ගර්භණී සමයේදී ඇතිවන Obstetric Cholestasis තත්ත්වය යනු කුමක්ද?

ගර්භණී සමයේ කැසීම ලෙස හැඳින්වෙන Obstetric Cholestasis (OC) යනු අක්මා ආබාධයක්. මෙය සාමාන්‍යයෙන් ගර්භණී කාන්තාවන්ගෙන් සුළු පිරිසක් තුළ පමණක් දැක ගත හැකියි. සාමාන්‍යයෙන් ගර්භණී සමයේ අවසාන මාස තුන තුළ කැසීම දැක ගන්න පුළුවන්.

 

Obstetric Cholestasis යනු කුමක්ද?

OC යනු අක්මාවේ සිට බඩවැල් වලට පිත ගලායාම අඩු වීම නිසා එමඟින් රුධිරයේ පිත වැඩි වීමක්. පිත යනු අක්මාවේ නිපදවන, ආහාර දිරවීමට උපකාරී වන රසායනික ද්‍රව්‍ය සහ ආහාර අපද්‍රව්‍ය අඩංගු කහ පැහැති ද්‍රව්‍යක්.

මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ සමේ රෑශ් එකකින් තොරව කැසීමයි. දරුවා ඉපදී සතියක් හෝ දෙකක් ඇතුළත කැසීම සම්පූර්ණයෙන්ම අතුරුදහන් වන අතර මෙය මව්වරුන්ට සෞඛ්‍ය ගැටලු ඇති කරන්නේ නෑ.

 

දරුවාට ඇති විය හැකි ආබාධ

 

කොහොම වුණත් OC මගින් දරුවාගේ උපතට පෙර මරණයට පත්වීමේ අවදානම, නොමේරූ දරු ප්‍රසූතිය, දරුවාගේ මොළය තුළ ලේ ගැලීම සහ උපතට පෙර මළපහ (meconium) දරුවා වටා ඇති තරලයට (amniotic fluid) සම්ප්‍රේෂණය විය හැක. මෙය දරුවාගේ පෙණහලුවලට ඇතුළු වී උපතින් පසු හුස්ම ගැනීමේ අපහසුතා ඇති කරයි.

 

රෝග ලක්ෂණ

ගර්භණී අවධියේදී කැසීම සාමාන්‍ය දෙයක්. හෝමෝන වෙනස් වීම හා සම ඇදීම හා සම්බන්ධ යැයි සැලකෙන නිසා ගර්භණී සමයේදී කැසීම සාමාන්‍ය දෙයක් බවට සිතන කාන්තාවන් තමන්ට OC ඇති බව නොදැන සිටිය හැකියි.

OC තත්ත්වයේදී කැසීම සාමාන්‍යයෙන් ගර්භණී සමයේ අවසාන මාස තුන තුළ දක්නට ලැබෙන නමුත් එය පෙර ආරම්භ වෙන්නත් පුළුවන්.

සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ අත් සහ පාදවල ඇඟිලි වලයි. 

කුෂ්ඨ හෝ රෑශ් ඇති වෙන්නේ නැහැ.

මේ කැසීම සාමාන්‍යයෙන් රාත්‍රියේදී වැඩි වන අතර එය නින්ද නොයෑමට හා තෙහෙට්ටුවට හේතු වෙනවා.

සමහර කාන්තාවන්ගේ ආහාර රුචිය නැති වී සාමාන්‍යයෙන් අසනීප බවක් දැනෙන අතර සමහරුන්ට සෙංගමාලය ඇතිවිය හැක.

සමහර කාන්තාවන්ට අඳුරු පැහැති මුත්‍රා පිටවීම සහ සුදුමැලි මළපහ ඇති කරයි.

 

රෝග විනිශ්චය

OC තත්ත්වය Liver Function Tests (LFT’s) නම් රුධිර පරීක්ෂණයක් මගින් සහ fasting serum bile acid test එකක් මගින් හඳුනාගන්න පුළුවන්. මෙම පරීක්ෂණ ඍණාත්මක වුණත් දිගින් දිගටම කැසීම ඇති කරන්නේ නම්, මෙම පරීක්ෂණය නැවත නැවතත් කළ යුතුයි.

viral hepatitis, Epstein Barr virus (glandular fever) සහ cytomegalovirus වැනි අසාමාන්‍ය අක්මා ක්‍රියාකාරිත්වයට හේතු වන රෝගයන් OC තත්ත්වය පරික්ෂා කිරීමට පෙර පරීක්ෂණයට ලක් කරන්න ඕනේ. පිත්තාශයේ ගල් පරීක්ෂා කිරීම සඳහා අල්ට්රා සවුන්ඩ් එකක් කිරීම වසාත් සුදුසුයි. එය බඩවැල් තුළට පිත ගැලීම අවහිර වීමට හේතුවක් වෙන්න පුළුවන්.

 

ප්‍රතිකාර සහ පැවැත්ම 

රුධිරයේ ඇති පිත් අම්ල මට්ටම අඩු කිරීමට ඖෂධ නියම කරනවා. ගර්භණී සමයේදී ඔබේ දරුවාගේ හෘද ස්පන්දනය (CTG) අධීක්ෂණය කිරීම සහ දරුවාගේ යහපැවැත්ම තක්සේරු කිරීම, අල්ට්රා සවුන්ඩ් ස්කෑන් කිරීම සහ අඛණ්ඩව සිදුවන රුධිර පරීක්ෂණ කරන්න වෛද්‍යවරයා ඔබට නියම කරයි.

දරුවාගේ චලනයන් අඩුවීම හෝ නොපැවතීම මිඩ්වයිෆ්ට හෝ වෛද්‍යවරයෙකුට වහාම වාර්තා කරන්න.

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබාගන්න. සාමාන්‍ය ගර්භණී මාර්ගෝපදේශයන්ට අනුකූලව මත්පැන් පානය කිරීමෙන් වැළකී අවශ්‍ය තරම් ජලය පානය කරන්න. 

Calamine lotion කැසීම සඳහා උපකාරී වෙනවා. ලිහිල් ඇඳුම් අඳින්න, සිසිල් ජලයෙන් ස්නානය කරන්න සහ අධික ලෙස උණුසුම් නොවීමට උත්සාහ කරන්න.

පිත් අම්ල මට්ටම දිගටම වැඩිවීමක් හෝ අඩු නොවී පවතිනවා නම් දරුවා සති 38ක් වැනි කාලයකදී බිහි කිරීමට වෛද්‍යවරයා තීරණය කරන්න ඉඩ තියෙනව.