ඩිම්​බ මෝචනය (Ovulation) කෙරෙහි ව්‍යායාමයේ ඇති බලපෑම

වර්​තමානයේ බොහෝ දෙනා වයස් භේදයකින් සහ කාන්තා පිරිමි භේදයකින් තොරව ව්යායාම් තම ජීවිතයේ අනිවාර් අංගයක් බවට පත්කර ගනිමින් සිටිනවා. බව දිනෙන් දින රට පුරා ව්යාප්ත වන ජිම් සහ ශාරීරික යෝග්යතා මධ්යස්ථාන කරා ළඟා වන ජනතාවගෙන් සනාථ වෙනවා. නමුත් ප්රමාණය ඉක්මවා ව්යායාම් කිරීමෙන් කුමක් සිදුවනවාදැයි ඔබ සිතා බැලුවාද?

ඇත්ත වශයෙන්ම ක්රමයෙන් ව්යායාම් කිරීම වැඩිකිරීම ඔබ කළ යුත්තක්. නමුත් එය කළ යුත්තේ ක්රමාණුකූලවයි. එසේ නොමැතිව අධික ලෙස සිරුර වෙහෙස කරවීම සුදුසු නොවේ. එසේ වුවහොත් ව්යායාමයෙන් අපේක්ෂිත ඉලක්කයන් වෙනුවට සිරුරට අයහපතක් සිදුවිය හැකියි

කෙසේ වුවත් කාන්තාවක් ලෙස ව්යායාම් මගින් ඔබගේ සාඵල්යතා ක්රියාකාරකම් එසේ නොමැති නම් ඩිම්​බනීහරණය/ ඩිම්​බ මෝචනය කෙරෙහි වන බලපෑම ගැන දනුවත් වීම වැදගත් වෙනවා

 

ඔසප් චක්රය අක්රමවත් වීම 

 

ඔබ ගර්භණීභාවය අපේක්ෂාවෙන් සිටිනවා නම් අධික ලෙස මලල ක්රීඩාවල නිරතවීම ඩිම්බකෝෂ චක්රයේ වෙනස් වීම් කෙරෙහි බලපෑම් එල්ල කළ හැකියි. එම හේතුවෙන් ඔසප් චක්රය අක්රමවත් වීම, ඔසප් ප්රමාද වීම, සමහර මාසවල ඔසප් වීම් සිදුනොවීම වැනි ගැටළු ඇතිකල හැකියි. එවිට අනුමාන කළ හැක්කේ ඔබ ප්රමාණය ඉක්මවා ව්යායාම් කරනා බවක්

 

ගැබ් ගැනීමට නොහැකි වීම 

ඔබ අධික ලෙස ව්යායාම් කරනවා නම් ක්රමයෙන් සැහැල්ලු කරනා තෙක් ගැබ් ගැනීමට නොහැකි විය හැකියි. අධික ලෙස ව්යායාමයේ නිරත වීමෙන් ඔසප් වීම් මග හැරිය හැකියි. එය amenorrhea ලෙස හඳුන්වන අතර ඔබ ගර්භණීභාවය අපේක්ෂා කරනවා නම් සැහැල්ලු ව්යායාම් හි නිරත වීම වැදගත් වෙනවා

 

යෝග්යතා විශේෂඥයන්ගේ මතය 

 

ඇතැම් යෝග්යතා විශේෂඥයන්ට අනුව නිසි ශාරීරික යෝග්යතාවයකින් යුතු ඔසප් වීම් සිදුනොවන කාන්තාවන් සෑම මසකම ඔසප් වීම සිදුවන කාන්තාවන්ට වඩා නිරෝගී වන අතර ඔවුන්ට ව්යායාම් අධික වීම නිසා ඔසප් නොවුණත් ඩිම්​බ පිටවන නිසා ගර්භණී විය හැකි බවයි

 

නමුත් වෛද් විශේෂඥයන් මෙම මතයට එකඟ නොවන අතර ඔවුන් පවසන්නේ ව්යායාම කිරීම නිසා ශරීරයේ එන්ඩොර්ෆින් හෝමෝන ශ්රාවය සිදුවන බවත් එය අධික ලෙස නිපදවීම ඩිම්​බ කෝප පිටවීම වේගවත් කරන බවයි. ඔබ අධික ලෙස ව්යායාම කිරීමත් අඩුවෙන් ආහාර ගැනීමත් ඔසප් චක්රය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කළ හැකියි

 

ව්යායාම් රටාවට අනුරූපව ආහාර ගැනීම වැඩිවීම 

පර්යේෂකයන් පවසන ආකාරයට යෝග්යතා මට්ටම් වැඩි වීම, බර අඩු වීම හෝ ශරීරයේ මේදය අඩු වීම amenorrhea තත්ත්වයට හේතුවේ යැයි ස්ථීරවම පැවතීම වගකීම් විරහිත ප්රකාශයක් බවයි ඔවුන් පවසන්නේ. නමුත් amenorrhea තත්ත්වයට හේතුවන ව්යායාමය කුමක්දැයි තහවුරු කරගෙන නොමැති අතර එය සිරුරේ අධික ලෙස මේදය අඩුවීම් තත්ත්වයක් බවයි හෙළිව තිබෙන්නේ. අධිකව ව්යායාම් කරන බොහෝ කාන්තාවන් කැලරි අඩංගු ආහාර සීමා කිරීම එයට හේතුවිය හැකියි

 

ආහාර ගැනීමට අනුරූපව ශාරීරික යෝග්යතාවය වැඩිවීම ඔසප් ප්රවාහය අඩුවීම කෙරෙහි බලපානු ලබනවා. එමෙන්ම කාන්තාවන් ඔසප් වීමකින් තොරව මාස 6ක් පමණ ගත කිරීමෙන් ඔවුන්ගේ අස්ථි ඝනත්වය අඩුවීම සිදුවනවා

 

ඒ නිසා ඔබගේ සිරුරේ මේද ප්රමාණය වැඩිනම් එය දහනය කිරීමට වැඩි වශයෙන් ව්යායාම් කළ යුතුයි. එසේ නොමැති නම් ඔබ ව්යායාම් කරන්නේ ශාරීරික යෝග්යතාවයකින් සහ විලාසයකින් යුක්ත වීමට නම් ඔබ ව්යායාමත් සමග දෛනික කැලරි පරිභෝජනය වැඩිකළ යුතුයි