සාර්ථක දරුවකුගේ මවුපියන්ට පොදු මේ ලක්ෂණ ඔබ ළඟත් තියෙනවද?

සෑම මවකට පියෙකුටම අවශ් වන්නේ තම දරුවා කරදරවලින් ඈත්ව අධ්යාපන කටයුතු හොඳින් කිරීම, වැඩිහිටියන්ට කීකරුව තමන්ව සතුටට පත් කිරීම වගේම දරුවන්ගේ යහපත්, සාර්ථක අනාගතයයි.

දරුවා සාර්ථකව ඇතිදැඩි කිරීම සඳහා නිශ්චිත ක්රියාපටිපාටියක් නැහැ. ළමා මනෝ විද්යාව ගැන පර්යේෂණ කරන්නන් විසින් මවුපියන් තුළ තිබිය යුතු සහ සාර්ථක දරුවකු බිහිකළ දෙමවුපියන් සතුවන දරුවකු සාර්ථකව ඇතිදැඩි කිරීම සඳහා බලපානු ලබන සාධක කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා

 

ඔවුන් නිවසේ වැඩකටයුතු සඳහා දරුවන් හවුල් කර ගනු ලබනවා

පිඟන් කෝප්ප සේදීම, කුණු ඉවත් කිරීම, නිවස පිරිසිදු කිරීම, තමාගේ රෙදි සේදීම, කාමරය පිරිසිදු කර ගැනීම ආදී වැඩ සඳහා දරුවා එක්කර ගන්නවා. මෙසේ නිවසේ කටයුතු වලට හවුල්වන දරුවන් වැඩිහිටි වයසට එළඹි පසු රැකියා ස්ථානයේදී / ගෘහ ජීවිතයේදී සහකරු හෝ සහකාරිය සමග සහයෝගයෙන් වැඩ කිරීමට පුරුදු වනවා

 

සමාජ කුසලතා වර්ධනයට උපකාර කරනවා

කුඩා කල සිටම සමාජීය සහ චිත්තවේගිය කුසලතා වර්ධනයට (social and emotional skills) උපකාර කිරීමෙන් සෞඛ් සම්පන්න යහපත් අනාගතයක් සඳහා දරුවන් සූදානම් කිරීමේ පියවරක් ලෙස එම දෙමව්පියන් සලකනවා

 

දරුවන් සම්බන්ධයෙන් වන ඉහළ අපේක්ෂාවන්

සාර්ථක දරුවකු බිහිවීමට ඔවුන්ගේ දෙමවුපියන් කුඩා කල සිට ඔවුන්වෙත තබා ඇති ඉහළ අපේක්ෂාවන් මගින් ධනාත්මක බලපෑමක් එල්ල වන බව පර්යේෂණ වලින් හෙළිව තිබෙනවා. විශේෂයෙන් එමගින් අධ්යාපනය වැනි දේ සම්බන්ධව දරුවා කුඩා කල සිටම නිසි කළමණාකරණයක් පවත්වාගෙන ගොස් අවශ් පරිදි අධ්යාපනය ලබාදීමටත් ඔවුන්ට හැකිවනවා.

 

පවුලේ සියලු දෙනා අතර යහපත් අන්තර් සබඳතා පැවැත්වීම

ගැටුම් සහිත පවුල් පසුබිම් සහිත දරුවන්ට වඩා සාමකාමි පවුල් පසුබිමකින් පැවත එන දරුවන් අනාගතයේදී ඉහළ සාර්ථකත්වයක් ලබා ගන්නා බවට හෙළිව තිබෙනවා. සාර්ථක දරුවකු පසුපස සෑමවිටම යහපත් අන්තර් සබඳතා සහිත පවුල් පසුබිමක් තිබීම ඉතාමත් වැදගත්

 

දෙමවුපියන්ගේ ඉහළ අධ්යාපන මට්ටම

සාර්ථක අධ්යාපනයක් සහ සමාජීය කුසලතා සහිත දරුවන්ගේ එම දියුණුව කෙරෙහි දෙමවුපියන්ගේ අධ්යාපන මට්ටමත් බලපාන බව පර්යේෂකයින් පවසනවා. ඔවුන්ට අනුව දරුවාගේ වයස අවුරුදු 8දී දෙමවුපියන්ගේ අධ්යාපන මට්ටම, අවුරුදු 40කට පසු දරුවාගේ වෘත්තීය සහ අධ්යාපන මට්ටමෙහි සාර්ථක හෝ අසාර්ථක බව කෙරෙහි බලපෑම් ඇතිකරනු ලබනවා

 

දරුවා ඉතා කුඩා අවධියේ සිට ගණිත ශාස්ත්රය හුරු කරවීම

කුඩා කල සිට ගණිත කර්මයන් හුරු කරවීම පසු කාලිනව දරුවාට විශාල වශයෙන් වැදගත් වන බව හෙළිදරව් වී තිබෙනවා. විශේෂයෙන් ඉහළ සාර්ථකත්වයක් පෙන්වන දරුවන්ගේ දෙමවුපියන්, දරුවා ඉතා කුඩා කල සිටම සරළව ගණිත ශාස්ත්රය සඳහා හුරු කර තිබෙනවා

 

ඔවුන් දරුවා සමග මනා සම්බන්ධතාවයක් පැවැත්වීම

ඉතා කුඩා කල සිටම දෙමවුපියන් තම දරුවා සමග යහපත් සබඳතාවයක් තබා ගැනීම දරුවා තුළ අධ්යාපන දියුණුවට මෙන්ම ඔහුගේ හෝ ඇයගේ මානසික තත්ත්වයට සහ පෞරුෂ වර්ධනය කෙරෙහි දැඩිව බලපානු ලබනවා. පර්යේෂකයින් පවසන ආකාරයට මුල් ළමාවියේදී දෙමවුපියන් සමග යහපත් සබඳතාවයක් පවත්වා ගැනීම වැඩිහිටි වියේදී දරුවාට ඉහළ ප්‍රතිපල ලබාදෙන බවයි

 

ආතතියෙන් තොරයි

දෙමවුපියන් ඉතා කාර්යබහුල, ආතතියෙන් පිරුණු ජීවිතයක් ගත කිරීම දරුවා සමග වන යහපත් සබඳතාවයට බාධා පමුණුවනවා. විශේෂයෙන් මවුවරුන් අධිකව කාර්යබහුල වීමත්, ඉක්මණින් කෝපයට පත්වීම සහ දරුවන් සමග ගත කරන කාලය අඩුවීම දරුවාගේ මානසික මට්ටම කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කරනු ලබනවා. මවුපියන් සරල, ආතතියෙන් තොර සැහැල්ලු දිවි පෙවෙතක් ගත කිරීම සාර්ථක දරුවකු බිහි කිරීමට හේතු වනවා

 

අම්මලා රැකියාවේ නිරත වීම

පර්යේෂකයින්ට අනුව රැකියාවේ නිරත වන මව්වරුන්ගේ දරුවන් අතර විශේෂයෙන් ගැහැණු දරුවන් අධ්යාපනයට ඉහළ නැඹුරුවක් දක්වන අතර අධ්යාපනයෙන් පසුව රැකියාවල නිරත වීම, මුදල් ඉපයීම වැනි කාරණා අතින් ඔවුන් ඉදිරියෙන් සිට්නවා. එමෙන්ම වැඩකරන මවුවරුන්ගේ පිරිමි දරුවන්ද නිවසේ කටයුතු, බාල සහෝදර සහෝදරියන් රැකබලා ගැනීම වැනි කටයුතු අතින් ඉදිරියෙන් සිටින අතර සියළුම දරුවන් සෑමවිටම මව අනුකරණය කරනවා

 

පස හොඳ නම් ගස හොඳ වනවායන පුරාණ කියමන සනාථ කරමින් සාර්ථක දරුවකු බිහිවීමේ ප්රධාන සාධකයක් වන්නේ ඔවුන්ගේ දෙමවුපියන්ගෙන් ලැබෙන ධනාත්මක බලපෑමයි. එමනිසා ඔබේ දරුවාගේ අනාගත සාර්ථකත්වය කෙරෙහි අද ඔබ ලබාදෙනු ලබන දායකත්වය ප්රමාණවත්ද යන්න ඔබත් අදම සිතන්න