නව යොවුන්වියේ දියණියක් සමග කටයුතු කළ යුතු ආකාරය ගැන ඔබ දැනුවත්ද?

ඔබත් නව යොවුන්වියේ පසුවන දියණියක් සිටින මවක් නම් ඇය නිවැරදි මාර්ගයේ යොමු කිරීම සම්බන්ධව වැදගත් වගකීම් සම්භාරයක් ඔබගේ කරපිට තිබෙනවා. විශේෂයෙන් මල්වරවීමත් සමග ඇතිවන වෙනස්කම් සහ ඇය කටයුතු කළ යුතු ආකාරය ධනාත්මකව දියණියට කියාදී ඇය සූදානම් කළ යුතුයි. නමුත් සියල්ලටම පෙර මවක ලෙස නව යොවුන්වියේ සිටින දියණියකගේ ඇතිවන වෙනස්කම් සහ ඇය සමග කටයුතු කරන ආකාරය ගැන ඔබ දැනුවත් වී සිටිය යුතුයි

 

විශේෂයෙන් නව යොවුන් වියේ සිටින පිරිමි දරුවකුට වඩා නව යොවුන් වියේ සිටින ගැහැණු දරුවකු සමග කටයුතු කිරීම වෙනස්වනවා. මක්නිසාද යත් ස්වභාවිකව සහ ගතිලක්ෂණ මෙම වයසේදි එළි දැක්වූවත් ගැහැණු ළමුන් එම හැඟීම් යටපත් කිරීමට උත්සාහ දරනවා. විශේෂයෙන් මල්වරවීමත් සමග ගැහැණු දරුවන්ගේ චර්යාවන් හි විශාල වෙනස්කමක් දැකිය හැකියි. එම වෙනස ස්වභාවික නමුත් ඇයට තම හැඟීම් සමග ගණුදෙනු කිරීමේදි විශේෂ සහයක් අවශ් විය හැකියි. විශේෂයෙන්ම මවක ලෙස ඔබ ඇයට සහය විය යුතුයි

 

නව යොවුන්වියේ ගැහැණු දරුවකුගේ හැසිරීම් වෙනස් වීමට හේතු

ප්රධාන වශයෙන් මල්වර වියට එළඹීමත් සමග දරුවාගේ සිරුරේ ඇතිවන හෝමෝන වෙනස්වීම් ගැහැණු දරුවකුගේ බාහිර සහ අභ්යන්තර වෙනස්වීම් වලට හේතු වෙනවා. විශේෂයෙන් මවක් ලෙස, ඔබ දරුවාගේ වෙනස්කම් හරහා මඟ පෙන්වීම කළ යුතුයි

 

දරුවාගේ බාහිරව සිදුවන වෙනස්කම් සාමාන් බවත් එය එම වයසේදි සිදුවන දෙයක් බවත් සරලව පැහැදිලිව වටහා දෙන්න. බොහෝ දරුවන් මල්වර වීමත් සමග තමන් තනිව ඇතැයි හැඟීමකින් පීඩා විඳින අතර ඇය අවට සිටින අයගේ සහය ඇයට එම මානසිකත්වයෙන් මිදීමට අවශ් වෙනවා

 

සිරුරේ බාහිර වෙනස්කම් පියයුරු වර්ධනය, ඔසප් වීම ආරම්භය, රහස් ප්රදේශයේ කෙස් වර්ධනය වැනි දේ ඉතා සාමාන් බවත් ස්වභාවික සිදුවන බවත් පැහැදිලි කරන්න. නව යොවුන් වියේ දී, හෝර්මෝන වෙනස්වීම් මනෝභාවය වෙනස් වීමට හේතු වෙනවා. දැඩි ආක්රමණශීලි හැසිරීම, ඉක්මණින් දේවල් ඉවතලෑම, විචිකිච්ඡාව, ආත්ම විශ්වාසය මද බව සහ ආහාර ගැනීම සහ නින්ද නොයෑම වැනි ආබාධ වලට ඔවුන් ගොදුරුවිය හැකියි. ඒ නිසා මවක් ලෙස දරුවා තුල වන මනෝ භාවයන් ගැන නිසි වටහා ගැනීම අත්යවශ් වෙනවා. නව යොවුන් වියේ දියණියක ඇති දැඩි කිරීමේදී ඔබ ඉතා ප්රවේශම් විය යුතු අතර නොසලකා හැරියහොත් ඉහත සඳහන් කළ මානසික වෙනස්වීම ඉතා ප්රබල මානසික අවපීඩන තත්ත්වයක් කරා වර්ධනය විය හැකියි

 

නව යොවුන් වියේ පසුවන දියණිය සමග කටයුතු කළ යුතු සරල පියවර

මවගේ භූමිකාවට අමතරව ඔබ ඇයට හොඳ මිතුරියක වෙන්න

ඇයගේ සිතුවිලි සහ හැඟීම් කෙරෙහි අවධානය යොමු කරන්න, සෑම විටම ඇයට සවන්දෙන්න. ඇය තම අදහස් ඉදිරිපත් කරන විට ඇයව වඩාත් දිරිමත් කරන්න

ඔබ සහ ඇය අතර විවෘත සන්නිවේදනයක් තබාගන්න

දියණිය සමග කටයුතු කිරීමේදි බැරෑරුම් නොවී සරල භූමිකාවක සිටින්න. ඇයට ඔබ හමුවේ විවෘත වීමට ඉඩ ප්රස්ථාව සලසා දෙන්න

ඇය තුළ ඇති සැක සංකා, මතයන් පැකිලීමකින් තොරව ඔබට ඉදිරිපත් කිරීමට ඉඩ හරින්න

ඔබ ඇතුලු සියළුම වැඩිහිටියන් නව යොවුන් විය පසු කර ඇති බැවින් එය එතරම් බිය විය යුතු දෙයක් නොවන බව ඇයට වටහා දෙන්න

ඇය තම පාසලේ අත්දැකීම් ඔබ සමග බෙදාගැනීමේදි විශේෂයෙන් පිරිමි ළමුන් සමග කටයුතු කරන ආකාරය පවසන විට සාවධානයෙන් අසා සිටින්න. ඔබට ඇසෙන දේ අනුව දරුවා විනිශ්චය කිරීමෙන් වළකින්න. ඇය වඩා හොඳින් පිරිමි ළමුන් සමග කටයුතු කරනු ඇති අතර කිසිවිටකත් ඇයට පාසල් පිරිමි මිතුරන්ගෙන් ඈත්වන්න වැනි නුසුදුසු දේ පැවසීමෙන් වළකින්න

ජීව විද්යාත්මක වර්ධනය සහ වෙනස මෙන්ම අන්යන්ගෙ පෞද්ගලිකත්වයට ගරු කිරීමේ වැදගත්කම ඇයට කියාදෙන්න

වඩා වැදගත් වන්නේ ස්ත්රියක් ලෙස ජීවිතයට මුහුණ දීමට අවශ් ආත්ම විශ්වාසය ඇය තුළ වර්ධනය කිරීමයි. ජීවිතය අභියෝගයක් බවත් ඇයට සාර්ථකව මුහුණ දීමේදි පැකිලීමට හෝ ලැජ්ජා වීමට දෙයක් නොමැති බවත් පවසන්න. ඇයගේ දෛනික ක්රියාකාරකම් දිගටම කරගෙන යාමට ඇය දිරිමත් කරන්න

නව යොවුන්වියේදි දරුවාගේ අභ්යන්තර සහ බාහිර වෙනස්කම් කෙරෙහි වැඩි අවධානයක් යොමුවන බැවින් ඇයගේ අවධානය වෙනස් කළ හැකි නැටුම්, සංගීතය, ගෙවතු වගාව, පින්තාරු කිරීම, මැහුම් වැනි ක්රියාකාරකම් කෙරෙහි දරුවා යොමුකරන්න

ඇයගේ හොඳ ගුණාංග, දක්ෂතා සහ ජයග්රහණ පිළිබඳව නිසි අගය කිරීම ලබාදෙන්න

 

වඩා වැදගත් වන්නේ ඇයට අවශ් සෑම මොහොතකම ඇය සමග ඔබ සිටින බවට ඇය තුළ විශ්වාසය ගොඩ නැගීමයි. සාර්ථක දියණියක බිහිකිරීමේ රහස එයයි. ඔබ ඇයට හොඳ යෙහෙළියක්, සොයුරියක්, මවක් වන්න. එවිට ඇය සාර්ථකව ජීවිතයට මුහුණ දීමට ඉගෙන ගනීවි. ඇය ලබන සොඳුරු අත්දැකීම් දිනක යහපත් කාන්තාවක ලෙස ලෝකය දිනීමට ඇයට සවියක් වෙනවා නොඅනුමානයි