දරුවාට පළමු මාස 6 දී මවුකිරි පමණක් ලබාදුන්නත් ඉන්පසුව විවිධ රසයෙන් සහ ගුණයෙන් යුතු එළවළු සහ පළතුරු ආහාරයට ලබාදිය යුතුයි. බොහෝ මවුවරුන් බහුලව තෝරාගන්නා පළතුරක් ලෙස දොඩම් හැඳින්විය හැකියි.
දරුවාට දොඩම් ලබාදීමට සුදුසු වයස් සීමාව
දරුවන්ට ආහාර හඳුන්වා දෙන සමයේ යම් යම් ආසාත්මිකතා ඇතිවනවා. දරුවාට මාස 6න් පසුව දොඩම් වැනි පැඟිරි කුලයේ පළතුරු හඳුන්වා දෙනවා නම් මුලදී ඉතා කුඩා ප්රමාණයන්ගෙන් ලබාදී තවත් අලුත් ආහාරයක් හඳුන්වා දීම දින දෙකක් පමණ ප්රමාද කර යම් ආසාත්මිකතාවයක් ඇතිවනවා දැයි මදක් විපරමින් සිටිය යුතුයි. එසේ නොමැති නම් ඔබගේ කැමැත්ත පරිදි දරුවාට මාස 12 ක් සම්පූර්ණ වු පසු දොඩම් වැනි පළතුරු හඳුන්වාදිය හැකියි.
ආම්ලික ආහාර වලට දරුවාගේ ප්රතික්රියා
ඇතැම් දරුවන් ආම්ලිකතාවය වැඩි ආහාර වලට යම් යම් ආසාත්මිකතා පෙන්නුම් කරනවා. විශේෂයෙන් දොඩම් ආසාත්මික නම් ඔවුන්ගේ සමේ ඇතිවන කුෂ්ඨ වැනි තත්ත්ව ඇතිවීම දැකිය හැකියි. මුඛය වටා සහ ඩයපර් රෑශ්, වමනය, හුස්ම හිරවීම, ඉදිමීම, හුස්ම ගැනීමේ අපහසුතා, පාචනය හෝ ඔක්කාරය වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. පළතුරු ආහාරයට ගැනීමෙන් පැය දෙකක් ඇතුළත මෙම රෝග ලක්ෂණ මතුවිය හැකි අතර එවැනි අවස්ථාවක වෛද්‍ය ප්රතිකාර ලබාගැනීම සුදුසුයි.
දොඩම් ලබාදීමෙන් දරුවාට ලැබෙන සෞඛ්‍ය ප්රතිලාභ
- දොඩම් ආහාරයට ලබාදීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය ශක්තිමත් කරනු ලබනවා.
- දොඩම්වල තන්තු බහුල බැවින් මලබද්ධය ඇතිවීමේ සම්භාවිතාව අවම වීම.
- විටමින් C බහුලව අඩංගු වන බැවින් සෙම්ප්රතිශ්යාව සහ කැස්සෙන් ආරක්ෂාවත් ප්රතිශක්තිය වර්ධනය වීමත් සිදුවනවා.
දොඩම් ග්රෑම් 100ක අඩංගු පෝෂණය
ජලය | 82. 30 g |
ශක්තිය | 63 kcal |
ප්‍රෝටීන් | 1. 30 g |
මේදය | 0. 30g |
කාබෝහයිඩ්රේට් | 12. 54g |
තන්තු | 2. 2g |
සීනි, | 8. 50g |
ඛනිජ ලවණ
|
|
කැල්සියම් | 43mg |
යකඩ | 0. 13mg |
මැග්නීසියම් | 11mg |
පොස්පරස් | 23mg |
පොටෑසියම් | 166mg |
සෝඩියම් | 1mg |
සින්ක් | 0. 08mg |
විටමින් | |
විටමින් C, සම්පූර්ණ ඇස්කෝර්බික් අම්ලය | 59. 1mg |
තයමින් | 0. 068mg |
රයිබොෆ්ලැවින් | 0. 051mg |
නියාසින් | 0. 425mg |
විටමින් B-6 | 0. 079mg |
ෆෝලේට් | 34µg |
විටමින් A -RAE | 12µg |
විටමින් A, IU | 247IU |
දරුවන්ට දොඩම් ලබාදිය හැකි ආකාර
ඇසුරුම්කර ඇති දොඩම් වල සීනි සහ විවිධ රසායන ද්‍රව්‍ය අඩංගු වන බැවින් දරුවාට නිවසේ සකස් කරන ලද නැවුම් දොඩම් යුෂ ලබාදෙන්න.
දොඩම් යුෂ වෙනුවට පොත්ත ඉවත් කර, ඇට ඉවත් කර පෙතිකපා දරුවාට දොඩම් ලබාදිය හැකියි.
වෙනත් පළතුරු වර්ග සමග මිශ්‍ර කර ලබාදිය හැකියි.
වට්ටෝරු කිහිපයක්
Carrot Orange Puree
අවශ්‍ය ද්‍රව්‍ය – දොඩම් යුෂ තේ හැඳි 1 , කුඩා කැබලි කරගත් කැරට් කෝප්ප ½, කුරුඳු කුඩු ස්වල්පයක්
සකස් කරන ආකාරය
– කැරට් හොඳින් තම්බා ගන්න
– කැරට්, දොඩම් යුෂ සහ කුරුඳු කුඩු දමා හොඳින් පල්පයක් වන සේ බ්ලෙන්ඩර් කරන්න.
Yogurt With Mandarin Oranges
අවශ්‍ය ද්‍රව්‍ය – යෝගට් කෝප්ප 1, පෙති කපාගත් තැඹිලි පැහැ දොඩම් කෝප්ප 1/2, මී පැණි තේ හැඳි 1 ( අවශ්‍ය නම්)
සාදන ආකාරය
– යෝගට්වලට මිරිකාගත් දොඩම් සහ මී පැණි එක් කරන්න.
Orange Dahl
අවශ්‍ය ද්‍රව්‍ය – පරිප්පු කෝප්ප 1/2ක් , දොඩම් යුෂ කෝප්ප 1/4 , වතුර කෝප්ප 1 1/4 , කුරුඳු කුඩු ස්වල්පයක්
සාදන ආකාරය
– බඳුනකට ජලය සහ පරිප්පු දමා විනාඩි 20ක් පිසින්න.
– දොඩම් යුෂ සහ කුරුඳු එක්කරන්න.
– සියල්ල හොඳින් තලපයක් වනසේ බ්ලෙන්ඩර් කරන්න.
Orange Banana Mash
අවශ්‍ය ද්‍රව්‍ය – පෙති කපාගත් කෙසෙල් ගෙඩි 1, දොඩම් යුෂ 4 මේස හැඳි, සිනි රහිත ඇපල් යුෂ මේස හැඳි 2, ඔලිව් තෙල් මේස හැඳි 1
සාදන ආකාරය
– පෑන් එකකට ඔලිව් තෙල් එකතු කර මද ගින්දරේ රත් කරන්න.
– කෙසෙල් පෙති එක්කර දෙපස පෙරළමින් බදින්න
– එයට දොඩම් යුෂ සහ ඇපල් යුෂ එක්කර හොඳින් පොඩි කරන්න.
Orange Juicy Carrots
අවශ්‍ය ද්‍රව්‍ය – කුඩා කැබලි කපාගත් කැරට් , දොඩම් යුෂ කෝප්ප 1/4 , වතුර කෝප්ප 1
සාදන ආකාරය
– කැරට් මෘදු වන තෙක් තම්බා ගන්න.
– කැරට්වලට දොඩම් යුෂ එක්කර හොඳින් මිශ්‍ර කරන්න.