නත්තල් මේසෙට ක්‍රිස්මස් ස්නැක්ස් රෙසිපි – 6

මේක නම් නත්තල් මේසෙටම හරියන ලස්සනම ලස්සන පේස්ට්‍රි එකක්. බලන්නකො හදන හැටි හරි ලේසියි. පොඩ්ඩොත් එකතු කරගෙනම හදන්න පුළුවන්. එයාල නම් හරිම ආසාවෙන් මේකට උදව් වෙයි.

 

පේස්ට්‍රි ක්‍රිස්මස් ට්‍රී

අවශ්‍ය ද්‍රව්‍ය 

  1. පේස්ට්‍රි ඩෝ එක
  2. නුටෙල්ලා හෝ චොකලට් ස්ප්‍රෙඩ්
  3. කෑලි කරගත් ආමන්ඩ් හෝ කජු ටිකක්
  4. බිත්තරයක්
  5. අයිසින් ෂුගර්

 

  • පේස්ට්‍රි ඩෝ එක තුනී කරලා එක හා සමාන ත්‍රිකෝණ හැඩැති නත්තල් ගස් 2ක් කපාගන්න. 
  • දැන් එකක් අරගෙන නුටෙල්ලා හෝ චොක්ලට් සෝස් උඩින් තවරගෙන ආමන්ඩ් ටික ඉසගන්න.
  • අනික් නත්තල් ගස හැඩැති ඩෝ එකෙන් මේක වහගෙන උඩ ඉඳන් හරහට තීරු කපන් එන්න දෙපැත්ත වෙන් නොවෙන විදියට. 
  • දැන් මේකෙ අතු වගේ කොටස් ටික ටික අඹරගන්න.
  • බිත්තරය ටිකක් බීට් කරලා පේස්ට්‍රි එක උඩින් බ්‍රශ් කරලා සෙල්සියස් 200ට විනාඩි 20ක් බේක් කරගන්න. 
  • උඩින් අයිසින් ෂුගර් ටිකක් ඉහළා පිළිගන්වන්න.