රජ පවුලේ රාජකීය මවකගෙන් දෙමව්පිය ඔබට ගන්න පුළුවන් ආදර්ශ ගැනයි මේ

කේට් මිඩ්ල්ටන් කියන්නේ ලෝකයේ ජනප්‍රියම රාජකීය මවක් බව අපි හැමෝම දන්නවා. නමුත් ඇයගේ දෙමව්පිය ශෛලිය වෙනත් රාජකීය මව්වරුන්ට වඩා බොහෝ දුරට වෙනස් කියලා ලෝකයම කතා වෙනවා. පෙනෙන විදිහට කේට්ගේ දෙමව්පියභාවය ඉතාම “ප්‍රබෝධමත්” එකක් වන අතර, ඇය ඇයගේ දරුවන්ගේ ජීවිතවලට ඉතාම හොඳින් සම්බන්ධ වෙලායි ඉන්නේ. ඇගෙන් ඔබට ද ඉගෙන ගන්න බොහෝ පාඩම් තියන නිසා ඒ ගැන අපි අද ඔබට කියන්නම්.

 

“ලිහිල් හා සාමාන්‍ය” මවක් ලෙස හැඳින්වෙනවා 

කේට් ගැන මිනිසුන් දකින ලොකුම දේ දෙයක් තමයි ඇය ඇගේ ජෝර්ජ්, චාලට් සහ ලුවී යන දරුවන්ට ඉතාම නම්‍යශීලී හා ස්ථීර ආදරයක් ලබා දෙන අම්මා කෙනෙක් බව. ඇගේ ඒ ආදරණීය ප්‍රවේශය එක්සත් රාජධානියේ ඇතුළුව ලොව පුරා සිටින දෙමාපියන්ට වඩාත් පහසුවෙන් ප්‍රවේශ වෙන්න පුළුවන් ක්‍රමයක්.

 

මානසික සෞඛ්‍යය පිළිබඳව දක්වන විශේෂත්වය 

විලියම් සහ කේට් තමන්ගේ දරුවන්ගේ මානසික සෞඛ්‍යය සම්බන්ධයෙන් දරන සැළකිලිවන්තභාවය, මානසික ගැටලු ගැන විවෘතව කතා කිරීම රාජකීය පවුල තුළ මීට පෙර කිසි දිනෙක සිදු නොවූ දෙයක්. එය දෙමව්පියන් වශයෙන් ඔවුන් දරුවන්ට ලබා දෙන විශාලතම ශක්තීන්ගෙන් එකක්.

කේට් කිසි විටෙකත් අපහසු මාතෘකා ගැන දරුවන් එක්ක කතා කිරීමට පසුබට වෙන්නේ නෑ. එය ඇගේ යහපත් දෙමව්පිය ශෛලිය පිළිබිඹු කරනවා. ඇය පුළුවන් තරම් තමන්ගේ පවුලේ අය සමඟ විවෘතව හා අවංකව කටයුතු කරන්නට බවට වග බලා ගන්න මවක්. ඇය කිසිම වෙලාවක දරුවන් යටපත් කරන්න උත්සහ කරන්නේත් නෑ. ඒ ගුණාංගය කුඩා කාලයේ ඉඳන්ම දරුවන් එක්ක පැහැදිලි සන්නිවේදනයක් ඇති කර ගන්නට විලියම්ට හා කේට්ට උපකාරී වෙලා තියනවා. ඇය නිතරම කියන්නේ දරුවන්ට තමන්ගේ ජීවිතයේ තීරණ ගැනීමට තරම් විශ්වාසයක් හා ස්වාධීන බවක් ඇති වෙන ආකාරයට දරුවන්ව හදන්න ඕනේ කියලායි. 

 

කේට් තමන්ගේ දරුවන්ට සහකම්පනය ගැන උගන්වනවා 

ඇය බොහෝ වෙලාවට පුණ්‍ය කටයුතුවලට වැඩිපුර සම්බන්ධ වීමෙන් සහ අනිත් අයට උපකාර කරන්නට කැමැත්තක් දක්වන්නේ ඒවා දකිද්දී තමන්ගේ දරුවන්ටත් අනුගමනය කිරීමට හොඳ ආදර්ශ බවට පත් වෙන නිසා බව කියනවා. කේට් සැමවිටම පුණ්‍ය කටයුතු සහ පරිත්‍යාග ලබා දීමට දැඩි ඇල්මක් දක්වනවා. විශේෂයෙන්ම පුළුවන් සෑම අවස්ථාවකදීම තමන්ගේ දරුවන් ද එම ක්‍රියාවලියට සම්බන්ධ කර ගැනීමට පටන් ගෙන තියනවා. මේ සමඟම කේට් තමන්ගේ දරුවන්ට උගන්වන්නේ අඩු පහසුකම් තියන අසරණ මිනිස්සුන්ට උපකාර කිරීමේ වැදගත්කම සහ ඔවුන්ගේ රාජකීය පිළිගැනීම ලෝකයට යහපත් දේවල් ලබා දීම සඳහා යොදා ගන්න කියලායි. ඒ නිසා කුඩා කලයේ ඉඳන්ම මිනිස්සුන්ගෙන් කෘතඥතාව හා ගෞරවය හිමි කරගන්න පුළුවන් වෙන බව ඇය දරුවන්ට කියා දෙනවා.

 

කේට්ගේ දෙමව්පියභාවය සෑම විටම ප්‍රශංසාවට ලක් වෙනවා 

විලියම් සහ කේට් නැනී කෙනෙක්ගේ සේවය ලබාගන්නවා. නමුත් ඔවුන් දෙදෙනා ජෝර්ජ්, චාලට් සහ ලුවී යන ඔවුන්ගේ දරුවන්ගේ ජීවිත වලට පුළුවන් සෑම විටම සම්බන්ධ වෙන්නත් වග බලාගන්නවා. ඔවුන් දෙදෙනාම ඉතාමත් කාර්යබහුල පුද්ගලයන් වුණත් දෙදෙනාගේම ජීවිත වල පළමු ප්‍රමුඛතාවය විදිහට සළකන්නේ ඔවුන්ගේ දරුවන් බව පැහැදිලි කරනවා.

 

විලියම් සහ කේට් ආදරණීය දෙමව්පියන්…

ඇත්ත වශයෙන්ම බ්‍රිතාන්‍ය රාජකීය පවුලක උපත ලැබීම කියන්නේ නියත වශයෙන්ම ඉහළම වරප්‍රසාද ලත් ජීවිතයක් තමයි. නමුත් විලියම් සහ කේට් යන දෙමව්පියන්ගේ දරුවන් බවට පත් වීම තරම් රාජකීය බව වටින්නේ නෑ කියලා අනිවාර්‍යෙන්ම ඒ දරුවන් දවසක දැනගනියි කියලයි විචාරකයන් කියන්නේ. ඔවුන් ඒ තරමටම ආදරණීය දෙමවුපියන්. අවුරුදු ගණනාවක් තිස්සේ ඔවුන් දෙදෙනා අම්මා සහ තාත්තා ලෙස ඔවුන්ගේ දෙමාපිය භූමිකාවන් වර්ධනය කරගත්ත ආකාරය ජනතාවගේ ප්‍රශංසාවට ලක් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ දරුවන් සමඟ තියන දෙමාපිය-දූ දරු සම්බන්ධතාවය ඔවුන් දෙදෙනා වයස්ගත වන විටත් ඉතා ශක්තිමත් බැඳීමක් විදිහට වර්ධනය වෙලා තියෙයි කියලායි එරට ජනතාව විශ්වාස කරන්නේ.