබට විශ්වාස නම් වන්ධ්‍යාකරණය කියන්නේ ඔබට හොඳ විකල්පයක්. මෙය අතිශයින්ම සරල ශල්‍යකර්මයක්. වන්ධ්‍යාකරණය සඳහා ඉතා මෘදු සිහි නැතිකිරීමක් අවශ්‍ය වන අතර එය නිර්වින්දනයක බලපෑම යටතේ සිදු කරනු ලබනවා.

 

වන්ධ්‍යාකරණය සිදු කරන්නේ කොහොමද?

මෙම ස්ථිර කාන්තා ප්‍රතිංධිසරාේධක ක්‍රියා පටිපාටිය සිදු කරනු ලබන්නේ ඉතා කුඩා කැපීමක ආධාරයෙන්. පැලෝපීය නාල දෙක වෙත ළඟා වීම සඳහා වෛද්‍යවරයා ඔබේ උදරය මතින් කැපීම පටන් ගන්නවා. ඉන්පසු ඔහු ඒවා අවහිර කරනවා. පැලෝපීය නාල වල පරමාර්ථය තමයි ඩිම්බ කෝෂ මගින් නිපදවන ඩිම්බ පිරිමි ශුක්‍රාණු සමඟ සම්බන්ධ වුණාම සංසේචනය සිදුවන ගර්භාෂය තුළට ගෙන යාමයි.

 

වන්ධ්‍යාකරණය කියන්නේ අනවශ්‍ය ගැබ් ගැනීම් සම්බන්ධයෙන් අනාගත‍යේදී ඔබට මුහුණ දෙන්න වෙන සියලු කරදර ලිහිල් කරන ඉතා ආරක්ෂිත ක්‍රමයක්. විශේෂයෙන්ම ඔබේ සමස්ත සෞඛ්‍යය තත්ත්වය සහ වෛද්‍යමය පරීක්ෂාවන් සමඟ තවත් සාධක කිහිපයක් සැලකිල්ලට ගැනීමෙන් පසුවයි මෙම තීරණය ගනු ලබන්නේ. ඔබේ පැලෝපීය නාල අවහිර කළාම හෝ කපා දැමූ විට ඔබේ ඩිම්බ ශුක්‍රාණු කරා ළඟා වීම වළක්වනවා. එමඟින් ගැබ් ගැනීම ද සදහටම වළක්වනවා.

 

වන්ධ්‍යාකරණය කෙතරම් ඵලදායීද?

 

මෙම ක්‍රමය ස්ථිර හා ඉහළ ඵලදායී දෙයක් ලෙස සැලකෙනවා. කෙසේ වෙතත් දිගු කාලීනව එහි කාර්යක්ෂමතාව තීරණය කරන තවත් සාධක කිහිපයක් ඇති බව ඔබ තේරුම් ගන්න ඕනේ. මේ හරහා ගර්භණී අනුපාතය සැලකිය යුතු ලෙස අඩු බව නිරීක්ෂණය වෙලා තියනවා වගේම ඇත්ත වශයෙන්ම මෙය කෙලින්ම රඳා පවතින්නේ පැලෝපීය නාල අවහිර වන ආකාරය මතයි. පවුල් සැලසුම් විශේෂඥයින් මෙම සැත්කම කළාට පස්සේ කාන්තාවන්ට ලැබෙන සාර්ථක ප්‍රතිඵල පිළිබඳව අදහස් දැක්වීමේදී ඉතා සතුටුදායක ප්‍රතිඵල වාර්තා වෙන බව කියනවා.

 

Post Partum Tubal Ligation

 

මෙය දරුවෙක් ප්‍රසූත වූ වහාම සිදුකරන වන්ධ්‍යාකරණ සැත්කම සඳහා භාවිතා කරන වෛද්‍ය යෙදුමක්. මෙම වන්ධ්‍යාකරණ සැත්කම් ක්‍රියා පටිපාටිය වෙනත් ආකාරයකින් සිදු කළ ඒවාට සාපේක්ෂව වඩාත් ඵලදායී දෙයක් කියලා වෛද්‍යවරු සලකනවා. 

 

වාසි

 

මෙම ගැහැණු උපත්පාලන ක්‍රමය ඉතා ඵලදායී වෙනවා.

 

මෙය ස්ථිර ක්‍රමයක් වන අතර ඒ සඳහා තනි ක්‍රියා පටිපාටියක් පමණයි අවශ්‍ය වෙන්නේ. එය සාර්ථක පවුල් සැලසුම් විකල්පයක් වන අතර එය අතිශයින්ම ආරක්ෂිතයි.

 

ඔබ හෝ සැමියා ගත්ත ඖෂධ ගැන දින වකවානු මතක තබා ගැනීම අවශ්‍ය වෙන්නේ නෑ. වෙනත් බාහිර සැපයුමක් අවශ්‍ය වෙන්නේ නෑ. ඔබ නැවත නැවත සායන වලට යන්න ඕනේත් නෑ.

 

ඔබ දෙදෙනාගේ ලිංගික සතුට හා සංසර්ගයට කිසිදු බලපෑමකින් තොරව ජීවත් වෙන්න පුළුවන්. ඔබටත් සුපුරුදු පරිදි හා සාමාන්‍යයෙන් ලිංගිකව එක් වෙන්න පුළුවන් වෙනවා.

 

මෙම ක්‍රියා පටිපාටිය කාන්තාවට කිසිදු සෞඛ්‍ය අවදානමක් ඇති නොකරන අතර දිගු කාලීන අතුරු ආබාධ ද ඇත්තේ නෑ.

 

අවාසි

ශල්‍යකර්මයෙන් පසුව ඔබට මධ්‍යස්ථ මට්ටමේ ඉඳන් උග්‍ර මට්ටමක් දක්වා වන වේදනාවක් අත්විඳින්න සිද්ධ වෙන්න පුළුවන්. සමහර සෞඛ්‍ය තත්ත්වයන් යටතේ ඔබට අසාමාන්‍ය සංකූලතා කිහිපයක් ද ඇති වෙන්න පුළුවන්.

 

කපපු ස්ථානයේ ලේ ගැලීමක් සිදු වෙන්න පුළුවන් අතර අවසානයේ එය ආසාදනයකට තුඩු දෙන්න පුළුවන්.

 

රුධිර වහනය සහ ආසාදන අභ්‍යන්තරව මෙන්ම වෙනත් සංකූලතා වලටද හේතු වෙන්න පුළුවන්. ඒ වගේ තත්ත්වයක් නම් ඉතා දුර්ලභවයි උදා වෙන්නේ.

 

ඔබේ උදරයේ අභ්‍යන්තර අවයව තුවාල වෙන්න පුළුවන්.

 

නිර්වින්දනයෙන් අවදානමක් තිබෙන්න පුළුවන්. නින්ද නොයෑමේදී හෝ නිර්වින්දනය ලබා දීමේදී මාත්‍රාව අධික වීම හෝ ආසාත්මිකතා ඇතිවීමේ දුර්ලභ හැකියාවක් තියනවා.

 

සාමාන්‍ය නිර්වින්දනය සමඟ වුණත් ඔබ නැවත ප්‍රකෘති සිහියට ඒම ප්‍රමාද වෙන්න පුළුවන් අතර තවත් සමහර අතුරු ආබාධ ද ඇති වෙන්න පුළුවන්.

 

ආපසු හැරවීමේ සැත්කම් සැබවින්ම කරන්න බෑ. සමහර සායන වලදී එය උත්සාහ කළත් එය ඉතා මිල අධික වන අතර සාර්ථකත්ව අනුපාතය ද තරමක් අඩුයි.

 

ඒ නිසා කාන්තාවක් විදිහට ඔබ මෙම උපත් පාලන ක්‍රමය ගැන වෛද්‍යවරයාගෙන් සම්පූර්ණ තොරතුරු දැනගෙන, බැරෑරුම් ලෙස සිතලා තීරණය ගන්න පුළුවන් නම් විතරක් තෝරා ගැනීම වැදගත්. අනාගතයේදී ඔබට කිසිම දරුවෙක් බිහි කරන්න අවශ්‍ය නොවන බවට ඔබ ඔබටම සහතික වෙන්න ඕනේ.